එලකිරි.කොම් කියන්නේ තරුණ පරම්පරාව අතර ගොඩක් ජනප්රිය වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්නේ ගොඩක්ම තරුණ පිරිස් උනත් ඒ අතරේ ටිකක් වයසක පහේ උදවියත් ඉන්නවා.
මේ වයසක අයගෙන් කෙනෙක් තමයි හැමෝම දන්නා එලකිරි.කොම් ගාල්ලේ ඒජන්ත අපේ chamikawp සහෝදරයා.
![]()
2010/11/14 වෙනිදාට අපේ චාමිකට වයස අවුරුදු 24 සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ 25 ලබනවා.
මේ වෙනකොට ගෙදර පොඩි සංග්රහයක් එහෙම ලෑස්ති වෙනවා කියලා ගාල්ල පැත්තේ ඉන්න එලකිරි සාමාජිකයන්ගෙන් මට දැන ගන්නට ලැබුනා. චාමික බරටම වැඩලු. සයිකලේ අරගෙන අඩු පාඩු ගේන්න බැල් එක ගහගෙන හෝ ගාලා එහෙ මෙහෙ දුවනවා කියලා ආරංචියි.
කොහොම උනත් මේ උපන්දිනය චාමිකට අමතක නොවෙන උපන්දිනයක් වෛයි කියලා මම හිතනවා.
මගේ යාලුවාට සුභ උපන්දිනයක් වේවා!
තව තවත් ගාල්ල රොක් කරගෙන ඉන්න ලැබෙන්න කියලා අපි හැමෝම සුභපතමු.
![]()
ප.ලි.
පොඩි කතාවක් ලියලා යන්න හිතුනා. මේ දැන් ලැබුනු විශේෂ විස්ථරයක්.
අද උදේ කාලයේ චාමිකගේ උපන්දිනය නිසා අපේ එක්තරා එලකිරි සාමාජිකයෙක් නොදන්වා චාමිකගේ ගෙදර ගිහින්. චාමික ඊයෙ රෑ උරග ලිලාවෙන් තමා ගෙදර ඇවිත් තියෙන්නේ. ඉතින් 8 වෙනකනුත් නිදියගෙන තමා ඉඳලා තියෙන්නේ. අපේ මේ සාමාජිකයා තවත් එලකිරි සාමාජිකයෙකු සමඟ චාමිකගේ ගෙදරට ගිහින් තියෙනවා. චාමික දන්නේ නෑනෙ මේ ඇවිත් ඉන්නේ එලකිරි සාමාජිකයෙක් කියලා. චාමික ගමේ කාටත් උදවු පදවු කරන හොඳ කොල්ලෙක්ලු. ගොඩක් අය ගෙදරට ඇවිත් චාමික හම්බවෙනවාලු රාජකාරී කටයුතු වලට. උප්පැන්න සහතික එහෙම ගන්න. චාමික හිතලා මේ ඇවිත් තියෙන්නේ එහම් දේකට කියලා. රෑ උරග ලීලාවෙන් ගෙදරට ආවාම උදේ මොන උප්පැන්නද? උප්පැන්න සහතික ගන්න ටිකක් දවල් වෙලා එන්න කියලා අම්මා අතේ පණිවිඩයක් එවලා තියෙනවා අපේ එලකිරි සාමාජිකයාට.
පස්සේ ආපු කෙනා දැන ගත්තාම ඇඳෙන් පැනලා දුවගෙන ඇවිත් තියෙන්නේ. මොනා උනත් ඒ අපේ සාමාජිකයාට සෑහෙන්න හොඳට සංග්රහා කරලා. බරටම තෑගිත් ගේන්න දීලා කියලා තමා ආරංචිය.
කට්ටියට මතක ඇති මම කලින් ත්රෙඩ් එකක් දැම්මා චාමිකගේ බයිසිකලයත්, බැල් එකත්, ගේ ගාව තියන කාන්තා පාසලත් ගැන. අපේ එලකිරි සාමාජිකයාට කියලා මම ඒ පින්තූර ටික ගෙන්වා ගත්තා.
මෙන්න චාමිකගේ බයිසිකලයේ ඇත්ත පින්තූරයක්. ඔය තියෙන්නේ බැල් එක.
![]()
මේ තියෙන්නේ ගේ ගාව තියෙන කාන්තා පාසල.
![]()
තව දෙයක් අවසානයේ මතක් කරන්න ඕනා. අපේ මෙහෙ ඉඳලා ගාල්ලට ගියපු එලකිරි සාමාජිකයාට ගාල්ලේ ඉන්න තවත් එලකිරි සාමාජිකයෙක් වෙන Nivinda මල්ලි සෑහෙන්න උපකාර කරලා තියෙනවා. ඒ නිසා Nivinda ගෙ නමත් අනිවාර්යෙන්ම මතක් කරන්න කියලා මට කීවා.
























dan gaththa eka hodai lagama thiyene school eka gana he he






