මුස්ලිම් කාන්තා වස්ත්‍රය..
අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය.
ෆර්දා යන්නෙහි අරාබි වචනය හිජාබ් යන්නය. යම් දෙයකින් වසාගන්නේද එයට හිජාබ් යනුවෙන් හැඳින්වෙයි.
කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත.
ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.
—නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය. (අල්-කුර්ආන් 33: 59).
ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය. අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.