You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කනගාටු නැද්ද?
තම බිරිඳ මිය ගොස් ටික දිනකට පසු ඇය රක්ෂණය වී සිටි සමාගමට බණ්ඩාර ගියේ එම රක්ෂණ මුදල ලබා ගැනීම පිණිස ය.
“ඔබේ බිරිඳ ගෙ හදිසි මරණය ගැන අහලා අපේ සමාගම බොහෝ ම කනගාටු වුණා” පිළිගැනීමේ නිලධාරිනිය ඔහු පිළිගනිමින් හැඟීම්බරව කීවාය.
“කනගාටු නැද්ද? රක්ෂණය වෙලා මාස දෙකෙන් ලක්ෂයක් ගෙවන්ඩ වුණාම? බණ්ඩාර පිළිතුරු දුන්නේ ය.
ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්ඩ 
පිට අනතුරු
පිට අනතුරු
අජිත් සේවය කළේ පිඟන් භාණ්ඩ නිපදවන කම්හලක ය. ඔහු දිනක් උදෑසන තම කම්හලේ ප්‍රධානියා හමු වී මෙසේ කීය.
“සර් මං ගිය සුමානෙ කසාද බැන්දා. මගේ පඩියෙන් දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි සර්. මගෙ පඩිය ටිකක් වැඩි කරල දෙන්න බැරිද?”
“බොහොම කනගාටුයි. වැඩ පොළෙන් පිට දී වෙන අනතුරු ගැන අපිට වග කියන්ඩ බැහැ.” ප්‍රධානියා පිළිතුරු දුන්නේ ය.

ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්ඩ 
නැගිටින්නේ කවුද?
නැගිටින්නේ කවුද?
නිලූකාට අලුතින් ලැබුණු දරුවා බැලීමට වසන්තා ගියේ තෑග්ගකුත් තුරුළු කර ගෙන ය.
“රෑට ඔය ගොල්ලන්ගෙ බබා නැගිටලා අඬන කොට කලින් නැගිටින්නේ ඔයාද එහෙම නැත්නම් ඔයාගෙ මහත්තයද?” වසන්තා ඇසුවේ නින්දේ සිටින කුඩා දරුවා දෙස බලමිනි.
“අපි දෙන්නම නෙමෙයි අනේ. අල්ලපු ගෙදර කට්ටිය” නිලූකා කීවේ සිනාසෙමිනි.
ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්ඩ 
දින පොත නරකද?
දින පොත නරකද?
“ඔයාට හිතෙන්නේ නැද්ද අරුණ. මම නවකතා පොතක් වුණා නම් හොඳයි කියල? නිශාන්ති අරුණගේ මුහුණට එබෙමින් ඇසුවේ ප්‍රේමණීය බැල්මක් ඔහු වෙත හෙළමිනි.
“ඒ ඇයි” අරුණ ඇසුවේ ගිණුම් ලේඛනයෙන් තම දෑස් ඉවතට ගනිමිනි.
“ඇයි අනේ එතකොට ඔයාට හැම වෙලාවකම මාව ළඟ තියාගෙන ඉන්න පුළුවන්නෙ.” නිශාන්ති කීවේ ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් තොදොල් වෙමිනි.
“ඒකනම් ඇත්ත තමයි... ඒ වුණාට මං කැමැතියි ඔයා දින පොතක් වුණා නං...” අරුණ කීවේ චෙක් පොතේ පිටු පෙරළමිනි.
“ඒ මොකද අනේ...?” නිශාන්ති එවර ඇසුවේ කුතුහලයෙන් තොදොල් වෙමිනි.
“නෑ එතකොට මට අවුරුද්දක් ගානෙ මාරු කරන්ඩ පුළුවන් නෙ...” අරුණ කීවේ චෙක්පොතත් ගිණුම් ලේඛනයත් අතට ගෙන නැගිටමිනි.

ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්ඩ 
දෙන්නම ඩාලිංලා
දෙන්නම ඩාලිංලා
“අනුලා එයාගෙ මහත්තයටයි ගෙදර හදන හුරතල් බල්ලටයි, දෙන්නටම කතා කරන්නෙ ඩාලිං කියලලු, අනේ” තරංගා කීවේ දිනක් කාර්යාලයේ දී දිවා ආහාර ගනිමින් සිටියදී ය.
“ඉතින් අනේ ඒකෙන් අවුලක් ඇති වෙන්නෙ නැද්ද?” චම්පා ඇසුවේ පුදුමයෙනි.
“නෑ අනේ. බල්ලට කතා කරන්නේ බොහොම ආදරෙන්ලු නෙ.” චම්පා පෙරළා පිළිතුරු දුන්නීය.

ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්ඩ 
ඔන්න ඔප්පු කළා..ජය!

ඔන්න ඔප්පු කළා..ජය!
ස්තුතියී යහලුවා 
ThanX, Yahaluwa... 
එළ එළ...

පට්ට ජෝක්ස් ටික...
++REP 