මං තනි නෑ.... | I am not alone

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අපි හුඟ දෙනා හිතනවා අපිට කවුරුත් නෑ අපි තනි වෙලා. අපි ගැන කවුරුත් හොයන්නේ නෑ අපි ගැන කවුරුත් බලන්නේ නෑ කියලා...

ඒත් අපි හොඳට හිතුවොත් අපි වටේ බොහෝ දෙනා ඉන්නවා...
සමහරු අපිට වරදින්නේ කොතනද කියලා බලන් ඉන්නවා....
..... වැරදි වලට හිනා වෙන්න
වගේම
..... වැරදි නිවැරදි කරන්නත්...

සමහරු ආදරයෙන් බලා ඉන්නවා අපේ ජයග්‍රහණ දිහා....

වැදගත් ම දේ අපි තනිවෙලා නෑ.....

picture.php

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගොඩාක් අපි වටේ රැස් කකා හිටියට ඕනෙම වෙලාවට අපි ලඟින් ඉඳිවී කියල හිතපු අයම අහක බලා ගත්තු අවස්ථා මගෙ ජීවිතයේ නම් එමට තියෙනවා..ඒත් මං තවම ඒ අයට මට හැකි හැමදේම එදා වගේම කිසි වෙනසක් නැතුව පුලුවන් උපරිමයෙන් කරනවා..

සමහර වෙලාවට මෙහෙමත් වෙනවා..බලාපොරොත්තු වෙච්ච ලඟින්ම දැවටි දැවටි හිටිය අයට වඩා කොහේදෝ අපි නොදන්න කෙනෙක් ඇවිත් අපේ තනිය මකනවා ජීවිතයට නොමියෙන සලකුනකුත් එක් කරමින්..

අපුරුම නිමිත්තක් මල්ලියා අද නිර්මානයෙන් සංවාදයට බඳුන් කරලා තියෙන්නේ...

අති සාර්ථක සරල එහෙත් යථාර්තයම ඉස්මතු කරන පද පෙලක්..

විශිෂ්ඨයි මල්ලියා..

ඔබට ජය.....
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මල් සමයේ ලස්සන සමනලුන්, පැණි බොන කුරුළු කිරිළියන්, අනින මී මස්සන් දෙබරුන්
පල ඇති කල පල රකින්න උත්සුක වූ ප්‍රියයන්, හොටින් කොටන උන්, පොලු පහර දෙන කොලුගැටව්, පල නෙලන්න කූඩ, කරත්ත හා ලොරිගනන්
කොළ හැලෙන කල අව්ව්ට වැස්සට කලින් සෙවන ගත් අයත් විරිත්තලා යන, ආයෙත් දළුලා එනකල පල දරාවි කියා සිතන ප්‍රියයන්
කොළ, මල්, පල නැති කල දරදඩු ගසේ සෙවන අඳින දැවෙන හිරු රැස්
වියලී ගිය ගස රැගෙන යන මාන බලන පොරෝපාල
එනිසා කවදත් වටාපිටාව පිරිලා!

ගස වගේම නේද මිනිසුන් වූ අපිත්, කවදත් තනි නෑ අඩුම තරමින් දැවෙන හිරු රැස් තියෙන තුරු සෙවනැල්ලවත් ලඟ ඉන්නා තුරු තනි නෑ...

ගොඩාක් අදහස් ගෙනෙන සිතුවිල්ලක්, අපූරුයි සහෝ
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇත්තමයි...මේ ලගදිත් මට එක සොහොයුරෙක් ඔය කතාවම කිව්ව චතුර...
අපි තනිවෙලා කියලා හිතුවට අපි වටේ කොයිතරම් අය ඉන්නවද ? අපි දකින්නෙත් නැතුව

අපූරු අදහසක්
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
සොබා දහමට අාදරය කරන කවුරුවත් තනිවෙයි කියල හිතන්න බැහැ චතුර. ඒ කොහොම උනත් අපි ලොවට දෙන දෙයට අාපිට යමක් අපිට ලැබෙනව මයි. සමහර වෙලාවට අපි නොහිතන කෙනක් නොසිතන විටක කරන පුංචි හරි උදව්වක් වෙන්න පුළුවන් ඒක. ගොඩක් හිතන්න පුළුවන් නිර්මානයක්. ඔබට ජය!
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ගොඩාක් අපි වටේ රැස් කකා හිටියට ඕනෙම වෙලාවට අපි ලඟින් ඉඳිවී කියල හිතපු අයම අහක බලා ගත්තු අවස්ථා මගෙ ජීවිතයේ නම් එමට තියෙනවා..ඒත් මං තවම ඒ අයට මට හැකි හැමදේම එදා වගේම කිසි වෙනසක් නැතුව පුලුවන් උපරිමයෙන් කරනවා..

සමහර වෙලාවට මෙහෙමත් වෙනවා..බලාපොරොත්තු වෙච්ච ලඟින්ම දැවටි දැවටි හිටිය අයට වඩා කොහේදෝ අපි නොදන්න කෙනෙක් ඇවිත් අපේ තනිය මකනවා ජීවිතයට නොමියෙන සලකුනකුත් එක් කරමින්..

අපුරුම නිමිත්තක් මල්ලියා අද නිර්මානයෙන් සංවාදයට බඳුන් කරලා තියෙන්නේ...

අති සාර්ථක සරල එහෙත් යථාර්තයම ඉස්මතු කරන පද පෙලක්..

විශිෂ්ඨයි මල්ලියා..

ඔබට ජය.....

ඔයාගේ විචාරය හරියට ම හරි අයියා... ජීවිතය පුදුමාකාරයි කියන්නේ ඒක වෙන්න ඇති... සැපේ දී ට වඩා දුකේ දී ලං වෙන යාළුවෝ කොයි තරම් දුලබ ද? ඒත් අපේ සමාජයේ එහෙම අය ඉන්නවා... මට නම් එහෙම යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා... ඒත් ඔවුන්ව රැක ගන්න එක ටිකක් අමාරුයි.. මොකද ඔවුන් අධි සංවේදී මිනිසුන් නිසා.... අයියට වෙලාවක් තිබුනොත් මේ බ්ලොග් සටහන බලන්න. ස්තුතියි අයියා....
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මල් සමයේ ලස්සන සමනලුන්, පැණි බොන කුරුළු කිරිළියන්, අනින මී මස්සන් දෙබරුන්
පල ඇති කල පල රකින්න උත්සුක වූ ප්‍රියයන්, හොටින් කොටන උන්, පොලු පහර දෙන කොලුගැටව්, පල නෙලන්න කූඩ, කරත්ත හා ලොරිගනන්
කොළ හැලෙන කල අව්ව්ට වැස්සට කලින් සෙවන ගත් අයත් විරිත්තලා යන, ආයෙත් දළුලා එනකල පල දරාවි කියා සිතන ප්‍රියයන්
කොළ, මල්, පල නැති කල දරදඩු ගසේ සෙවන අඳින දැවෙන හිරු රැස්
වියලී ගිය ගස රැගෙන යන මාන බලන පොරෝපාල
එනිසා කවදත් වටාපිටාව පිරිලා!

ගස වගේම නේද මිනිසුන් වූ අපිත්, කවදත් තනි නෑ අඩුම තරමින් දැවෙන හිරු රැස් තියෙන තුරු සෙවනැල්ලවත් ලඟ ඉන්නා තුරු තනි නෑ...

ගොඩාක් අදහස් ගෙනෙන සිතුවිල්ලක්, අපූරුයි සහෝ

විස්තරාත්මක අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි සහෝ...
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඇත්තමයි...මේ ලගදිත් මට එක සොහොයුරෙක් ඔය කතාවම කිව්ව චතුර...
අපි තනිවෙලා කියලා හිතුවට අපි වටේ කොයිතරම් අය ඉන්නවද ? අපි දකින්නෙත් නැතුව

අපූරු අදහසක්

ස්තුතියි දිල්...
එය අපේ හොඳට වගේ ම නරකටත් වෙන්න පුළුවන්...
:lol::lol:
 
  • Like
Reactions: ZurieL

nwnbs

Member
මේක නම් නියමයි... ඇත්ත. අපි තනිවෙලා කියල හිතුවට අපි වටේ කොයිතරම් නම් දෙනා ඉන්නවද... අපි ගැන ඇත්තටම හිතන... අපේ දියුණුවම පතන... බොහොම අපූරු නිර්මාණයක් යාළුවා... ඔබට සුබ පතනව ඉදිරියටම යන්න... :)
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සොබා දහමට අාදරය කරන කවුරුවත් තනිවෙයි කියල හිතන්න බැහැ චතුර. ඒ කොහොම උනත් අපි ලොවට දෙන දෙයට අාපිට යමක් අපිට ලැබෙනව මයි. සමහර වෙලාවට අපි නොහිතන කෙනක් නොසිතන විටක කරන පුංචි හරි උදව්වක් වෙන්න පුළුවන් ඒක. ගොඩක් හිතන්න පුළුවන් නිර්මානයක්. ඔබට ජය!

ඔබේ අදහස ඉතා පැහැදිලියි... ඒ වගේම හරි... මටත් ඕනි වුණේ ඔය දේ එලියට ගන්න... ගොඩාක් ස්තුතියි...චන්දි..
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඒක නම් ඇත්ත.
ගොඩක්ම බය හිතෙන්නෙ අපිව වට්ටන්න යන අය ගැනයි.

හොද නිර්මාණයක්.
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
api thani naa kiwwata ayye samahara welawata ehema thani unawage hageemak enawa, ehema welawata hoda yaluwek hari eyata pihita wenna one, ath e sameepa wena aya gananam tikak hithanna wenawa.mokada ada godak aya enne taman watuna thanin tawath pallehata adala danna hadana aya.

lassanai ayye oyage nirmanaya, oyata jaya pathanawa.mama oyage me blog eka kiyawana gaman.