SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මහගෙදර සොයුරු සොයුරියන් හැමටත්, පවුල්වල අ‍යටත්
සුභ අලුත් අවුරුද්දක් වේවා!
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මහගෙදර සොයුරු සොයුරියන් හැමටත්, පවුල්වල අ‍යටත්
සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඔබටත්, පවුලේ සැමටත් අපේ සොයුරු සොයුරින් ඇතුළු සියළු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා....

කොහෙද මෙච්චර කල් හිටියේ............
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අළුත් අවුරුද්දට මගෙන් මව් පිය ගුණ ගීයක්
කවුරුවත් වැඩිය අහලා නැතුව ඇති මේක

Jeewithaya Mata.mp3


ජීවිතය මට උරුම කරදී
ළය ලෙයින් කිරි කර පෙවූ
ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
ඔබයි මගේ අම්මා..
ඔබයි මගේ අම්මා..

දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
ඔබයි අප්පච්චී..
ඔබයි අප්පච්චී

මුවරද සරි ඔබෙ ආදර සෙනෙහෙන්
පහස ලබන්නම් මගෙ අම්මේ
පහස ලබන්නම් මගෙ අම්මේ
අම බිඳු සරි ඔබෙ නැන ගුණ ගඟුලෙන්
පවස නිවන්නම් අප්පච්චී
පවස නිවන්නම් අප්පච්චී

අඳුරේ බොඳවන මගේ ලෝකයේ
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
ගව් ගනනක් දුර ජීවිත සසරේ
සැනසුම වූයේ ඔබ දෙපළයි
සැනසුම වූයේ ඔබ දෙපළයි

ජීවිතය මට උරුම කරදී
ළය ලෙයින් කිරි කර පෙවූ
ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
ඔබයි මගේ අම්මා..
ඔබයි මගේ අම්මා..

දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
ඔබයි අප්පච්චී..
ඔබයි අප්පච්චී


-සංජය / තරිඳු -

බොහෝම පින්............
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සියළුම සහෝදර සහෝදරියන්ට සුබම සුබ නව වසරක් වේවා!
කිරි ඉතිරේවා නව වසරේ
සාමයේ ගීතයේ රැව් නැඟි දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ

දුක් දොම්නස නැතිවුනා වන වසරක් එළබුනා
අවුරුදු දා ප්‍රීති වන්න මතු කරමින් මල්හිනා

සාමයේ ගීතයේ රැව් නැඟි දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ

බත බුලතින් අඩු නොවී
සුර සැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී ගොඩ මඩ සරු සාර වී
සාමයේ ගීතයේ රැව් නැඟී දස අතේ

කිරි ඉතිරේවා නව වසරේ
ආදරණීය ජෝති (Original)

Kiri Ithirewa
H. R. Jothipala


193272773141d07f92f4.jpg

 
Last edited:

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ලැබුවා වූ නව වසර ඔබ සියළු දෙනාටම සිතුම් පැතුම් ඉටුවෙන ,නිදුක් නීරෝගී වාසනාවන්ත නව වසරක් වේවා.!!!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කාගේ ගාවහරි තියෙනවනම් මේ සිංදුව දෙන්න..ගායකයා මතක නැත..:(

    සැපට හැදුන කය පොළවට දිරා යතේ..
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සින්දු මහා ගෙදර සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    465879874_8a89d5b772.jpg
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    කාගේ ගාවහරි තියෙනවනම් මේ සිංදුව දෙන්න..ගායකයා මතක නැත..:(

    සැපට හැදුන කය පොළවට දිරා යතේ..

    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළෙවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ලඟා වෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැළුනාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
    ග‍ඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම
    දුන් දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මව්ගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

    කන බොන කෑම තනියම වළදන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා
    අනුවන කමින් පව් සිදු කරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    index11.jpg


    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
    සුනිල් එදිරිසිංහ

    Gangata kapana Ini
    Sunil Edirisinghe


     
    • Like
    Reactions: suranga84

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළෙවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ලඟා වෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැළුනාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
    ග‍ඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම
    දුන් දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මව්ගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

    කන බොන කෑම තනියම වළදන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා
    අනුවන කමින් පව් සිදු කරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
    සුනිල් එදිරිසිංහ

    Gangata kapana Ini
    Sunil Edirisinghe



    බොහොමත්ම ස්තුතියි මචන්..:):)
    කොහෙන්ද මචන් පද හොයා ගත්තේ..:cool::cool:
     
    Status
    Not open for further replies.