කොටුවක්~පනිමු?
සාමාන්‍ය ජීවිතයේ කොටුවක් පනිනවා කියන්නේ අමුතු තේරුමක් තියන දෙයක්. ඒ ගැන නෙමෙයි මම කතා කරන්න යන්නේ. අපේ රටේ තියෙන කොටු ගැන. එක එක ස්ථානවල කොටු තියනවා. මොනවාද මේ කොටු? ඇයි මේවා හැදුවේ. මම කතා කරන්න යන්නේ මේ අපේ රටේ තියන කොටු ගැනයි.
කොටුවක් කියන්නේ රටේ හරි නගරයක හරි ආරක්ෂාවට ගල් වලින් ඉදි කල බැම්මක්. මේ කොටු ඈත අතීතයේ ඒ කියන්නේ දුටුගැමුණු රජ සමයේ ඉඳලා ඉදිවෙලා තියෙනවා. රජ කාලයෙන් පසුව අපේ රට පාලනය කරපු පෘතුගීසි, ලන්දේසි,ඉංග්‍රීසි ජාතිකයන් අතිනුත් මේවා ඉදිවෙලා තියෙනවා. මේ ආරක්ෂක කොටු අද වෙනවිට පුරාවිද්‍යා ස්ථාන බවට පත් වෙලා. එසේ වෙන්නට හේතුව වෙලා තියෙන්නේ මේවායේ ඇති අපූර්වත්වයයි. ස්වභාවදර්මයාගේ නිර්මානයක් තරමටම මේවා ස්වභාවදර්මයට සමීපයි. අපේ රටේ මේ කොටුගැන පොඩ්ඩක් හොයලා බලන්නයි මේ සූදානම.

1. සීගිරිය.
ලොකු කුඩා ඕනෑම කෙනෙක් දන්න තැනක් තමයි මේ. ඒ කියන්නේ කාශ්‍යප රජ්ජුරුවන්ගේ බලකොටුව. සීගිරිය. අපේ රටේ තියන ලෝක උරුමයක්. අපේ අතීත විභූතිය පෙන්නන තවත් අපූරුම නිර්මානයක්. කාශ්‍යප රජ්ජුරුවෝ මේ සීගිරිය හැදුවේ බලකොටුවක් විදියට. සතුරන්ගෙන් ආරක්ෂාවෙන්න. මේ අපේ රටේ තියන ලස්සනම කොටුව කිව්වොත් මම නිවැරදී.
2. විජිතපුර
අපේ රටේ මුලින්ම නිර්මානය කළ බලකොටුව මෙයයි. එලාර,දුටුගැමුණු යුධ සමයේ තමයි මේ විජිතපුර බලකොටුව ඉදිවෙලා තියෙන්නේ. දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා විසින් මේ විජිතපුර බලකොටුව බිඳදැමූ හැටි ඉතිහාස කතාවල ඔයාලා අහලා ඇති. අද වෙනකොට මෙතන කිසිවක් නෑ. තවමත් විජිතපුර දුටුගැමූණු රජතුමා කඩුව මුවහත් කළ කඩුගෑගල තියෙනවා.
3.කොළඹ කොටුව.
අපි හැමෝම දන්නා තැනක්. ඉතිහාසය පොඩ්ඩක් බලමු. පෘතුගීසීන් තමයි මුලින්ම මේක ඉදිකලේ. එයාලා ඒකට සාන්ත බාබරා කියලා කිව්වා. ඒ 1518. නමුත් 1524 ඒ සාන්ත බාබරා කොටුව විනාසවෙනවා. නැවත 1554 වසරේ ඉදිවෙනවා. එසේ ඉදිවෙන මේ කොටුව 1655 දේ ලන්දේසීන් විසිනුත් 1870 වසරේ ඉංග්‍රීසීන් විසිනුත් නවීකරනය කරනවා. අද වෙනකොට කිසිවක් ඉතිරි වෙලා නෑ. කොළඹ කොටුව අද කොයි වගේ කාර්යබහුලද කියලා කියන්න ඕනා නැහැනේ.
4. ගාලුකොටුව.
පෘතුගීසීන් විසින් නිර්මානය කරපු මේ ගාලුකොටුව අපූරූ සංචාරක ස්ථානයක්. ලන්දේසීන් විසින් 17 වෙනි සියවසේ මේක නැවත වැඩිදියුණු කලා. අදටත් මේ කොටුව ඇතුලේ ලන්දේසි ජාතික මිනිස්සු වාසය කරනවා. බොහෝම අගනා සංචාරක ස්ථානයක්.
5. ෆෙඩ්‍රික් කොටුව- ත්‍රිකුණාමලය
1624 තමයි මේ කොටුව පෘතුගීසීන් විසින් ඉදිකරන්නේ. ඊටපස්සේ පිලිවෙලින් ලන්දේසීන් හා ඉංග්‍රීසීන් යටතට පත් ව්එනවා. බොහෝම ඉහල යුධ ඉතිහාසයක් තියනවා. ලෝක යුද්ධ 2කට මැදි වෙච්ච කොටුවක්. අද වෙනකොට අගනා පුරාවස්තුවක් බවට පත්වෙලා ටියනවා. පාලනය වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින්. සාමන්‍ය ජනයාට දැකබලා ගන්න පුලුවන්
6. ඕස්ටන්බර්ග් කොටුව-ත්‍රිකුණාමලය
ත්‍රිකුණාමල ස්වාභාවික වරායට ඇතුලුවන තැන පිහිටලා තිබුන ඉතා කුඩා කොටුවක්. 1795 තමයි මේක ඉදිවුනේ. අපේ රටේ තුබුනු බලවත්ම කාලතුවක්කු බලකොටුව තමයි මේ.
7. යාපනය කොටුව.
පෘතුගීසීන් තමයි මේ යාපනේ කොටුව නිර්මානය කලේ. ඊට පස්සේ 1658 ලන්දේසීන් යටත් කරගත්තා. ඒත් වැඩි කාලයක් ලන්දේසී පාලනේ යටතේ තිබුනේ නෑ. ඉංග්‍රීසීන් විසින් 1680 වසරේ නැවත යටත් කරගනු ලැබුවා. 1970 වසර වෙනකන් යාපනේ කොටුවේ ගොඩනැගිලී ඒ ත්ත්වෙන්ම තිබුනා. නමුත් පසුගිය යුදසමයේ ඒ ගොඩනැගිලි සෑහෙන ප්‍රමානයක් විනාසවෙලා ගියා.
8. මඩකලපු කොටුව.
පෘතුගීසීන් විසින් 1628 වසරේ නිර්මාණය කරන ලද තවත් බලකොටුවක්. ලන්දේසීන් විසින් 1638 වසරේ යටත් කරගනු ලැබුවා. බොහෝම ලස්සන බලකොටුවක්. ඉතාමත් අලංකාරයි. කුඩා දූපතක් වැනි ස්ථානයක්. පළමු ශතවර්ෂයේ ඉදිකරනලද කුඩා දාගැබක් මෙහි පිහිටලා තියෙනවා.
මම හිතුවාට වඩා ත්‍රෙඩ් එක දිග වැඩිවෙලා. ඒක නිසා මම ත්‍රෙඩ් එක ක්ඔටස් දෙකකින් ඉදිරිපත් කරන්නට හිතුවා. ඒ පිළිබඳ මම මගේ එලකිරි යාලුවන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මම මෙතන විස්ථර කරලා තියෙන්නේ ලංකාවේ බලකොටු 8ක් ගැන විස්ථර පමනයි. ඒවායින් බොහොමයක් ඔයාලා අහලා දැකලා තියෙන ඒවා. ඉතිරි බලකොටු පිළිබඳ විස්ථර ඉක්මනින්ම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපහසුතාවයක් සිදුවෙනවා නම් නැවතවාරයක් සමාව අයදින්න කැමතියි.
Please Put Your Comments.

To Be Continued.
....................................................................................................
Part II has been posted.
Click Here

Last edited:

මම බැලුවා මොන කොටුවක්ද කියලා...

කාවද බන් මතක් උනේ? 