ඈත් කරමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ක්ෂණික ආහාරවලින් දරුවන් ඈත් කරමු


    ලොව දිනන්නේ දරුවන්ය. සෑම දෙමව්පියන්ගේම බලාපොරොත්තුව සිය දරුවන්ගේ ජයග්‍රහණයයි. ඒ සඳහා ඔවුන්ට නිසි පෝෂණයක් ලබාදීම වැඩිහිටියන්ගේ වගකීමයි.





     
    • Like
    Reactions: nrjayasinghe

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෝෂණය යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද?

    ආහාරවලින් ලැබෙන පෝෂණයට පමණක් මෙහිදී අවධානය යොමුකළ නොහැකියි. දරුවන් කායික, මානසික හා සමාජීය ලෙස පෝෂණය වීම වැදගත්. කායික හා මානසික පෝෂණය සඳහා පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම වැදගත්. පත පොත කියවීමෙන් යහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් සහ වැඩිහිටි ඔවදන් පිළිපැදීමෙන් සමාජීය වශයෙන් දරුවන් පෝෂණය වෙනවා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලංකාවේ දරු පරපුර හා පෝෂණය අතර ඇති සබැඳියාව කෙබඳු ද?

    මෙරට දරු පරපුර ප්‍රධාන වශයෙන් නාගරික හා ග්‍රාමීය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. මේ කාණ්ඩ දෙකේ පෝෂණ මට්ටම අතර වෙනසක් දකින්න පුළුවන්. වැඩිහිටියන්ගේ දැනුම, මිලදී ගැනීමේ හැකියාව, පවුලේ සාමාජිකයන් ගණන අනුව දරුවන්ගේ පෝෂණ මට්ටමේ වෙනස්කම් දකින්න පුළුවන්.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දරුවන්ට සමබල ආහාර වේලක් ලබා දීමේ වැදගත්කම කෙබඳු ද?

    බොහෝ වැඩිහිටියන් හිතන්නෙ මස්, මාළු, බිත්තර වැනි දෑ දරුවන්ගේ ආහාර වේලට එක් කළ විට එය පෝෂ්‍යදායී ආහාර වේලක් කියා. සත්ත්ව ප්‍රෝටීන් පමණක් සමබල ආහාර වේලකට ප්‍රමාණවත් නැහැ. සමබල ආහාර වේලක විටමින් ඛණිජ ලවණ වැනි පෝෂ්‍යපදාර්ථත් අඩංගු විය යුතුයි. ධාන්‍යමය ආහාර සහ පලා වර්ගත් සමබල ආහාර වේලකට එක් කළ යුතු වන්නේ ඒ නිසා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දරුවන්ගේ වර්ධනයත් ඔවුන්ගේ ආහාර අතරත් ඇති සබැඳියාව කෙබඳු ද?

    ඒ වයස් කාණ්ඩ අනුව දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීම ඉතා වැදගත්. ප්‍රධාන ආහාර වේල් තුන අතරෙහි අමතර ආහාර ලබාදීම යෝග්‍යයි. දරුවන්ගේ ප්‍රතිශක්තිය හා මනස වර්ධනයට මෙසේ පෝෂ්‍යදායි ආහාර ලබාදීම වැදගත්. අතුරුපස ලෙස ඉදුණු පලතුරු දරුවන්ට ලබාදිය හැකියි. එය ඔවුන්ගේ නිසි පෝෂණයට උපකාරී වෙනවා. මීට දරුවන් හුරු පුරුදු කිරීම දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීම.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වත්මන් දරු පරපුර ක්ෂණික ආහාර වර්ගවලට ආකර්ෂණය වීමක් දකින්න පුළුවන්. මේ තත්ත්වය ගැන යම් පැහැදිලි කිරීමක් කළොත්?


    ක්ෂණික ආහාර බොහෝ විට කලින් පිසින ලද ඒවා. සොසේජස්, ටින් කෑම, නූඩ්ල්ස් වර්ග වැනි දේ මීට උදාහරණ. මෙවැනි ආහාර වර්ගවලින් දරුවන්ට නිසි පෝෂණය ලබාගැනීම අපහසුයි. මේවා නිතර ආහාරයට ගැනීමෙන් දරුවන් විවිධ රෝග තත්ත්වයන්ට මුහුණ දෙනව. දරුවන් ක්ෂණික ආහාරවලින් ඈත්කර ස්වභාවික ආහාරවලට හුරුකළ යුතුයි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දරුවන් වැරැදි ආහාර පුරුදුවලට යොමුවන්නේ ඇයි?

    දෙමාපියන්ගේ කාර්යබහුලත්වය මීට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ වෙළෙඳ ප්‍රචාරක දැන්වීම් මඟින් ආහාර හා පෝෂණය පිළිබඳව වැරැදි වැටහීමක් ඇති වෙනව. මෙමඟින් දරුවන් වැරැදි ආහාර පුරුදුවලට ආකර්ෂණය විය හැකියි. නමුත් දෙමාපියන්ගේ වගකීම වන්නේ මෙම වැරැදි ආහාර පුරුදුවලට දරුවන් යොමුවීම වැළැක්වීම. කාලය නිසි සේ කළමනාකරණය කළොත් දරුවන්ට සමබල ආහාර වේලක් සකසා දීම කාර්යබහුල වැඩිහිටියන්ට වුණත් ගැටලුවක් නොවේවි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමබල ආහාර වේලකට දරුවන් ආකර්ෂණය කරන්නේ කොහොම ද?

    මෙහිදී මූලික වන්නේ ආහාරවල පි‍්‍රයමනාප බව වැඩි කිරීම. ඒ සඳහා එකම ආහාරය විවිධ ලෙස සැකසීම වැනි දේ කළ හැකියි. නිදසුනක් ලෙස ගොටුකොළ ගතහොත් එය මැල්ලුමක් හෝ සලාදයක් ලෙස ආහාරයට ගන්න පුළුවන්. මෙලෙස සකනස ලද ආහාරයන්ට දරුවන් වැඩි කැමැත්තක් දක්වාවි. එමෙන්ම ස්වභාවික ආහාරවලට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතුයි. ආහාරවල ප්‍රමාණාත්මක බව වගේම ගුණාත්මක බව පිළිබඳව සලකා බැලීම වැදගත්.
     
    දරුවන්ට සමබල ආහාර වේලක් ලබා දීමේ වැදගත්කම කෙබඳු ද?

    බොහෝ වැඩිහිටියන් හිතන්නෙ මස්, මාළු, බිත්තර වැනි දෑ දරුවන්ගේ ආහාර වේලට එක් කළ විට එය පෝෂ්‍යදායී ආහාර වේලක් කියා. සත්ත්ව ප්‍රෝටීන් පමණක් සමබල ආහාර වේලකට ප්‍රමාණවත් නැහැ. සමබල ආහාර වේලක විටමින් ඛණිජ ලවණ වැනි පෝෂ්‍යපදාර්ථත් අඩංගු විය යුතුයි. ධාන්‍යමය ආහාර සහ පලා වර්ගත් සමබල ආහාර වේලකට එක් කළ යුතු වන්නේ ඒ නිසා.
    සමබල ආහාර වේලක් නම් (මේක හුඟක් අය වරද්දගෙන සමබර කියලා)හැමෝටම අවශ්‍යයි.:)හොඳ කරුනු ටිකක්.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමබල ආහාර වේලක් නම් (මේක හුඟක් අය වරද්දගෙන සමබර කියලා)හැමෝටම අවශ්‍යයි.:)හොඳ කරුනු ටිකක්.

    අදහසක් පළ කරන්න පොඩි වෙලාවක් හරි වෙන් කෙලාට ස්තුතීයී.:)