me dawas wala dekka poems walin dekka wenasma poems ekak.... digatama liyanna sahodaraya ~!!!!

වර්ණ එලි වලින් නිර්මානකරුවා කියන්න හදන්නේ කුමන සමාජ සංසිද්ධියක්දැයි එක එල්ලේ අපිට නිශ්චිත නිගමනයකට එලැඹිය නොහැකි වුවද මෙම නිර්මානයේ යටි අරුත තුල යම්කිසි ගැඹුරු සමාජ විෂමතාවයක පුංචි සේයාවක් තියෙනවා..
මල්ලී පෙර නිතර ලිවූ කවි පදත් මේ කවි පදත් අහසට පොලොව වගේ ..
කෙටි කලක් තුල ඔබ ලැබූ මේ ඉහල නැගීම හා සමාජ සත්ථා අවබෝධය ඔබ යන මාර්ගය එලි පෙහෙලි කරනවා නොඅනුමානය..
නිර්මානකරු වශයෙන් ඔබේ සිත තුල මේ නිර්මානය කරන්නට හටගත් වස්තු බිජය අපිට පසුවට පැහැදිලි කරනවා නම් හැමෝගෙම දැන ගැන්ම සඳහා එය වඩාත් යහපත් බවයි මගේ හැඟීම......
දිගටම ලියන්න..ඔබට ජය..
කොල දැල්වෙත්දි ගමන ඉක්මන් නිසා සතුටත් කහ පාටින් මගරැදෙන නිසා හිතට දැනෙන අපහසුවත් රතු ඒලියෙන් නවතින විට අැතිවන තරහවත් ඉවසීම නැතිකමත් කෙනෙක්ව යටකරගෙන හරි යන්නට බැලීමත් ෙම් හැමදෙයක්ම විදින්නෙ මිනිසුන්මම නේද? මෙත්ශ්රි. වෙනස්ම අාකාරයක නිර්මානයක්.

එක් වරම කියැවෙන දේ සහ වක්රාකාරව කියැවෙන දේ තුලින් ඉතා හොඳ අර්ථවත් නිර්මාණයක් දැක්වෙන බව කිව යුතුයි. රසවත් වගේ ම අරුත්බර නිර්මාණයක්.... තව ලියන්න....

මේක ලියද්දි මට මහ ගැඹුරු දෙයක් ගැන හිතුනෙ නැ ... මේක මම නිතර දෙවේලේ අත් විදින දෙයක් ...මග තොටේදි ... හතරමන් හන්දියක හතර පැත්තෙන් මිනිස්සු වට වෙලා .. කවුරුත් බලන්නේ ඉක්මනට යන්න ... මේ වෙලාවට මිනිස්සුන්ගෙ මිනිස් ගති නැති වෙනවා මම දැකල තියනවා....එත් මෙක අනිත් දේවල් වලටත් ඇත්තක් නේද ??
බොහොම ස්තුති රොන් අය්යා !!!!