අම්මා වේවා! Give it a second thought !

May 12, 2010
483
49
0
On a dreamscape
අම්මා වේවා! Give it a second thought !

අම්මා වේවා!

සති අන්තයේ දිනෙක අපේ කාර්යාලයයේ මිතුරෙක් සිය දරු පවුල සමඟ ගමනක් යන ගමන් අපේ ගෙදරට ද ගොඩවුණේය.
ඒ අවස්ථාවේ මා බිරිය සිටියේ කුස්සියේ ය. මම ඇයට ආරංචිය දෙන්නට දිව්වෙමි. මගේ කට මට ඉස්සර විය.
’අම්මා, ඇවිත් බලන්ඩකො, යාළුවො වගයක් ඇවිල්ල!’
බිරිය ද වහා සාලයට පැමිණ ඔවුන් පිළිගත්තා ය. අපි හැකි අයුරින් ඔවුනට සංග්‍රහ කළෙමු.
ඊළඟ සතිය ඇරඹෙන දිනයේ මා මිතුරා කාර්යාලයට ආ හැටියේම මගේ අතට අත දී සෙස්සන් වෙත හැරී මෙසේ කෑගෑවේය.
’ඒයි, උඹල දන්නවද? මූ කසාද බැඳල ඉන්නෙ ‘අම්මව’!
කවුරුත් විමතියෙන් මුව අයා ගත්හ.
මිතුරා සිය මතය වඩාත් පැහැදිලි කරන්නට වූයේය.
’මූ අපිව පිළිඅරගෙන, වාඩිවෙන්ඩ කියල ‘අම්මෙ මෙහෙ එන්ඩකෝ’ කියාගෙන ගේ ඇතුළට දිව්ව. අපි හිතුවෙ වයසක අම්ම එයි කියල. බැලින්නං ආවෙ කවුද දන්නවද? මුගෙ වයිෆ්! මූ වයිෆ්ට කියන්නෙ ‘අම්ම’ කියල.
කාර්යාලයේ හැමෝම මහ හඬදී සිනාසෙන්නට වූහ.
ම’සිත බෙහෙවින් ම රිදිණි.
එදින මා වැඩ ඇරී ගෙදර ආවේ දුකිනි. පුරුදු ලෙස හිනාවී මා පිළිගත් බිරියට මගේ වෙනස වහා වැටහිණ.
’ඇයි ‘තාත්ත’ දුකෙන් වගේ? ප්‍රශ්නයක් ද?’ ඇය ඇසුවා ය.
මා කිසි දෙයක් ඇයට හංගා නැත. ඇය ද එසේ ය.
කතාව කියන විට මගේ දෑස පෙඟුවේ ය. ඇගේ කඳුළ ද මට හඳුනාගත හැකි විය.
එදින රැයේ මට නින්ද නොගියේය.
මා ’අම්මා’ යැයි බිරිය ඇමතීමත්, බිරිය ‘තාත්තා’ යැයි මා ඇමතීමත් සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්විය යුත්තේ ඇයි ද යන්න මට හිතා නොගත හැකිය.
අපට අතීතයක් තිබේ. ‘අම්මා’ත්, ‘තාත්තා’ත් ඉපදී ඇත්තේ ඒ අතීතයෙනි.
අප එකතු වූයේ දිගු කාලීන පෙම් සබඳතාවක් මල්ඵල ගැනීමෙනි.
මගේ මාපියන් ඇයට අකැමැති වූයේ ඇය දුප්පත් නිසා ය. ඇගේ මාපියන් මට අකැමැති වූයේ මා දුප්පත් නිසා ය. එහෙත් අපි අචලව සිටියෙමු. අවසානයේ අපේ කැමැත්තට ඉඩදීමට ඔවුනට සිදුවිය.
අපි සරණ බන්ධනයට පිවිසීමු. එහෙත් මුල් වසර ගෙවුණේ මා මගේ පැලේත්, ඈ ඇගේ පැලේත් තනිකරමිනි. මට උරුම වූ ඉඩම් කොටසක කාමර කෑල්ලකුත්, කුස්සියකුත් හදාගෙන පවුල් දිවිය ඇරඹීමට තවත් වසරක් පමණ කවිකතන්දර ඇසීමට අපට සිදු විය.
එදින අපි යළි ඉපැදුනෙමු.
පසුදා සිට මම රැකියාවට ගියෙමි. ඇය හන්දියේ කඩයට බත් පැකට් ද කඩයප්පම් ද හදන්නට වූවාය. රාත්‍රියේ අපි රටකජු, කඩල ආදිය පැකට් කළෙමු. ලිපි කවර, කරදාසි උර ඇලවීමු.
බුලත් කොටුවෙන් ලද ආදායම ද සරු විය. ඇය දිනකට බුලත් විටි සියයක් පමණ හැදුවා ය. ඉඩක් ලද හැම මොහොතකම අපි කෙසෙල්, ගස්ලබු වැනි පලතුරු ද මිරිස්, එළවළු ආදිය ද වැවීමු. මිරිස් පැළ ද මල්පැළ ද විකිණීමු.
රසායනික පොහොර නොයොදන ලද එළවළු, පලතුරු මිලදී ගැනීමට පාරිභෝගිකයෝ අපේ කඩුල්ලෙන් පැන ආහ.
ඒ අධිෂ්ඨානශීලී, දුෂ්කර කාල සීමාව ගෙවී ගියේ අපට නව නිවෙසක් ද, යහපත් පුතකු සහ දුවක ද ලබා දෙමිනි. අද අපි මැදිවියේ වෙසෙමු. දරුවෝ ද ඉහළ පන්තිවල උගනිති.
අප මාපියන් වීමට පෙර මා ඇය ඇමතූ නමක් විය. ඇය ද මා ඇමතූ® නමක් විය. එහෙත් ඇය පුතු ලද දිනයේ මට ඒ නම අමතක විය. මම ඇය ‘අම්මා’යි ඇමතීමි. කලින් ඇය මා ඇමතූ නම ඇයට ද අමතක විය. ඇය මා ‘තාත්තා’යි ඇමතුවාය.
ඈ තුළ වූ ‘අම්මා’ත් මා තුළ වූ ‘තාත්තා’ත් පහළ වූයේ එසේ ය.
මා කුඩා කල මගේ මව මගේ පියා ඇමතුවේ ‘සුදු පුතාලගෙ තාත්තා’ කියාය. මගේ පියා මගේ මව ඇමතුවේ ‘දරුවන්ගෙ අම්මා’ කියා ය. ඔවුන් අතර වූ ගෞරවය, භක්තිය මුසු බැඳීම කොපමණ ගැඹුරු දැයි මම දනිමි.
ගමේ ඇතැම් ගෙවල්වල සැමියන් හා බිරියන් උනුන් ඇමතුවේ නොගැඹුරු බසිනි. ‘ඒයි’, ‘ඕයි’, ‘තමුසෙ’, ‘අයිසෙ’, ‘අපේ පවුල, ‘අපේ මිනිහ’, ‘මායිය’, ‘මහ එකී’ මට මතක එබඳු ඇමතුම් කිහිපයකි. අලුත් ජෝඩු බොහොමයක් උනුන් හඳුවන්නේ ‘හස්බන්ඩ්’, ‘වයිෆ්’ වැනි පර බසිනි. ඒ වදන් නවීන යැයි ඔවුන් සිතනවා විය යුතුය.
අද අප මේ තත්ත්වයේ සිටින්නේ මා බිරිය තුළ සිටින ‘අම්මා’ නිසාත්, මා තුළ සිටින ‘තාත්තා’ නිසාත් ය. එනිසා ම මට ඇය මවකි. ඇයට ද මා පියෙකි.
ඉදින්, මහතුනි, පොඩි දේටත් ගහ-බැණ ගන්නා ‘හස්බන්ඩ්ලා’, Qවයිෆ්ලා’ සිටින ලෝකයක කිසි දා ‘උඹ නොදකිං’ කියා නොගත්, මතුවටත් එසේ නොවන අපේ ලෝකයේ මට ඇය ‘අම්මා’ ම වෙයි.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
 
  • Like
Reactions: srimalleiton

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආමන්ත්‍රණය කරන විදිහට වඩා වැදගත් වෙන්නේ ආදරයෙන් ආමන්ත්‍රණය කිරීම... ඒකට ඉතිං කොහ්ම කිවත් මොකද... :yes::)

    මේ සිංදුවේ තියෙනවා හොඳම විදිහට ඒ ගැන..

    තාත්තා වුනත් මම බත සරි කරන... අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...

    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්... රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්...
    නුඹ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්.නුතුරයි මසිත තව නුඹෑ වෙත තුරුලු වෙමින්...

    බැතිබර හැඟුම් දනවන ඔබගේ සුවඳ...මොලකැටි පුතුගේ මුව කමලේ ඇත නිබඳ.
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස.. නොහැඟෙයි ලඟින් ඉද මගෙ හිස සිඹින කල....
     
    Last edited:

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    ආමන්ත්‍රණය කරන විදිහට වඩා වැදගත් වෙන්නේ ආදරයෙන් ආමන්ත්‍රණය කිරීම... ඒකට ඉතිං කොහ්ම කිවත් මොකද... :yes::)

    මේ සිංදුවේ තියෙනවා හොඳම විදිහට ඒ ගැන..

    තාත්තා වුනත් මම බත සරි කරන... අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...

    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්... රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්...
    නුඹ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්.නුතුරයි මසිත තව නුඹෑ වෙත තුරුලු වෙමින්...

    බැතිබර හැඟුම් දනවන ඔබගේ සුවඳ...මොලකැටි පුතුගේ මුව කමලේ ඇත නිබඳ.
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස.. නොහැඟෙයි ලඟින් ඉද මගෙ හිස සිඹින කල....

    aniwa machan .
    uba hariyatama thanata galapena sinduwa
    pennala dunna !!!!
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    ආමන්ත්‍රණය කරන විදිහට වඩා වැදගත් වෙන්නේ ආදරයෙන් ආමන්ත්‍රණය කිරීම... ඒකට ඉතිං කොහ්ම කිවත් මොකද... :yes::)

    මේ සිංදුවේ තියෙනවා හොඳම විදිහට ඒ ගැන..

    තාත්තා වුනත් මම බත සරි කරන... අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...

    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්... රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්...
    නුඹ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්.නුතුරයි මසිත තව නුඹෑ වෙත තුරුලු වෙමින්...

    බැතිබර හැඟුම් දනවන ඔබගේ සුවඳ...මොලකැටි පුතුගේ මුව කමලේ ඇත නිබඳ.
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස.. නොහැඟෙයි ලඟින් ඉද මගෙ හිස සිඹින කල....
    :):) eka atta..e namin anit kenage adare denenawanam ekai wedagat ! me sinduwata mama hari asai ! oka kalayak.............. mama ahuwa matakai :P
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ම්ම තාත්ති බබා, එයා අම්මි බබා.... (විහිලු නෙමෙයි ඇත්ත) :yes:
    ඒ උනාට අපේ අම්ම ඒ නම කියලා කතා කරන කොට හිනා වෙනවා..... :( මට කට්ටිය ඉන්න තැන ඒ නම කියන්න ලැජ්ජයි ඒක් නිසා... ඒ උනාට අපි දෙන්න විතරක් ඉන්න කොට එහෙම තමයි කතාකරන්නේ...... :)

    :lol: කවුරුත් මට හිනා වෙන්න එපා
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ම්ම තාත්ති බබා, එයා අම්මි බබා.... (විහිලු නෙමෙයි ඇත්ත) :yes:
    ඒ උනාට අපේ අම්ම ඒ නම කියලා කතා කරන කොට හිනා වෙනවා..... :( මට කට්ටිය ඉන්න තැන ඒ නම කියන්න ලැජ්ජයි ඒක් නිසා... ඒ උනාට අපි දෙන්න විතරක් ඉන්න කොට එහෙම තමයි කතාකරන්නේ...... :)

    :lol: කවුරුත් මට හිනා වෙන්න එපා

    elakiri machan eka thamai adarey kiyanne
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ම්ම තාත්ති බබා, එයා අම්මි බබා.... (විහිලු නෙමෙයි ඇත්ත) :yes:
    ඒ උනාට අපේ අම්ම ඒ නම කියලා කතා කරන කොට හිනා වෙනවා..... :( මට කට්ටිය ඉන්න තැන ඒ නම කියන්න ලැජ්ජයි ඒක් නිසා... ඒ උනාට අපි දෙන්න විතරක් ඉන්න කොට එහෙම තමයි කතාකරන්නේ...... :)

    :lol: කවුරුත් මට හිනා වෙන්න එපා

    අඩේ ඇත්තටම එහෙමද..?? නියමයිනේ මචං... නියම ආදරේ... :yes::yes:
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    ම්ම තාත්ති බබා, එයා අම්මි බබා.... (විහිලු නෙමෙයි ඇත්ත) :yes:
    ඒ උනාට අපේ අම්ම ඒ නම කියලා කතා කරන කොට හිනා වෙනවා..... :( මට කට්ටිය ඉන්න තැන ඒ නම කියන්න ලැජ්ජයි ඒක් නිසා... ඒ උනාට අපි දෙන්න විතරක් ඉන්න කොට එහෙම තමයි කතාකරන්නේ...... :)

    :lol: කවුරුත් මට හිනා වෙන්න එපා
    :yes: nice to hear !Wish u both to lead a happy marriage life with lots of love !:yes::):)
     
    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    දුවලගේ අම්මා , තාත්තා මේ නම් නම් මටත් පුරුදුයි. අපේ අල්ලපු ගෙදර ඉන්න කටිටිය ඔය විදිහට තමා කතා කරන්නේ . මේ දෙන්නම් ගුරුවරු . එක්කෙනෙක් විදුහල්පති කෙනෙක් .. මම දැකපු දෙයක් තියන්වා .. මේ විදිහට කතා කරනකොට ඒගොල්ලන්ට අමතක වෙන්නේ නෑ තමන් ලමයි ඉන්න දෙමාපියො කියලා . අනික ආසාවට වත් මම අහලනෑ මේ දෙන්නා කවමදාවත් බැන ගන්නවා ..