මහසෙන් කසුප් යක්‌ සබඳතාව

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මහසෙන් කසුප් යක්‌ සබඳතාව

    හසෙන් කසුප් යක්‌ සබඳතාව මහාචාර්ය නලින් ද සිල්වා

    මෙරට කලා ශිල්පවල අනන්‍යතාව ඇත්තේ යක්‍ෂ සම්ප්‍රදායෙහි ද යන්න සොයා බැලිය යුතු කරුණකි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීමත් සමඟ අටළොස්‌ කුලයක ජනයා මෙහි පැමිණි බව මහාවංශයෙහි සඳහන් වෙයි. ඒ පිරිස යම් කලා ශිල්ප මෙරටට හඳුන්වා දෙන්නට ඇත. එහෙත් එයට පෙර මෙරට කලා ශිල්ප නො තිබිණි යෑයි කිව නොහැක්‌කේ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ සංගීත උත්සව ගැන වංශකතාවල ම සඳහන් වන බැවිනි.

    යක්‍ෂ ගෝත්‍රිකයන් වැව් කර්මාන්තයෙහි දක්‍ෂයන් වූ බව ද, පඬුඅබා කුමරු රජ වීමට පෙර ද මෙරට වැව් තිබූ බව ද අපි දනිමු. දක්‍ෂ ගොවියන් ද වූ යක්‍ෂ ගෝත්‍රිකයන් මෙරට දී වැව් නිර්මාණය කරන්නට ඇතැයි අපට නිගමනය කිරීමට හැකි වන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන් විසූ වෙනත් රටවල අපට පෙර වැව් තනා නොමැති බැවිනි. යක්‍ෂ ගෝත්‍රිකයන් කතා කළ භාෂාව ගැන අද අපට වැඩි විස්‌තරයක්‌ දැනගත නොහැකි ය.

    අද සිංහල භාෂාවේ මාතෘ භාෂා ලෙස පාළි හා සංස්‌කෘත භාෂා පිළිගැනෙයි. මේ අර්ධ වෛදික සංස්‌කෘතියෙහි බලපෑම නිසා සිදු වී ඇත්තකි. අද අප සිංහල භාෂාව ලෙස හඳුන්වන භාෂාව අර්ධ වෛදිකයන් ගේ මාගධී ප්‍රාකෘතයෙහි හෝ ආසන්න ප්‍රාකෘතයක හා පසුව සංස්‌කෘත භාෂාව ලෙස හඳුන්වන භාෂාවෙහි බලපෑම මත සකස්‌ වී ඇති බව පැහැදිලි ය. මාගධී ප්‍රාකෘතයෙන් හෝ එයට ආසන්න ප්‍රාකෘතයකින් පොත් ලිවීමෙන් පසුව ඒ භාෂාවට පෙළ බස හෙවත් පාළි යෑයි ව්‍යාවහාර වී ඇති බව පෙනී යයි.
     
    Last edited:
    • Like
    Reactions: lgask and supzter

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අර්ධ වෛදිකයන් මෙරට ට පැමිණීමට පෙර මෙරට විසූ විවිධ ගෝත්‍රවල ජනයා හෙළ බස නමින් බසක්‌ කතා කෙළේ යෑයි අපවත් වී වදාළ බද්දේගම විමලවංශ නාහිමියන් පවසා ඇත. අර්ධ වෛදිකයන් මෙරට ස්‌ථාවර වීමෙන් පසුව ඔවුන් ගේ බස ටිකෙන් ටික මෙරට පැතිරෙන්නට ඇත. ඒ සමඟ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බස ක්‍රමයෙන් අභාවයට යන්නට ඇත. එහෙත් ඒ බසෙහි ඇතැම් වචන අපි අදත් යොදා ගනිමු. ඒ සඳහා හොඳ ම උදාහරණය අප ශරීරයේ අවයවවලට කියන නම් බොහොමයක්‌ තවමත් යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බසෙහි වචන වීම ය.

    කට, බඩ, කකුල, බෙල්ල ආදී වචන යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ ඒ සඳහා යෙදෙන නම් ය. මේ සියල්ල සඳහා මුව, උදරය, පාදය, ගෙළ ආදී පාළි වචන තිබුණ ද, ලියන බසෙහි ඒ පාළිs වදන් යෙදුණ ද, කතා කරන බසෙහි බොහෝ විට යෙදෙන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන් යොදාගත් වචන ය. කමතෙහි දී යොදා ගන්නා වචන සාමාන්‍ය ජීවිතයෙහි ඒ ඒ කරුණු සඳහා යොදාගන්නා වචනවලට වඩා වෙනස්‌ ය. ඒ එසේ වී ඇත්තේ ඇයි?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    තම භාෂාව ක්‍රමයෙන් අභාවයට යනු දුටු යක්‍ෂ ගෝත්‍රික නායකයන් කමතෙහි දී සිරිතකට මෙන් යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ වචන යොදා ගැනීමට නියම කරන්නට ඇත් ද? සිරිතක්‌ ලෙස නියම කිරීමෙන් පසු ඒ කැඩීම එතරම් පහසු නො වේ. සිරිත් යනු එකල නීතිය මෙන් විය. රාජසභාවේ සිටි පැරැණි සිරිත් ලේනා වත්මන් නීතිපතිවරයාට සමාන නිලයක්‌ හොබවන්නට ඇත.

    එහෙත් මේ පිළිබඳව අපට සියයට සියයක්‌ ම සහතික වීමට නොහැකි ය. මේ සම්බන්ධයෙන් හැදෑරිය යුතු දෑ බොහෝ ය. විෂ්ණු පුරාණය, ස්‌කන්ධ පුරාණය ආදී පුරාණ ග්‍රන්ථවල කියෑවෙන කරුණු අපට අදාළ වන්නේ ද? එසේ නම් ඒ කිනම් අවස්‌ථා සම්බන්ධයෙන් ද? විෂ්ණු ලංකාවට පැමිණ මෙරට වාසය කළ අයිරාන සහ තවත් රජ කෙනකු පරාජය කළ බව කියෑවෙයි. මේ අයිරාන රජු යක්‍ෂ ගෝත්‍රිකයෙක්‌ වී ද? ස්‌කන්ධ කුමරු අතින් පරාජයට පත් විණි යෑයි කියන තාරක රජු මෙරට රජ කළ යක්‍ෂ ගෝත්‍රික රජෙක්‌ ද?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හෙළ හවුලේ මේ සම්බන්ධ ඇතැම් අදහස්‌ තිබේ. ඒ අදහස්‌ හුදෙක්‌ වචනවල නිරුක්‌තිය මත පමණක්‌ පදනම් නො වී වෙනත් කරුණු මත පදනම් වී තහවුරු කරගත හැකි ද? මෙරට පැරැණි නාමය ලංකාව විය. දීපවංශය අප රට හඳුන්වන්නේ ලංකාව ලෙස ය. එහෙත් මහාවංශයෙහි ලංකාව සිංහල ද්වීපය වී ඇත. සිංහලය යන්න සිංහ ගෝත්‍රයෙහි ප්‍රධානත්වය දනවන වචනයකි. සිංහල යන්න සිංහ යන්නට ගෞරවාර්ථයෙන් ල ප්‍රත්‍යය එකතු වීමෙන් නිර්මාණය කරගන්නට ඇතැයි සිතේ.

    පඬුඅබා රජු දවස සිංහල ජාතිය නිර්මාණය වීම ඇරඹුණ ද එය බොහෝ දුරකට සාර්ථකත්වයක්‌ ලබා ඇත්තේ වංශකතා ලිවීම ආරම්භ වූ කාලයෙහි දී යෑයි සිතිය හැකි ය. අනෙක්‌ අතට වංශකතා ලිවීමේ එක්‌ අරමුණක්‌ වූයේ (එය ප්‍රධාන අරමුණ නො වී නම්) සිංහල ජාතිය තහවුරු කිරීම විය හැකි ය. යක්‍ෂ ගෝත්‍රිකයන් අර්ධ වෛදිකයනට විරුද්ධ ව තම අවසාන සටන කර ඇත්තේ ද මෙකල බව පෙනී යයි.

    යක්‍ෂ ගෝත්‍රිකයන් ටික දෙනකු හැරෙන්නට අනෙක්‌ අය පඬුඅබා ගේ සිංහල ජාතියට එකතු වීම ප්‍රතික්‍ෂේප කළ ද නාගයන් සිංහල ජාතියට එකතු වී ඇත. මහින්දාගමනයෙන් පසු අර්ධ වෛදිකයන් අතර බුදුදහම පැතිර යත් ම බුදු දහමට ඉතා ලැදි වූ නාග දේව ගෝත්‍රිකයන් සිංහල ජාතියත් සමඟ වඩ වඩාත් මිශ්‍ර වී ඇති බව පෙනෙයි. අර්ධ වෛදිකයන් හා නාග දේව ගෝත්‍රිකයන් අතර ආවාහ විවාහ සම්බන්ධකම් ද ඇති වී නාග ගෝත්‍රිකයන් රජ පවුල්වලට ද සම්බන්ධ වී ඇත.
     
    • Like
    Reactions: sudunone

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඒ සම්බන්ධකම් ඔස්‌සේ ඛල්ලාට නාග, චෝරනාග, ඉලනාග, චූලනාගථ සිරිනාග, අභයනාග ආදී රජවරු රජ කර ඇත. එහෙත් යක්‍ෂ ගෝත්‍රිකයන් එලෙස නිල වශයෙන් කිසිදු ඇදක්‌ කුදක්‌ නැති ව රජකමට පත් වූ බවක්‌ නො පෙනෙයි. ඇතැම් රජකු යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක සමඟ සම්බන්ධකම් ඇති කර ගත්ත ද ඒ සම්බන්ධයෙන් උපන් කුමාරවරුන්ට හිමි වී ඇත්තේ දෙවැනි පන්තියේ වැදගත්කමක්‌ යෑයි කිව හැකි ය. සාලිය කුමරු ද ඇතැම් ජනප්‍රවාදයකට අනුව කොත්මලේ ප්‍රදේශයේ යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක සමඟ ගැමුණු කුමරු ඇති කරගත් සම්බන්ධයකින් උපන් කුමරෙකි.

    ඉතිහාසයෙහි සාලිය කුමරු ගැන කියෑවෙතත් ඔහු ගේ මෑණියන් ගැන කිසිවක්‌ සඳහන් නො වෙයි. ගැමුණු කුමරුට පසුව සාලිය කුමරුට රජකම අහිමි වූයේ එක්‌ මතයකට අනුව එකල රජකම පියා ගෙන් පුතාට නො ව සොහොයුරා ගෙන් සොහොයුරාට හිමි වූ නිසා ය. එහෙත් සාලිය කුමරු යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක කුසින් බිහි වූ නිසා රජකම අහිමි වී ය යන්න ද බැහැර කළ නොහැකි ය. නාගයන් මෙන් නො ව යක්‍ෂයන් බුදු දහමට එතරම් සමීප නො වීම ද පසුකාලීන ව ඔවුන් සිංහල ජාතියට එකතු වීමේ දී ප්‍රශ්න ඇති කරන්නට ඇත.

    ඉලනාග රජු සමයේ දී (බු.ව. 580-586) පමණ සිට ලම්බකර්ණ වාංශිකයන් ගේ බලවත් වීමක්‌ දැකිය හැකි ය. ඔවුන් කවුරුන් දැයි හරිහැටි කිව නො හැකි නමුත් යක්‍ෂ ගෝත්‍රිකයන් ඔවුන්ට සහාය දී ඇති බවක්‌ පෙනෙයි. ක්‍රමයෙන් බලවත් වූ ලම්බකර්ණ වාංශිකයන් යසලාලකතිස්‌ස රජු ගෙන් පසුව රාජ්‍යත්වය ලබාගෙන ඇත. ශුභ රජු (බු.ව. 602) පළමු ලම්බකර්ණ වාංශික රජු ලෙස සැලකිය හැකි ය. මේ සිද්ධිය හුදු දොරටුපාලයකු විහිළුවක්‌ වැරැදීමකින් රජකමට පත් වූ අවස්‌ථාවක්‌ නො ව අලුත් වංශයක්‌ සිංහලේ රජකමට පත් වූ අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකි ය.

    ශුභ රජු ගෙන් පසු වසභ ආදීන් පමණක්‌ නො ව සංඝතිස්‌ස, සංඝබෝධි, ගෝඨාභය ආදී ලම්බකර්ණ වාංශික කුමාරවරුන් රජකමට පත් වී ඇත. මෙරට ඉතිහාසයේ පව් මෙන් ම පින් ද කළ තැනැත්තා ලෙස වංශකතාවෙහි කියෑවෙන මහාසේන රජු (බු.ව. 819 - 847) ගෝඨාභය රජු ගේ පුතෙකි. ජනප්‍රවාදයට අනුව යක්‍ෂ ගෝත්‍රික කතක ගේ පුතෙකි. මහාසේන රජු මහාවිහාරය සමතලා කර එහි උඳු වැපිරවී ය. සංඝමිත්‍ර නම් භාරතයෙන් පැමිණි භික්‍ෂුවක ගේ උපදෙස්‌ එහි දී රජුට බලපෑවේ ය. පසුව මහසෙන් රජු වරද පිළිගෙන මහාවිහාරය යථා තත්ත්වයට පැමිණ වී යෑයි කියෑවෙයි.

    මෞර්ය වාංශිකයකු ලෙස හැඳින්වෙන ධාතුසේන රජු බු.ව. 1004 දී රජ විය. ඒ ක්‍රිස්‌තු වර්ෂයෙන් 461 දී ය. එනම් පස්‌වැනි සියවසේ දී ය. කාශ්‍යප රජු ධාතුසේන රජු ගේ හා යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක ගේ පුතකු යෑයි කියෑවෙයි. කසුප් රජුට යක්‌ සබඳකම් තිබීම හේතුවෙන් ඔහුට ඒ සංස්‌කෘතික උරුමය ද හිමි වී ඇත. යක්‍ෂ ගෝත්‍රිකයන් එකල බලවත් වී ඇති බව පැහැදිලි ය. මෙරට ඉතිහාසයේ පළමු වතාවට අර්ධ වෛදික රජකුට භාරතයට පැන යැමට සිදු වී ඇත. මුගලන් රජු සේනා සංවිධානය කිරීමට භාරතයට පැන ගියේ ය.

    මහා විහාරය මහසෙන් මෙන් ම කසුප්ට ද විරුද්ධ විය. එහි වරදක්‌ ඇතැයි කිව නොහැකි ය. යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධකම් ඇති රජවරු දෙස මහාවිහාරය වපරැසින් බැලී නම් එහි පුදුම වීමට කරුණක්‌ නැත. බුද්ධඝෝෂ හිමියන් මෙරටට වැඩම කර ඇත්තේ මහානාම රජු ගේ කාලයෙහි ය. ඒ බු.ව. 955 හා 977 අතර ය. මහා විහාරය භාරතයේ ථෙරවාදය අතුරුදන් වන ආකාරය බලා ආන්ද්‍ර භික්‍ෂුන් වහන්සේ සමඟ ථෙරවාදය ආරක්‍ෂා කිරීමේ මාවතකට එළඹී ඇත්තේ මෙකල ය. බුදු දහම පාළියෙන් ලිවීම, සිංහල බුද්ධාගම නිර්මාණය කිරීම, බලවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බලය දුර්වල කිරීම ආදී සියල්ල වසර සියයක හමාරක පමණ කාලයක සිදු වී ඇත. මුගලන් රජු බු.ව. 1040 දී රජ විය. ඔහුට මුල දී භික්‍ෂූන් වහන්සේ ආධාර කළ හ. එහෙත් ඔහු ගේ රකුසු පිළිවෙත් හේතුවෙන් ඔහු අප්‍රසාදයට පත් විය.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඉන්පසු යුගයේ දී යක්‍ෂ ගෝත්‍රිකයන්ට සිංහල ජාතිය සමඟ එක්‌ වීම හැර වෙනත් විකල්පයක්‌ නැති විය. ක්‍රිස්‌තු වර්ෂයෙන් විසිවැනි සියවස වන තෙක්‌ ම යම් අනන්‍යතාවක්‌ රැක ගැනීමට යක්‍ෂ ගෝත්‍රිකයන් සමත් වී ඇති නමුත් අද ඔවුන් සිංහල ජාතිය සමඟ බද්ධ වී ඇත. යක්‍ෂ ඉතිහාසය පිළිබඳ අප නො දන්නා කරුණු බොහෝ ය. "කොහොඹා කංකාරිය" අපේ බෙර ආදිය පිළිබඳ සෑහීමකට පත් විය හැකි අධ්‍යයනයක්‌ කෙරී නැත. කොහොඹා කංකාරියෙන් ඇත්තට ම කියෑවෙන්නේ කුමක්‌ ද? සිංහල කටහෙŒ උරුමය යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ලැබුණක්‌ ද? සිංහල සංගීතය කෙතරම් දුරට යක්‍ෂ සංස්‌කෘතියක්‌ සමඟ සම්බන්ධ වේ ද? අප යක්‌ බෙරය යනුවෙන් හඳුන්වන බෙරය කුමක්‌ ද? අපේ නැටුම්වල ඉතිහාසය කුමක්‌ ද? මේ නැටුම් භාරතයේ නැත්තේ ඇයි? අපේ සංගීතයක්‌ ලෙස ලෝකයට ඉදිරිපත් කළ හැක්‌කේ බෙර වාදනය හා නැටුම් නො වේ ද? එහි උරුමය යක්‍ෂ ගෝත්‍රිකයන් සතු වේ ද?

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නාගයන් මෙන් නො ව යක්‍ෂයන් බුදු දහමට එතරම් සමීප නො වීම ද පසුකාලීන ව ඔවුන් සිංහල ජාතියට එකතු වීමේ දී ප්‍රශ්න ඇති කරන්නට ඇත.
    මේ කතාව නලින් සිල්වා මහත්තයගෙ හිතළුවක්. අභිධර්මය දේශනා කළේ පවා ලංකාවේදි යක්කුන්ට කියලා මතයක් තියනවා.

    අනික යක්කු කියන්නේ නිර්මාංශ බොහොම උසස් මානසික තලයක ඉන්න කොඨ්ටාසයක්..නලින් සිල්වා මහත්තයා එළාරත් යකෙක් කියලා කතාවක් කියලා තිබුණා:ඩිස්ගස්ටඩ්: