..හොඳ ලමයා -නන්දා මාලිනී...
එස්. මහින්ද හාමුදුරුවන් ලියාපු මේ සරල, රසවත්, අර්ථවත් කවි පන්තිය චූටි පැටවුන්ට විතරක් නෙවේ ලොකු අයටත් වටිනා පනිවිඩයක් කියනවා කියල මට හිතෙනවා..
පාට සුවඳ එක වගේ..
පිපෙන රෝස මල වගේ..
කීකරු පොඩි ලමයගේ ..
කවුරුත් පවසති අගේ..
මව්පියන්ට ගුරුවරුන්ට..
ගුණවත් වැඩිමහළ්ළන්ට..
කීකරු වන පොඩිත්තන්න්ට..
පුලුවනි ලොව බබළවන්ට..
පොතට පතට හිත දීමයි..
හැකි තරමින් ඉගෙනීමයි..
කාගෙත් සිත් පිනවීමයි..
මේ ටික අපෙ පැවතීමයි..
ගෙඩි මල් කොල තිබෙන ගහ
සැලෙන ලෙසින් එහා මෙහා..
හොඳ ලමයා නොව තරහා..
අවවාදෙට නැමෙයි වහා..
මල්වල සුමිහිරි පැණී..
ඇද බොන බඹරා මෙනී..
හොඳ ලමයා නුවණිනී..
හොඳ දේ තෝරා ගනී..
bohoma sthuthi nango mamath gannawa

මධූ ඔයා..
