රාහුල මාතා(යසොදරාවත)

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
රාහුල මාතා(යසොදරාවත)

එලකිරි එකෙ ගොඩාක් අයට ආදරය සම්බද ගැටලු තියන බවත් එ වගෙම ආදරය ගැන කතා කරන්නත් ගොඩාක් අය කැමති බවත් පලවන තෙඩ් වලින් මට හැගුන හෙයින්. එ සමබද පලවුන ලස්සන කතාවක් ලියන්න මට හිතුනා

ඇත්තම මෙක සොම හාමුදුරුවො ලියපු පුන්චි පොත් පින්චක්. උන්වහන්සෙට මෙක ලියන්න හෙතු උනෙ එ කාලෙ වෙසක් පොහො දාක මහරගම ධර්මායතනයෙ
තරුන සිල සමදනයෙදි යසොධරා චරිතාපදානය මැයින් එහි ධර්ම දෙශනයක් පවත් වන ලදි. එ බණ ඇසු තරුණ තරුණියො එම චරිතය අළලා කුඩා බණ පොතක් සපයන ලෙස ඉල්ලා ඇත. එහි ප්‍රතිපලයක් ලෙස සොම හාමුදුරුවො විසින් මෙ පොත පින්ච සැකසි ඇත.

මන් ගොඩාක් කැමති පොතක් හෙයින් ඔබලා සමග share කරගන්න හිතුනා.
මට ඉඩ තියන වෙලවල් වලට මන් මෙ පොත කොටස් පල කරන්නම්.
 
  • Like
Reactions: laiyarc

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ලොවට වැඩ පිණිස ගම් නියම්ගම් සැරිසරා වදාළ මාගෙ සම්මා සම්බුදුරජාණන් වහන්සෙ බුදු විමෙන් සතළිස්

තුන්වන වර්ෂයිහි රජගහ නුවරට වැඩම කොට හිජ්ක්ධකුට පර්වතයෙහි පාමුල එක්තරා මහර ගුහාවෙක වැඩ හුන්


සෙක.

එ වෙසක් පුරසද පායාගෙන එමින් තිබු මොහොතයි. තරු කැල පිරිවරාගත් පුන් සදු විලසින් භික්ෂු, භික්ෂුණි,

උපාසික, උපාසිකා යන සිවුවනක් පිරිස පිරිවරාගත් බුදුපියාණන් වහන්සෙ බ්‍රහ්මසිවරයෙන් සුමධුර කොට ධර්මය දෙශනා කරමින් සිටියහ. එ පිරිස අතර යසොධරා මෙහෙණින් වහන්සෙ ද වුහ.


බණ අසා අවසානයෙ තම අසපුව කරා වැඩම කළ් යසොධරා මෙහෙණ හට පසුදින විවෙක අඩ පළගින් සිටියදි මෙ බදු සිතිවිල්ලක් විය.

නන්ද හිමියො ද රාහුළ හිමියොද දැගසව්වොද අග්‍රශරාවිකාවොද සිද්ධොන රජුද මහා ප්‍රජාපති ගොදමිහුද ප්‍රවර මරහද්ත්හුද පිනිනිව පැහ. මම වනාහි බුදුරදුන් හා එකට උපන්මි. සම වයස් සම මගුල් ලකුණු හා සම අදහස් ද ලදිමි. සම වු මහණදම් හා නිවන් සුව ද ලදමි. අනුකුල රුපශ්‍රිය හා සෘද්ධි ප්‍රාතිහා‍ය ද ලදිමි. එ බැවින් බුදුරදුන් හා මාගෙ පරිනිර්වානය එක දවසෙ එක මොහොතෙ දිම සිදු වුව මනාය.
 

koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    බොහොම කාලොචිතයි. දිගටම දහම් කතාව ලියන්න. අපෙන් ශක්තිය ලැබෙනව.
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එසෙ වුවත් අපගෙ පරිනිර්වාණය පෙර පසු බවක් සිදුවීම අවශ‍‍‍‍‍‍‍‍ය්‍ය මය. නො එසේ නම් ලෝ වසියන්ට එක විට බරපතළ වුත් ළය වාවගත නොහෙන්නා වුත් හානි දෙකක් දැකිම සුදුසුවනු ඇත. එය නො විය යුත්තකි. බුදුරජනණ් වහන්සෙගේ පරිනිවාණය මා වැනියන් දකිම සුදුසු නො වේ. මාගෙ පෙර බුදධ පතිව්‍රතාවෝ ද එ එ බුදුවරුන්ට පළමු පිරිනිවන් පෑහ.
    දැන් බුදුරජාණන් වහන්සේටත් මටත් අට සැත්තෑ වසරකි. මෙයින් හරියට ම දෙවසරක් ඉක්ම ගිය තැන බුද්ධ පරිනිර්වාණය සිදුවන බැවින් මා දැන් ම ගොස් මාගේ බුදුපියාණන් වහන්සේගෙන් අවසර ඉල්ලාගෙන පිරිනිවිය යුතුය.
    ඒ සිතිවිල්ලත් සමග ම මිහි ම්ඬල ගුගුළෙය. අහස අකුණු හඩින් කම්පිත විය. මහමෙර කිලිපොළා ස්ක්වල ගල ස්ක් වළල්ලක් සේ බමන්නට විය.
    මේ අසිරිමත් සිතුවිමෙන් කම්පිත වු සිත් ඇති, දහස් ගණන් මෙහෙණින් වහන්සේලා යසොධරා ස්ථ්විරාවන් වෙත පැමිණ ස්ථ්විරාවෙනි, මිහිම්ඩල ගුගුළෙය. අහස අකුණු හඩින් කම්පිත විය. සක්වළගල සක්වළ්ල්ලක් සේ බමා ගියේය. මීට හේතු කිම් දැයි විචාළහ.
    භවත්නි, මම අද රාත්‍රියෙහි පිර්නිවන් පෑම සදහා අවසර ලබාගැනිම්ට බුදුරදුන් වෙත යන්නෙමි. යි කී යසොධරා මෙහෙණින් වහන්සේ මා සමග යෑමට පා සිවුරු ගත මැනැවැ යි භික්ෂුණින් හට දන්වා එසෙ පා සිවුරු ගත් භික්ෂුණීන් පිරිවරා බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ එදා ජද්දන්ත නම් ඇත් රජුට අනුවු පවැත්මෙන් සිටි මහා සුභද්‍රා නම් ඇත් මෙහෙසිය විලසින් එකත්පස් ව්අ සිටියාහ.
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ජ්ද්දන්ත ඇත් රජුගෙ කථාව

    එක් කුල දුවක් ගිහිගෙයි විසිමේ ආදිනව දැක පැවිදි ව දිනක් සෙසු භික්ෂුණින් සමග බණ අසනු පිනිස විහාරයට ගියාය. ධර්මාසනයෙහි විරාජමාන ව වැඩ වෙසෙන බුදු රජාණන් වහන්සේ දුටු ඇය, සසර සැරිසරනා යම් අවස්ථාවෙක මම මේ උත්තමය හට පතිනිය වුයෙම් දොහො යි සිතත් ම ඇයට ජාතිස් මරණඥානය පහළ විය. ඕ බෝසතුන් පාරමි පුරන සමයෙහි ජ්ද්දන්ත හස්තිරාජ ව්අ උපන් කල තමා ඒ ඇත් රජුට මෙහෙසියව සිටි සැටි දුටුවාය. ඒ සමයෙහි බෝසතුන් හා සමග වින්දා වු සැප සම්පත් හා ප්‍රිතිය සලකා මහත් කොට සිනාසී, නැවත ද මා මාගේ ඒ ස්වමියා හට පිහිටවීම් දො යි බලන්නී කුඩා වු දෝෂයක් නිසා එහි වෙර විදවා බොසත් ඇත් රජ මරවා පලිගත් සැටි දුරුවාය. ඉක්බිති ඕ තොමෝ මහත් වු ශොකයෙන් සුසුම් ලමින් හඩලන්නට වුවාය.
    රැස් ව සිටි පිරිස විසින් ආරාධිත බුදුරජානන් වහන්සෙ ඇයගේ සිනාසිම්ට හා හැඩිමට ද හෙතු දක්වමින් මෙසේ ජද්දන්ත ජාතකය වදාළ සේක.

     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පුරන ලද පාරමී ඇති බෝසතාණන් වහන්සෙ ජද්දන්ත නම් ඇත් රජු ව අටදහසක් පමණ වු ඇත් සේනාව පිරිවරා මහා සුභද්‍රා යන ඇතිනියන් දෙදෙනා අගමෙහෙසුන් කොට කල් යැවුහ. දිනක් සල් වනයක දී කුම්භස්ථය සිරුරෙහි වැටිණි. මල්පෙති වැනි දෑ මහා සුභද්‍රාවගේ සිරුරෙහි වැටිණි. මෙය ඇත් රජු විසි සිතා මතා ම කරන ලද්දක් බව සිතු චුල සුභද්‍රාව ඇත් රජු කෙරෙහි වෙර බන්දාය. නැවැත ද වරෙක පිපුණු විශාල පියුමක් තමනට නො දි මහා සුභද්‍රාවනට දුන්නේ යැයි වෙර බැන්දාය.
    මෙසෙ කල් යවන අතර දිනක් බෝසත්හු චුල සුභද්‍රා හා මහා සුභද්‍රා ඇතුළු ඇත් සෙනාව සමග පන්සියක් පසේ බුදුවරුන් දැක උන්වහන්සේලාට උප්ස්ථාන පිණිස පලාඵල හා පොකුරු මී රැගෙන ගොස් පුජා කළහ. බෝසතුන් කෙරෙහි වෙර බැඳගත් චුල සුභද්‍රාව පසේ බුදුනට තම කොටස පුජා කරමින් තමන් මේ අත්බැවින් චුත ව ගොස් මණ්ඩරාජ කුලයෙහි කන‍‍‍‍‍‍‍‍‍‍‍යාවක ව ඉපිත වැඩිවිය පැමිණි කළ බරණැස් රජුට අගමෙහෙසිය ව රජුගේ මන බැඳ රජු වසග කොට වැදි පුත්‍රයෙකු ලවා තම ස්වාමි වු ඇත් රජු මරවා දළ දෙක ගෙන්වා ගන්නට ලැබේවා යි නපුරු කොත පතුමක් තැබුවාය. ‍
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙක කියනවද ඔගොල්ලො.
    තාම හොද හරිය ආවෙ නෙ ඉස්සරහට මෙක ලස්සනයි. මගෙ අත තමයි රිදෙන්නෙ ට්යිප් කරනකොට
     
    • Like
    Reactions: heshi32

    HareendraS

    Member
    Sep 8, 2009
    4,711
    304
    0
    36
    -_|MaTaRa|_-
    nice work sis
    11.gif

    keep it up