මව්වරුන්ගේ~දුක(16+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මව්වරුන්ගේ~දුක(16+)

    අද මේ වගේ මාතෘකාවක් මට කතා කරන්න සිදු වුනේ..
    බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ට කිසිදු සමිප කමක් නොදක්වන නිසායි..

    බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ගේ ආදරය සත පහකට ගණන් ගන්නේ නෑ..
    ඒකට මුලික හේතුව හොයලා බලද්දි ඒ අය කියන්නේ අපේ දෙමව්පියන්ගෙන්..
    අපේ ජිවිතය ඉදිරියට ගෙනියන්න විදියක් නැතිව තහංචි දමනවා කියලා..
    ඒ වගේම තේරුමක් නැතිව අපිව පාලනය කරන්න යනවා කියලා..

    ඇත්තටම ඒ වගේ දෙයක් ඒ දෙමව්පියන් තම දුවට හෝ පුතා වෙනුවෙන් කරන්නේ..
    ඒ අය තුල බියක් තියෙනවා තම දරුවා මේ නොදන්නා ලෝකය තුල අතරමං වෙයි කියන චේතනයෙන් සිතන
    නිසායි ඒ අය ඒ වගේ පාලනයක් බලාපොරොත්තු වෙන්නේ..

    කොහොම වුනත්.. ඒ දේ බොහෝ දෙනෙක්ට තේරුම් යන්නේ නෑ..

    ඒ අය තව දුරටත් තම දෙමව්පියන්ගෙන් බැහැරව ජිවත් වෙන්නයි උත්සහ කරන්නේ...
    තම දෙමව්පියන්ගෙන් ඈත් වෙන අය මේ ලොකය තුල මේ සමාජය තුල නොයෙකුත් බාධක වලට මුහුණ දෙනවා..
    ඒ වගේම බොහෝ අසරණකම් වලට මුහුණ දෙනවා..
    ඒ හේතුවෙන් තම ජිවිතය පවා කාලකණ්නි කර ගන්න අය ඕනෑ තරම් ඉන්නවා..

    මම කියන්න යන්නේ නෑ.. දෙමව්පියන් සමිපයේ හිටියා කියලා මේ ප්‍රශ්න වලින් බෑහෑර වෙනවා කියලා.. ඒත්..
    මේ වගේ මතබේද වලට මුලික හේතුව දෙමව්පියන්ගේ ආදරය නොලෑබිමයි..

    තවත් කාණ්ඩයක් ඉන්නවා.. තමන්ගේ ජිවිතයට කෙල්ලෙක් එකතු වුනාම දෙමව්පියන්ව කිසිම ගාණකටවත් මායිම් නොකරන පිරිසක්..
    ඒ අයට කියන්න මට වචන නෑ.. කෙලෙහි ගුණ දන්නේ නෑති මිනිසුන් හැටියටයි මට නම් හදුන්වන්න පුලුවන් වෙන්නේ..

    තමාගේ ජිවිතයට එකතු වෙන ඒ කෙල්ල වෙනුවෙන් තමන්ගේ ජිවිතය වුනත් පුද කරන්න තරම්..
    ඒ කෙල්ලට ආදරය කරනවා..
    මම දකින්නේ නෑ ඒක වැරද්දක් හැටියට..
    මම කියන්න උත්සහ කරන්නේ තමාගේ ජිවිතයට ඊයේ පෙරේදා එකතු වුන කෙල්ලෙක් වෙනුවෙන්..
    ඒ තරම් ආදරයක් දක්වන්න පුලුවන් නම්.. ඇයි තමාව අවුරුදු 20 ක් ජිවිතය වෙනුවෙන්..
    ලේ කිරි කර පොවා හදාවඩා ගත් ඒ අම්මාට ආදරයක් කරුණාවක් ලෙන්ගතු කමක් පෙන්නන්න බෑරි..

    මේ වගේ අවස්ථාවේදි.. බොහෝ දෙනෙක් දරණ මතයක් තමයි.. අපි අලුත් ජිවිතයක් ගත කරන හින්දා දැන් අපිට මේ පවුල ගෙනියන්න ඕන කම හින්දා තම දෙමව්පියන් ගැන හිතන්න පතන්න කාලයක් නෑ කියලා..
    ඒ වගේම දැන් අලුත් පවුලක් වුන හින්දා අපිට තම දෙමව්පියන්ගේ රෑකවරණයක් ඕන නෑ කියන මතයේ ඉන්නවා..

    ඒ වගේ මතයක් දරණවා නම්.. ඒ අය මොහොතක් හරි හිතලා බැලුවා ද ? තම දෙමව්පියන් අපි කුඩා කාලයේදි.. ඒ දෙමව්පියන්ගේ සෞඛ්‍ය ගැනවත් හිතලා බලන්නේ නැතිව..
    අපි වෙනුවෙන් කොයි තරම් වෙහෙස මහන්සි වේලා අපේ බඩ කට පුරවලා.. අපිව ලොකු මහත් කලා ද කියලා..

    මේ සමාජයට කරදරයක් නොකර , අපි වෙනුවෙන් බොහෝ බාධක වලට මුහුණ දිලා..
    කාගෙන් වත් උදව්වක් නොපතා අපිව ලොකු මහත් කලත් ඒ අය තුල කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ.. තම දු දරුවන්ගේන් වාසියක් ලාබයක් ගන්න තරම් චේතනාවක්..

    ඒ අය කවදාවත් තම දරුවන්ට ආදරය කරන්නේ ඒ වගේ වාසියක් පතා නෙවෙයි..
    තම දු දරුවාට.. කිසිදු කරදරයක් නැතිව ලොකු මහත් වේලා මේ සමාජයේ කැපි පෙනෙන චරිතයක් වෙනවා නම් ඒක තමයි ඒ අයගේ බලාපොරොත්තුව..

    අධ්‍යාපනය ලබන අය වෙනුවෙන්...

    මට ඔයාලට කියන්න තියෙන්නේ දෙමව්පියන් අපිව පාලනය කරන්න උත්සහ කලාට ඒ වගේම අපිව තරවටු කරන්න උත්සහ කලාට
    අපි ඒ දෙමව්පියන් ගැන වරදවා හිතන්න යන්න එපා කියලායි.

    මේ සමාජයේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ, තමන්ව මේ ලෝකෙට බිහි කල දෙමව්පියන් තමන්ට අසාධාරණයක් ඉටු කරනවා, ඒ අය තමන්ව හරියට බලාගත්නේ නෑ,
    තමන්ට ආදරේ කරන්නේ නෑ කියන මතයේයි..
    කොයි දෙමව්පියන් උනත් තම දු පුතුන්ට ආදරේ කරන්නේ නෑතිව ඉන්නේ නෑ.. ඒ අය සමහර විට ආදරේ කරන්නේ හදවතින් එලියට පෙන්නන්න උත්සහ කරන්නේ නෑත්තේ
    ඒ ආදරයෙන් දරුවන් ව මනා ලෙස පාලනේ කර ගන්න බෑරි වෙයි කියන මතයෙන් ඉන්න නිසායි.

    විවාහ වුන අය වෙනුවෙන්..

    මට ඔයාලගෙන් ඉල්ලිමක් කරන්න තියෙනවා ..
    ඒ ඇවිත් ඔයාලගේ ජිවිතය සාර්ථක කර ගන්න අදිතාලමක් දැම්ම ඒ දෙමව්පියන්ව..
    කිසිම දවසක අතරමං කරන්න උත්සහ කරන්න එපා.. ඒ වගේ දෙයක් දැන හෝ නොදැන කලා නම්.. මම නම් දකින්නේ ඒ ක්‍රියාව මිනිහෙක්ව මරනවා ට වඩා පාප ක්‍රියාවක් හැටියටයි..

    මම දන්නවා..
    අලුත් ජිවිතයක් පටන් ගත්තාම අපි කාර්ය බහුල වෙන විත්තිය.. ඒ වුනත්..
    අපි තම බිරිදට හෝ ස්වාමියාට තේරුම් කරලා දෙන්න ඕනේ.. ඔයාගේ දෙමව්පියන්ගෙන් වෙන් වුනාට මගේ දෙමව්පියන් ඔයාගේ දෙමව්පියන් හැටියට පිලිගන්න කියලා..
    ඒ වගේ අපි හැමෝම හිතන්න පතන්න ගියා නම්.. මම හිතන විදියට තව දුරටත් යල් පැන ගිය ඒ අම්මායි ලේලියි අතර ඇති වෙන මත බේද තව දුරටත් මේ ලොවෙන් තුරන් කරන්න පුලුවන් වෙයි කියලා..

    මට මේ වගේ කතාවක් සිතුවිල්ලක් එන්න හේතු කිහිපයක් ම තියෙනවා..
    ඒ හින්දායි මම එළකිරි සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ ගැන සිහිපත් කරන්න..
    මගේ වචන වලින් මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කලේ..

    ඒ හේතු ඉදිරියේ දි මම කියන්නම්..
    මට ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමැතියි..
    වේලාවක් තියෙනවා නම්.. මේ ත්‍රේඩ් එකේ අදහස් කල දේ ගැන පොඩ්ඩක් හිතලා බලලා..
    ඔයාලගේ අදහස් එකතු කරන්න..
    එතකොට අපිට තේරුම් ගන්න පුලුවන් වෙයි.. මේ සමාජයේ තම දෙමව්පියන් වෙනුවෙන්..
    තවමත් ආදරය කරන පිරිසක් අපිත් සමග ඉන්න විත්තිය..

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මචන් අර කිව්ව කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි නිසා දෙමව්පියන් අමටක කරන කෙල්ලෙක්/කොල්ලෙක් නම් මලාට බදින්න තොර ගන්න එපා. මොකද කියන්නේ, අවරුදු 18 තමන්ව හදපු වැදපු අම්ම තාත්තා ව අමටක කරන්න පුළුවන් එක්කෙනාට ඔයාව(තමන්) අමටක කරලා වෙන එක්කෙනෙක් ගාවට යන එක මහා දෙයක් වෙන්නේ නැ නේ.
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    WOOOOW Kolla thumbs UP ela ela .....kathawe sahathika athe!!! Me loke apite demaupio tharam wene kauruth adere naa....:):):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    මචන් අර කිව්ව කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි නිසා දෙමව්පියන් අමටක කරන කෙල්ලෙක්/කොල්ලෙක් නම් මලාට බදින්න තොර ගන්න එපා. මොකද කියන්නේ, අවරුදු 18 තමන්ව හදපු වැදපු අම්ම තාත්තා ව අමටක කරන්න පුළුවන් එක්කෙනාට ඔයාව(තමන්) අමටක කරලා වෙන එක්කෙනෙක් ගාවට යන එක මහා දෙයක් වෙන්නේ නැ නේ.

    10000000000% true :(:(:(:(:yes::yes::yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් අර කිව්ව කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි නිසා දෙමව්පියන් අමටක කරන කෙල්ලෙක්/කොල්ලෙක් නම් මලාට බදින්න තොර ගන්න එපා. මොකද කියන්නේ, අවරුදු 18 තමන්ව හදපු වැදපු අම්ම තාත්තා ව අමටක කරන්න පුළුවන් එක්කෙනාට ඔයාව(තමන්) අමටක කරලා වෙන එක්කෙනෙක් ගාවට යන එක මහා දෙයක් වෙන්නේ නැ නේ.

    ඔව්, ඒක තමයි. අපේ ජිවිතයට එකතු වෙන කෙල්ල ලස්සන වුනත් සල්ලි තියෙන පවුල් පසු බිමක හිටියත් අපි බලන්න ඕනේ.. තම දෙමව්පියන් සමග සමිපව ඒ අයත් සමග සන්තෝසෙන් ජිවත් වෙන්න පුලුවන් චරිතයක් ද කියලා..
    නෑතුව කෙල්ල ලස්සන වුන පලියට වැඩක් නෑ..
    අපි මේ තාක් කල් ආදරය කල අම්මායි තාත්තාවයි කිසිම මායිමක් නොකරනවා නම්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    WOOOOW Kolla thumbs UP ela ela .....kathawe sahathika athe!!! Me loke apite demaupio tharam wene kauruth adere naa....:)

    අන්න ඒ දේ තමයි බොහෝ දෙනෙක් ට තේරුම් ගන්න බැරි..
    ඒ හින්දායි මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න මට මුලික වුන හේතුව..
    :)
     
    • Like
    Reactions: samila224

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    awankawama liyala iyenawa hithata wadinnama...
    mage demawpiyoth man laga ne..dakinne awuruddakata serayai:(
    api school yana kale,matath penune ammalawa nikan (sathuro )ape kollo kello okktoma ithin oya seen eka thamai..matanam godak tahanchi tibune ne...eth matath 100% nidahasa tibune ne...
    eth,api tikak matured weddi,jeewitzhya diha real eye eken baladdi,sathyaya wetahenawa...
    ammala thatthalage watinakam denenne ammala thathla laga nethu unama...
    samaha minusun e wewlawata parakku wedi wennath puluwan...tikak digai thama liwwa de..
    mama kiaynne nam...kisima daka demawpiyange sithata dukak denena dewal karanna epa...oyala semadama hithin duk widiy,
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන්... ඔවට අපිත් කොහෙන් හරි වගකියන්න ඕනෙ.. මොකද අපිත් මේ සමාජක්‍රමයේ කොටස් කරුවන් නිසා...
    අපේ කෑතකුනු අතගාල, උස්මහත් කරපු අපෙ රත්තරන් අම්මඉ තාත්තවයි අමතක කරනව කියන්නෙ අපිට මේ ආත්මෙදීම පටිසන් දෙන පාපකර්මයක්..

    අපි මොන කරුමක්කාර වෑඩේ කරල ආවත් අපේ අම්මයි තාත්තයි අනේ මගෙ කොල්ල කියල ආදරයෙන් පිලිගන්නව..

    මේක දර්මදීපය...
    බලන්න දර්මදීපයේ මහලුනිවාස කොච්චර තියනවද???
    මාසෙට අහිනසක මවුවරු, පියවරු කීදෙනෙක් පාරවල් වල අතරමන් කරල දාල යනවද???
    මම කාටවත් අපහස කරනව නෙමයි...
    ඔය දමිතා අබේරත්න කියන නිලියගෙ තාත්තා හිටියෙ කොට්ටාවෙ මත්තේගොඩ පිහිටි මහලු නිවාසෙක (බොරුවක් නෙමෙයි මම දෙපාරක් දාන දුන්න එතෙනට]

    එ තාත්තා මියගියේ ඔය නිවාසයදීමයි.. ඒ වෙද්දි දමිතා මෙගා ස්ටාර් එකෙ තරගකාරියක්.. තමගෙ තාත්තව නිවාසයකට දාපු දමිතා එදා කොහොමද හෑසිරුනු විදිහ???

    තන්ගෙ තාත්තගෙ මරනය මාකට්කරල ලක්ශ 10ක් ගන්න ඒ දුව දරන උත්සහය දෑක්කම මට දුක හිතුනා....

    ඔන්න අපේරටේ අම්මලට තාත්තලට ගිය කල....
     
    බොහෝ දෙනෙක් හිතන්නේ පතන්නේ ඒ විදියටයි..
    තම දෙමව්පියන් ලග ඉන්න අවස්ථාවේදි ඒ අයට තම දෙමව්පියන් වෙනුවෙන්
    කල යුතු යුතුකම් ඒ හැටි මායිම් කරන්නේ නෑ..
    ඒත් තමන්ගේ දෙමව්පියන් නැති අවස්ථාවේදි ඒ ගැන හිතලා තේරුමක් නැතිව
    හදා වැලපෙන සමාජයක් තමයි අපිට බොහෝ වේලාවට දකින්න ලැබෙන්නේ...

    තම දෙමව්පියන්ට කිසියම් හේතුවකින් හරි.. හිත රිද්දවනවා කියන්නේ..
    ඒ අයට මේ ජිවිතය ඉදිරියට ගෙනියන්න තරම් ආශිර්වාදයක් කිසිදා තම දු දරුවන් වෙනුවෙන් ලැබෙන්න විදියක් නෑ..
    ඒ වගේ අයට සාර්ථක ජිවිතයක් වෙනුවෙන් ගෙනියන්න වෙන්නේ අදුරු වු ජිවිතයක් තමයි..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හ්ම්ම් ඇත්ත කතාව යාලුවා
    අපෙ ගොඩක් කෝල්ලෝ කෙල්ලෝ හිතන්නෙ දෙමව්පියො කියන්නෙ (උන්ගෙ බාසවෙන් කිව්වොත් ඇනයක්:(
    කියලා මට මගෙ කන්දෙකට ඇහිලා තියෙනවා එහෙම කියන එවුනුත් උන් දන්නෙ නැ අම්මලා දෙයක් එපා කියන්නෙ,කරන්නෙ තියෙන ආදරෙ නිසා කරදරයක් වෙයි කියන බයට කියලා
    උන් මොක්කුද වගෙ හැදුනත් ඒ තමන්ගෙ ලමයි කියන හැගිමෙන් උන්ට තියෙන දරුකැක්කුම නිසා ඒත් උන්ට එක තෙරුම් යන්නෙ දවසක විවාහයක් කරගෙන දරුවෙක් හදාගත්ත කලෙට. එත් කරුමෙ කියන්නෙ එතකොට සමහර විට පරක්කු වැඩි වෙන්න පුලුවන්
    තමන් කරපූ දෙවල් ආපස්සට කැරකැවෙනවා එක අනිවර්යෙන් වෙන දෙයක් :frown:
    එතකොට දුක් වෙලා වැඩක් නැ තමන් කරපු කියපු දෙවල් ගැන :no:
    මෙ Thread එක දැක්කට මට ටික කලෙකට කලින් වෙච්ච සිද්දියක් මතක් උනා:yes:
    මෙවා බලලා වත් අපෙ එවුන් හැදැනවා නම් එක ලොකු පිනක් මචන්:)
    හොද හදවත් ඇති මිනිසුන් වෙවා
    11.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්... ඔවට අපිත් කොහෙන් හරි වගකියන්න ඕනෙ.. මොකද අපිත් මේ සමාජක්‍රමයේ කොටස් කරුවන් නිසා...
    අපේ කෑතකුනු අතගාල, උස්මහත් කරපු අපෙ රත්තරන් අම්මඉ තාත්තවයි අමතක කරනව කියන්නෙ අපිට මේ ආත්මෙදීම පටිසන් දෙන පාපකර්මයක්..

    අපි මොන කරුමක්කාර වෑඩේ කරල ආවත් අපේ අම්මයි තාත්තයි අනේ මගෙ කොල්ල කියල ආදරයෙන් පිලිගන්නව..

    මේක දර්මදීපය...
    බලන්න දර්මදීපයේ මහලුනිවාස කොච්චර තියනවද???
    මාසෙට අහිනසක මවුවරු, පියවරු කීදෙනෙක් පාරවල් වල අතරමන් කරල දාල යනවද???
    මම කාටවත් අපහස කරනව නෙමයි...
    ඔය දමිතා අබේරත්න කියන නිලියගෙ තාත්තා හිටියෙ කොට්ටාවෙ මත්තේගොඩ පිහිටි මහලු නිවාසෙක (බොරුවක් නෙමෙයි මම දෙපාරක් දාන දුන්න එතෙනට]

    එ තාත්තා මියගියේ ඔය නිවාසයදීමයි.. ඒ වෙද්දි දමිතා මෙගා ස්ටාර් එකෙ තරගකාරියක්.. තමගෙ තාත්තව නිවාසයකට දාපු දමිතා එදා කොහොමද හෑසිරුනු විදිහ???

    තන්ගෙ තාත්තගෙ මරනය මාකට්කරල ලක්ශ 10ක් ගන්න ඒ දුව දරන උත්සහය දෑක්කම මට දුක හිතුනා....

    ඔන්න අපේරටේ අම්මලට තාත්තලට ගිය කල....

    ඔව්, මචන් ඒ කතාව ඇත්ත..
    ඒ වගේ අසරණ කරන්න හේතුව හොයලා බලද්දි අපිට පෙන හේතුවක් තමයි..
    ඒ දුවලා පුතාලාට තම දෙමව්පියන් නිසා අපකිර්තියක් වෙයි කියන මතයෙන් ඉන්න නිසායි..
    ඒ වගේම තම දෙමව්පියන්ට හරියට සලකන්න බැරි නිසා ඒ අය අසරණ කරන්න අකෑමති හින්දා ඒ වගේ අනාථ නිවාස වලට යොමු කලා කියලායි.. ඒ අය නිදහසට කරුණු හෙලි දක්වන්නේ..

    ඇත්තටම ඒ අය ඒ වගේ මතයක් දැරුවත් ඔයා නිකම් හරි ඒ උදවිය හිතලා බැලුවා දා..
    තම දෙමව්පියන් අපි කුඩා කලායේදි කොයි තරම් අපකිර්තියක් ඒ වගේම චොදනා විදලා ඇති ද කියලා..
    බසයක ගමන් කරද්දි.. වුනත් තමන්ගේ අසෑල් වැසියන් ආව අවස්ථාවකදි වුනත්..
    තම කාර්යාලයේ මහත්වරුන් ආව අවස්ථාවෙදි වුනත්.
    අපි කොයි තරම් තම දෙමව්පියන්ට නිග්‍රා වෙන විදියට හැසිරෙන්න ඇති ද ?
    ඒත් ඒ දෙමව්පියන් ඒ හැම අපකිර්තියක් ම අපි වෙනුවෙන්.. ඉවසලා හිටියා..
    ඒ වගෙම අපිට ඒවා තේරුම් කරලා දුන්නා මිසක් අපිව වෙන් කරන්න උත්සහ කලේ නෑ..
     
    • Like
    Reactions: ac2000

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්ම් ඇත්ත කතාව යාලුවා
    අපෙ ගොඩක් කෝල්ලෝ කෙල්ලෝ හිතන්නෙ දෙමව්පියො කියන්නෙ (උන්ගෙ බාසවෙන් කිව්වොත් ඇනයක්:(
    කියලා මට මගෙ කන්දෙකට ඇහිලා තියෙනවා එහෙම කියන එවුනුත් උන් දන්නෙ නැ අම්මලා දෙයක් එපා කියන්නෙ,කරන්නෙ තියෙන ආදරෙ නිසා කරදරයක් වෙයි කියන බයට කියලා
    උන් මොක්කුද වගෙ හැදුනත් ඒ තමන්ගෙ ලමයි කියන හැගිමෙන් උන්ට තියෙන දරුකැක්කුම නිසා ඒත් උන්ට එක තෙරුම් යන්නෙ දවසක විවාහයක් කරගෙන දරුවෙක් හදාගත්ත කලෙට. එත් කරුමෙ කියන්නෙ එතකොට සමහර විට පරක්කු වැඩි වෙන්න පුලුවන්
    තමන් කරපූ දෙවල් ආපස්සට කැරකැවෙනවා එක අනිවර්යෙන් වෙන දෙයක් :frown:
    එතකොට දුක් වෙලා වැඩක් නැ තමන් කරපු කියපු දෙවල් ගැන :no:
    මෙ Thread එක දැක්කට මට ටික කලෙකට කලින් වෙච්ච සිද්දියක් මතක් උනා:yes:
    මෙවා බලලා වත් අපෙ එවුන් හැදැනවා නම් එක ලොකු පිනක් මචන්:)
    හොද හදවත් ඇති මිනිසුන් වෙවා
    11.gif

    බොහෝ දෙනෙක් මේ ගැන හිතන්න පතන්න යන්නේ නෑ යාලුවා..
    ඒ හින්දාමයි මට හිතුනේ මේ ගැන ත්‍රේඩ් එකක් හරි දාලා..
    අපේ සහෝදර සහෝදරියන්ගේ හිත් අවධි කරන්න..