ඕක අද නූතන සමාජය තුල තිබෙනා එක් ප්රබල සංසිද්ධියක්..අපි කාට හරි උදව් කරන්න හදවත ඇරලා අත උඩ තියල පෙන්නුවම ඒ අය හිතනවා මෙන්න කදිම අවස්ථාව මේ කෙනාව බාගන්න එහෙමත් නැත්නම් ගෙඩි පිටින්ම ගිලල දාන්න කියල...
මිනිස් සිත් ක්රියා කරනා අන්දමට සාපේක්ෂව එහි ඇතුලාන්තයෙන් අපටත් නොදැනිම ගලනා එන්සයිම දහරාවන්ගේ සැරිසැරීම අඩු, වැඩි, හොඳ, නරක අතරේ දෝලනය වෙමින් අපිව අමනුස්සයෝ එහෙමත් නැත්නම් කන්න දුන්න අත හපා කනවා වගේ ක්රියාකාරකම්වලට යොමු කරවනු ලබනවා..
ඒක තත්පරයෙන් තත්පරයට වෙනස්වන මිනිස් සිතක පුහුදුන් ක්රියාවලියක් කියල සිතින් බැහැර කිරීම හා ඉන් මතුවට එවැනි ඉදිරිපත්වීම්වලදී දෙවරක් සිතා බැලීම ආදී දේ ගැන තමා අපි සැලකිලිමත් විය යුත්තේ...
ඉතා අගනා කාටත් හිතන්න ඉඩ දුන්න කදිම නිර්මානයක්...
ඔබේ නිර්මාන ප්රගතිය හා ඒ සඳහා ඔබ දැන් දැන් ඇසුරු කරනා ඉසව් ගැන මම මහත් සේ සතුටු වෙමි..
ඔබ ඉදිරියට යා යුතුම හා නිර්මානකරණයේ නිරතුරුව රැඳී සිටිය යුතුම සහෝදරියෙකි..
ඔබට ජය...