මම බස් එකේ යනවා.යනකොට මගින් වතුර විකුනන කොල්ලෙක් නැග්ගා.පොඩි කොල්ලෙක් අවුරුදු 12ක් විතර ඇති.
“වතුර වතුර. කූල් වතුර. ගන්න මහත්තයා කූල් ජලය…” පොඩි එකා මල්ලක දාගෙන වතුර බෝතල් විකුනනවා.
“බෝතලයක් කීයද?”
“40යි ගන්න මහත්තයා. ගන්න කූල් ජලය”
ඒ වෙලාවෙ තිබ්බ ගමන් මහන්සියයි රස්නෙයි එක්ක බස් එකේ ගොඩක් දෙනෙක් වතුර බෝතල් ගත්තා.මමත් රුපියල් 40ක් දීලා බෝතලයක් ගත්තා.
හැබයි වතුර කූල් නෑ.
“මල්ලි මේක කූල් කිව්වට කිසිම කූල් එකක් නෑනෙ” පිටිපස්සෙ හිටපු පොරක් කේස් එක ඇද්දා.
“එතකොට පොඩි එකා කිංඩියට වගේ හිනාවෙලා බෝතලෙ ලේබල් එකට ඇඟිල්ල තියලා පෙන්නුවා”
.
“COOL! පිරිසිදු පානීය ජලය”
.
ඒ වතුර බෝතල් ජාතියෙ නම තම COOL.
(මම කිව්වට මම නෙමෙයි
)








