මහගෙදර සොයුරු සොයුරියන් හැමටත්, පවුල්වල අයටත්
සුභ අලුත් අවුරුද්දක් වේවා!
අළුත් අවුරුද්දට මගෙන් මව් පිය ගුණ ගීයක්
කවුරුවත් වැඩිය අහලා නැතුව ඇති මේක
Jeewithaya Mata.mp3
ජීවිතය මට උරුම කරදී
ළය ලෙයින් කිරි කර පෙවූ
ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
ඔබයි මගේ අම්මා..
ඔබයි මගේ අම්මා..
දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
ඔබයි අප්පච්චී..
ඔබයි අප්පච්චී
මුවරද සරි ඔබෙ ආදර සෙනෙහෙන්
පහස ලබන්නම් මගෙ අම්මේ
පහස ලබන්නම් මගෙ අම්මේ
අම බිඳු සරි ඔබෙ නැන ගුණ ගඟුලෙන්
පවස නිවන්නම් අප්පච්චී
පවස නිවන්නම් අප්පච්චී
අඳුරේ බොඳවන මගේ ලෝකයේ
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
ගව් ගනනක් දුර ජීවිත සසරේ
සැනසුම වූයේ ඔබ දෙපළයි
සැනසුම වූයේ ඔබ දෙපළයි
ජීවිතය මට උරුම කරදී
ළය ලෙයින් කිරි කර පෙවූ
ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
ඔබයි මගේ අම්මා..
ඔබයි මගේ අම්මා..
දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
ඔබයි අප්පච්චී..
ඔබයි අප්පච්චී
-සංජය / තරිඳු -
කාගේ ගාවහරි තියෙනවනම් මේ සිංදුව දෙන්න..ගායකයා මතක නැත..
සැපට හැදුන කය පොළවට දිරා යතේ..
ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළෙවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ලඟා වෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති
මලේ සුවඳ නැතිවෙයි පෙති හැළුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම
දුන් දේ සුවඳ පවතී ලොව හැමදාම
කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මව්ගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම
කන බොන කෑම තනියම වළදන්න එපා
අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා
අනුවන කමින් පව් සිදු කරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා




hw cn i get through the password to down load pulli gona geta panala