How to Hide Files inside JPG Pictures-JPG එකක් අස්සේ file හැංගීම.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    How to Hide Files inside JPG Pictures-JPG එකක් අස්සේ file හැංගීම.

    Steganography


    මට නෙට් එකේ තිබිල හම්බෙච්ච article එකක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුන. මේකේ තියෙන්නේ JPG file එකක් අස්සේ වෙන file එකක් හංගන්නේ කොහමද කියල. මේකට කියන්නේ Steganography කියල.

    අපිට ඕන file type එකක් jpg image එකක් අස්සේ හංගන්න පුළුවන්. txt, exe, mp3, avi. ඒවගේම අපිට එකම image එක අස්සේ file කිහිපයක් හංගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ personel documents වෙන pictures එහෙම හංගන්න මේක හොඳ ක්‍රමයක්. මේකට යොදාගන්න පුළුවන් හොඳ pictures තමා size එකෙන් අඩු resolution එකෙන් වැඩි jpg files. එතකොට size එකෙන් වැඩි උනා කියල සැක හිතෙන් නැහැ. මේකට වෙන image වර්ගත් use කරන්න පුළුවන්. bmp වගේ


    • ඔයාලට හංගන්න ඕන files ටිකයි use කරන JPG image එකයි එකම folder එකක් අස්සට දාගන්න. අලුතෙන් folder එකක් හැදුවොත් ලේසියි.

    • ඔයාලට හංගන්න ඕන files ටික උඩ විතරක් right click කරලා winrar හරි 7zip වගේ archiver එකකින් අලුත් archive එකක් හදන්න. ඒ archive එකට ඔයාල කැමති නමක් දෙන්න.

    • දැන් ඔයාලගේ folder එක මේ වගේ පේන්න ඕන.හංගන්න හිතපු files ටිකයි JPG image එකයි archive එකයි.

    • දැන් command prompt එක open කරලා CD command එක use කරලා ඔයගොල්ලෝ හදපු folder එක CMD (command prompt) එකේ open කරගන්න.

    • දැන් මේ line එක type කරන්න quotes නැතුව.

      “copy /b DSC06578.JPG + Hidden.rar DSC06578.jpg”

      copy /b කියන්නේ command එක. අනිත් ඒවා file names . ඒවා වෙනුවට ඔයාලගේ file වල නම් type කරන්න. අන්තිමට type කරලා තියෙන්නේ output file එකේ නම . ඔයගොල්ලෝ හරියට කරොත් මේ වගේ responce එකක් එයි.

    හරියට file extension එක type කරන්න මතක තියාගන්න. zip file එකක් වෙනුවට RAR file එකක් යොදාගන්නවා නම් වඩා හොඳයි.සමහර වෙලාවට zip file ලෙඩ දෙන්න පුළුවන්.


    දැන් වැඩේ හරි. ඔයගොල්ලන්ගේ archive එක දැන් picture එක ඇතුලේ තියෙන්නේ. picture එකේ file size එක check කරොත් archive එකේ file size එක ඒකට එකතුවෙලා කියල පෙනේවි.

    ඔයගොල්ලන්ට ඔයාල හංගපු files බලන්න ක්‍රම දෙකක් තියෙනවා.
    1. file extension එක
    rar වලට rename කරලා winrar වලින් extract කිරීම. zip නම් zip කරලා extract කරන්න.
    2. Picture එක උඩ right click කරලා Open With ගිහින් winrar වලින් open කරන එක.


    එච්චරයි මේකේ කරන්න තියෙන්නේ. මේක පරිවර්තනයක්. මේකේ original article එක ලියපු කෙනාට ස්තුතිය!
    Original Article

    මම හදපු එක file එකක් මෙතන පොස්ට් කරනවා. ඒකෙ තියෙනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් ප්‍රෝග්‍රෑම් එකක්. ඔයගොල්ලොත් කරලා බලල hidden files තියෙන pictures මෙතන පොස්ට් කරන්න.
    em4682399.gif




    1568iet.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි යාලුවා...
    මම මේ ක්‍රමය ගැන හොයා ගෙනයි හිටියේ..
    මිට කලිනුත් මේ වගේ පින්තුරයක් අපේ යාලුවන් එක්ක ත්‍රේඩ් එකකින් මං
    බෙදා ගත්තා..
    ඒත් ඒ පින්තුරේ හැදුන හැටි දැනන් හිටියේ නෑ..
    ඒත් දැන් නම් දැන ගත්තා..
    රෙප් +
     
    • Like
    Reactions: Silver bird