SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මේකත් අහලා බලන්න. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගයපු තවත් අපූරු ගීතයක්.

පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූදරුවන් හිනැහී ඇතිදෝ....
උන්ගේ හිත රැඳි කඳුල මකන්නට මවුනට කවදා හැකිවේදෝ...



 

Madhubala

Member
Jun 12, 2009
393
1
0

සඳ , හිරු අතර වන, මේ අපූරු සංවාදයට ඉඩක් ලැබුනු විටෙක විවේකීව සවන් දෙන්න..

..සඳ මම නම් -පන්ඩිත් අමරදේවයන් සමඟ සමිතා මුදුන්කොටුව..

සඳ මම නම් හඳපාන ගලායන සඳලු තලාවේ..
මම දුටුවෙම් සත් ගුමු පියුමින් බබලන රංග ලතාවන්..
හිරු මම නම් ඉරපාන ගලායන වීදි අගු පිලේ..
මම දුටුවෙම් ප්‍රානය ගැහෙනා දුගීවූ අසරණ මිනිසුන්..

නැග ඉන්ද්‍ර දිගින් ඔබ හිරු තෙද රැස් පතුරායා..
සැදි නන්බරණින් ඔබ සඳ කොමලී බබලායා..
ඔය දැඩි ගිනි රැස් හකුලාගන් පන රඳවා ගැන්මේ
වෙහෙසෙන් හති හලනා දුහුලන් ,දුගියන්, අසරණයින් නොපෙලන්

නෙක තරු සහසක් සොමි කැල්මෙන් පරඳන බිසවුන්
දැක දස බිම්බරසෙන් නොසැලුනු සූරිය නිරින්දුන්
පෙම් රජ දහනට ඔබ පායන් සිප බඳ කොමලතිනේ
මුව මී පොවා පියා,ආලිංගනයෙන් මත් වූවන් සනහන්..

සැමට විවේකී, සුවබර ඉරිදාවක්!

කටේ කිරි සුවඳ යන්නට
ධර්මදාස වල්පොල
( මුල් ගීතය )



කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා


යුධට උපන් කුමරිඳූ යැයි නමක් ඇතිවුණා


මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැරවුණා


ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා ...





meka mama gaththe me thread ekenmaii​

Thilzz, TearDrop සහ sandun thilaka ඔබ තිදෙනාට බෙහෙවින්ම ස්තුතියි.
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0
SENEHASA BIDUNAIE




SWARNALATHA KAVISHWARA


ගල් අරනේ හැංගෙන්නා..
උන් රහසේ ලංවෙන්නා..
මා පුතු අල්ලන් යන්නයි..
නෑ එන්නට දෙන්නේ
මා පුතු ලඟ ඉන්නේ..
නාඬා නිදියන්නේ..

සඳුන් වනේ මල් නෙලනා..
සුරංගනාවෝ..
සුවඳ දොවා ඇල් පවනේ..
පුතුට ගෙනාවෝ..

සිඟිති නෙතේ කැකුලු මුවේ..
මැවෙන සිනාවේ..
සසල ලොවේ නිමල සුවේ..
සිතට උදාවේ..

..නීලා වික්‍රමසිංහ - ගල් අරනේ හැංගෙන්නා..

සිත පහන් කරන ගීතයක්..

දවසේ වැඩ කටයුතු අතර, පුංචි ඉඩක් ලද වෙලාවක,මේ රසවත්, අහිංසක, සරල දෙබස අහන්න..

කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය
අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

ඔබේ ලසෝ ගිනි තැවුල් නිවලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන
මදෙස බලා ඉනු මැන කරුණාවෙන
එයයි මගේ ගිනි නිවන නවාතැන

දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිලිසරණ පතන්නෙද
දෙපා සතුන් ගෙන් බැට කන මාහද
ඔබේ සරණ නිබඳව නොසොයාවිද

...කියන්න මගෙ සුදු - වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී..

සැමට ප්‍රබෝදමත් දවසක්!




" සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා රස පේනා..."​



රුක්මණී දේවියන් සමග ?

යාළුවෝ ටික මට සමාවෙන්න මගේ නොදැනුවත්කමට...




" ස්ථීර ආලේ..."​




රුක්මණි දේවියන්

Pem Kekula Pipee - Original

Latha Walpola

http://www.sendspace.com/file/q5qerv

kkumara55, teardrop, Mindada hee sara, සහ dhilruk ඔබලාට ස්තුති වේවා!
 
Last edited:
Status
Not open for further replies.