ෆොන්සේකා මහතාට සමාව දී ඔහුව නිදහස් කරන්නැයි මහනාහිමිවරු කියති. නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඝෝඨාභය රාජපක්ෂ, වසන්ත කරන්නාගොඩ, ශවේJද්‍ර සිල්වා, ප්‍රසන්න සිල්වා, කමල් ගුණරත්න, චාගී ගාල්ලගේ, ජගත් ඩයස් ඇතුලු මෙකී නොකී ජනතාවගේ මහත් ආදරයට ලක්වී සිටින සියළු රණවිරුවන් පෝරකයට යෑවීමට සරත් ෆොන්සේකා ජාත්‍යන්තර යුද අධිකරණයකදී සාක්ෂි නොදෙන බවට ගරු මහනාහිමිවරුන් රටට දෙන සහතිකය කුමක්ද? සරත් ෆොන්සේකා විසින් ජාත්‍යන්තර යුද අධිකරණයකදී පවසන දේ බොරු වුවත් ඇත්ත වුවත් බටහිර බලවේග ඒ සියල්ල පිළිගන්නේ ඇත්ත හැටියටය. යුරෝපයේ වෙසෙන කොටි හිතවාදී දෙමළ සංවිධාන හා පුද්ගලයන් ලංකාවේ සිදුවන යුද අපරාධ හා මානව අයිතීන් උල්ලංඝනය කිරීම් ගැන යෑවූ පෙත්සම් ඇත්ත හැටියට පිළිගෙන ඒ අනුව ලංකාවට දඬුවම් නියම කිරීමට යුරෝපා කොමිසම සූදානමින් සිටින්නේ නම් සරත් ෆොන්සේකා වැනි හමුදා නිලධාරියෙක්ම යුද අපරාධ ගැන දෙන සාක්ෂි ඔවුන් හිස් මුදුනින් පිළිගන්නා බවට කිසිදු සැකයක් නැත. ඡන්දයෙන් බිම දැමීමට නොහැකි වූ මෙම ආණ්ඩුව බිම දමා ගැනීමට ජාත්‍යන්තර යුද අධිකරණය ෆොන්සේකා මහතා පාවිච්චි නොකරාවි යෑයි ගරුතර මහනාහිමිවරුන් රටට සහතික වන්නේ කෙසේද? සරත් ෆොන්සේකා මහතා රට ජාතිය පාවා නොදෙන මෙන් කියමින් සංඝ ආඥවක් වත් මේ වනතුරුත් ප්‍රකාශයට පත්වී නැත.
http://www.divaina.com/2010/02/15/feature01.html
http://www.divaina.com/2010/02/15/feature01.html
