, kaviyama therenne ne eken,anthimata hari kamak ne hari theruma danda



"රොස් පරොස් කුමට...විදගනු මැනවි රිසි නම්...මේ බ්‍රහ්මාස්වාදය.."
බ්‍රහ්මාස්වාදය කියන්නේ බ්‍රහ්මයින්ට සාධාරණ වූ ආස්වාදයක්.
බ්‍රහ්ම ලෝක යනු කාම ලෝක නොවේ. ඒ නිසා ඒ ආස්වාදය
විරාගී වූ දෙයක්. එබැවින් බ්‍රහ්මයින් විදිනා ආස්වාදය විරාගී..
එනම් රාගයෙන් තොර වූ ආස්වාදයක්. එය ලැබෙන්නේ
නිරාමිස සැපයක් ලබන්න පුලුවන් නෙක්ඛම්මය තුළින්.
නෙක්ඛම්මය යනු කාමයන් අතහැරීම යි. තවත් විදියකින් කිව
හොත්, එහි උපරිම අවස්ථාව බ්‍රහ්මචාරී ජීවිතය යි. බ්‍රහ්මචාරී
ජීවිත ගත කරන්නා සැබැවින් ම බ්‍රහ්මාස්වාදයෙන් කල් ගෙවයි.
මෙහි පර්දාව අතරින් පේන යුවතියකගේ ඇස් සහිත රූපය
පාඨකයාගේ සිත ඉස්ලාමය පැත්තට දෝලනය කරවන්නක්..!
ඒ නිසා ඒ රෑපයෙන් පෙනෙන දේ ද සමගින් ඔබේ පද පෙල කියවා
මෙවන් අර්ථයක් දිය හැකියි..
පළමු අදහස (මා මේ අදහස ප්‍රිය නොකරමි.)
පර්දාවකින් සගවා ඒ අරාබි යුවතියන්ගේ විසිතුරු බව සොයන
අරමුණු වනසා තිබෙනවා. ඒ වගේ ම තව කෙනෙක්ට පේන්න හැඩ
වෙන්නත් ඔන නැහැ. එකම වර්ණයක ඇදුමක්. ඉතින්...ඇය
විලාසිතා සෙවීමෙන් ඇතිවන ප්‍රශ්න වලින් නිදහස්...අවයව පෙන්වීමෙන්
ඇතිවන ප්‍රශ්න වලින් නිදහස්...සම අව්වට පිලිස්සීමෙන් ඇතිවන
ප්‍රශ්න වලින් නිදහස්...! මෙවන් තවත් බොහෝ වාසි කිබුණොත්...
ඇය විලාසිතා නොකරන්නේ යැයි බණින මිනිසුන්ට කරන ආමන්ත්‍රණයක්
ලෙසට මෙය දකින්න පුලුවන්.
"කුමට ද තවත් ඇනුම් බැනුම්...පැමිණ මා මෙයින් ලබන සැනසීම
අත් දැකලම බලන්න...!"
මෙවන් දෙයක් රූපයත් සමග හිතද්දි කියන්න පුලුවන්.
දෙවන අදහස ( මම මේ අදහසට ප්‍රිය කරනවා)
ඒත් මට ඊට වඩා වෙනස් දෙයක් හිතුනා. මම කැමති ඒ අර්ථයට යි.
සැබවින් ම බ්‍රහ්මාස්වාදය කියන්නේ විරාගී දෙයක්. එය නිවසෙන් පිටට
පමණක් ඇති දෙයක් නොවේ. මොවුන් නිවසේ දී මුහුණ වසා සිටින්නේ නැහැ.
එවිට ඒ විරාගී බව තාවකාලිකයි. ඒ නිසා මම වෙනස් පැත්තක් දකින්න
කැමතියි.
බොහෝ තරුණ පිරිස් බ්‍රහ්මචාරී ජීවිතයට අකැමතියි. "මේ තරුණ කාලෙ
කාමයේ සුවය විදිනු මිස..බ්‍රහ්මචාරී වීමෙන් ඇති පලය කුමක් ද.."
ඒ වගේ ම "මේ තරුණයො මහණ කරල...ජාතිය වද කරනවා.." යනා දී
රොස් පරොස් බ්‍රහ්මචාරී ජීවිතයට සමාජයෙන් ඉලක්ක වන දේවල්..!
මම මැය (රූපයේ ඇති තැනැත්තිය) දකින්නේ බ්‍රහ්මචාරී තැනැත්තියක්
ලෙසටයි. ඇගේ ආවරණය පර්දාවක් නොවේ. එය කිසිවකුට නොපෙනෙන
කලු පාටක්. පසු බිමත් කලුයි. ඒ කලු පාටින් සියල්ල වැහිලා. ඇස් පමණයි
පේන්නේ. ඒ කියන්නෙ කිසිවෙකුට ඇයව දකින්න බැහැ. නමුත් ඇයට
අනිත් අයව දැකගන්න පුලුවන්. ඇය අනිත් අය සම්පුර්ණයෙන් ම දකිනවා.
අනිත් අය ඇයව සම්පුර්ණයෙන් නොදැක ඇයට බනින්නේ ඇය බ්‍රහ්මචාරී නිසයි.
ඒ අය නොදකින්නේ ඇය ආවරණය කිරීමට ඇය අසල ඇති සීලය යි.
සීලය බාහිරට පේන්නෙ නැහැ. එය යි කලු පාටින් කියන්නේ. නොවැසූ
සිරුරු සහිත (එනම් දුස්සීල ) මිනිසුන් ඇය හොදින් දකිනවා. ඒ අය ඒ සිරුරු
කාමයේ යොදවා දුක් විදින හැටිත් දකිනවා. එසේ දුක් විද විද...බ්‍රහ්මචාරීව වෙසෙන
තමන්ට රොස් පරොස් කියන මිනිසුන්ට ඇය මෙසේ අමතනවා..!
"බැන බැන ඉන්නෙ නැතිව කැමති නං ඇවිල්ල බලන්න...මේ කාමයන්ගෙන්
වෙන් වෙලා මම ලබන සැප (බ්‍රහ්මාස්වාදය) කොයි තරම් ද කියා...!"
මේ පසු ව බ්‍රහ්මචාරී වූ...යශෝධරා ප්‍රජාපතී වැනි උතුම් කතක් වැනි කෙනෙක්
සමාජයට බ්‍රහ්මචාරී වීමේ සැපය විදින්නට..කැමති නම් පැමිණෙන්න යැයි කරන
ආරාධනාවක් කියලයි මම හිතන්නේ..!
දිලක්ෂිකා සොයුරි කුමක් හිතුවද දන්නෙ නැහැ. ඒත් මම කැමති මේ දෙවැනි
අදහසට. මම මීට පවින් පිරුණ පර්දාවක් ගාවන්න කැමති නැහැ.මේ කවිය මාතුළ
ඇති කළ ආස්වාදය නිසයි මෙපමණ ලිව්වෙ.
මේ මම කවියකට ලියූ දිගම අදහස යි. ඇත්තට ම මම මේ දෙවැනි අදහස ඔබ
ඉදිරිපත් කළා නම්....අව්‍යාජයෙන් ම සියුම් සතුටක් ලබනවා. වර්තමාන කාන්තා
පරපුර නියෝජනය කරන ඔබ වැන්නෙකුට මෙවන් ගාම්භීර අදහසක් පහළ වීම පිළිබද ව.
ඔබට සුභ පැතුම්...අයියණ්ඩි නිර්මාණය රසවින්දා...!
ජය....!
අයියණ්ඩි
![]()

මට පුදුමයි...........හරිම පුදුමයි...මෙය විය හැක්කද්ද ?
කොහොමද ඔබ මගේ හිත කියෙව්වෙ ? හරියටම ?![]()






මෙය කීප විදිහකට හිතන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ.
කළු පාට රෙද්දකින් වැහිච්ච ගුලියක් දැක්කට අපිට කිසිම හැඟීමක් ඇති වෙන්නෙ නැහැනේ. එතකොට අපිට ඇතිවන ආස්වාදය බ්‍රහ්මාස්වාදය කියලා හිතන්න පුළුවන්.
තව අතකට තමන්ගේ ඇඟේ කොටසක් කවුරු හරි වැරදි, නැත්නම් රාගික හැඟීමක් ඇතිකරගත්තොත් ඒක තමාගේ පතිවතට හානියක් වෙයි කියලා හිතලා මේ කාන්තාව(දිල් නොවෙයි) මේක ඇඳලා තියෙනවා නම් එයා ඒකෙන් බ්‍රහ්මාස්වාදයක් විඳිනවා වෙන්නත් පුළුවං.
නැත්නම් අර රොන් අය්යා කියපු කාරණය.
හිතන්න පැති ගොඩාක් තියෙන නිර්මාණයක අගය වැඩියි දිල්. කට්ටියට අදහස් පළ කරන්න දීලා පස්සේ ඔයාගෙ අදහස කිව්වොත් හොඳයි කියලයි මං හිතන්නේ.
නිර්මාණය අපූරුයි.

hmm.. matanam me nirmane sagawuna amuthek hoyanna karana igiyak wage...
subapatum sis..aluth hadayak gattha kaviyak!!
ස්තුතියි ඔබේ අදහසට සහෝ
මේ නිර්මාණයේ තේරුම දැන් කියවන්න පුළුවන්.......

godak sundara nirmanayak ayyandiyage comment ekath ekka balanakota..pic eka man hitanne api godak denek nomaga yauwa a adupaduwath me kaviye arthayath ayyandi wadi karala..subapatum oba dedenatama....!!attama kiyanawanam matath meka meter une ne! muslim genun ta oya peththa denenawa wedi mokada ae gollonta risi se hengeem pita karaganna beri nisa!
nirmaanaya terune nethi nisa nirmaanaya gena denma adhasak prakaasha kala noheka!
Well since I am forced to believe that this piece of writing is about Arab woman, let me do some myth-busting
Closed women are not super horny as you describe them to be. It has been prescribed in the Qu'ran for the best of human kind.
You want to take up talks on this>?




Before that, tell me, whats Brahmawaswadaya
Brahmawaswadaya + විරාගී ආශ්වාදය
do u hv any other meaning of that ?
I'm sorry but whats that?