ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    නියමයි මචන් :)
    ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න
    රෙපය දෙන්න බැ ලු පස්සෙ දෙන්නම්:yes:
    ජයවෙවා
    11.gif

    repak nodunnata kamak ne kiyawala balannako.
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    :):):):):):):):):):):):):):):):)
    Sorry වෙන්න ඕනෙ. පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් busy උනා. ඒකයි කතාවෙ ඉතුරු ටික දාන්න බැරිවුනේ. ඔන්න ඉතින් chapter 3 එකේ ඉතුරු ටික.....


    මෙහෙමයි,
    මං bank එකේ වැඩට යන්න කලින් අපි දෙන්න හැමදාම වගේ කතාකලා. පලවෙනි දවසෙ කතාකලාම විනාඩි 5ක් විතර කතාකලාට පස්සෙ පස්සෙ වෙනකොට පැය දෙක තුන එක දිගට කතාකරකර හිටිය. ඉස්සර එයා ස්කොලෙ ඇරිල ආවම තමා මෙහෙම පැය ගනන් කතාකලේ අපි දෙන්න. මොකද එයාට cls තිබුනෙ weekend වල. එයාට හොදට ඉගෙනගන්න පුලුවන්.මං වැඩට යන්න ගියාට පස්සෙ අපි දෙන්නට ඉස්සර වගේ වැඩිය කතාකරන්න බැරි උනා. කතාකරන එක එන්න එන්නම අඩු උනා. එයාමට ඒ කාලෙ කියල තිබුන එයාලගෙ පන්තියෙ පිරිමි ලමයෙක් එයාගෙන් යාලුවෙන්න ඇහුව කියල. පන්තියෙ ලමයෙක් නිසා මන් ඉතින් මොනවත් අහන්න ගියේ නෑ. ඉතින් කොහොම කොහොමහරි මෙයා ඉස්සර තරම් msg එවන එකත් අඩුකලා. මට නිකන් අමුත්තක් දැනුනා. මං මෙයාගැන ටිකක් හොයල බලන්න තීරනේ කලා.

    මට මොකක් හරි ගැන හොයන්න ඕනෙනම් මං එක කොහොමහරි කරල හොයාගන්නව.ඉතින් මං මෙයාගැන හෙව්ව. ආරන්චි උන විදිහට කිසිම ගැටලුවක් තිබුනෙත් නෑ. මෙයාගෙ b'day එක දෙසැම්බර් මාසෙ. මගෙ b'day එකනම් මෙයාට අමතක උනා wish කරන්න. දිනේ අමතක උනා මෙයාට. ඒකයි උනේ. ඒ උනාට කමක් නෑකියල හිතාගෙන මං ඉතින් මෙයාගෙ එකට කරන්න කියල ගොඩාක් ලස්සන ලස්සන වචන එහෙම දාල එකක් හදාගෙන හිටිය. අනේ මෙන්න b'day එකට දවස් 3 4කට කලින් මෙයා මට msg එකක් එව්ව මෙයා 4n එක off කරනව වැඩිය use කරන්නෙ නෑ කියල. පොඩි අවුලක් උනා. ඒක පස්සෙ කියන්නම් කිව්ව. මම හා කිව්ව ඉතින්. B'day එක දවසෙ on කරන්නම් කියලත් කිව්ව. කමක්නෑ කියල මමත් ඉතින් හිටිය. B'day එක දවසෙ රෑම (0000H) මං msg එකක් යැව්ව එයාට wish කරල. එයාගෙ 4n එක off කරල තිබුනෙ. කීයට හරි හම්බෙයිනෙ කියල යැව්ව. එදා හවස එයා ස්කොලෙ ගිහින් එහෙම ඇවිත් මට මං යැව්ව msg එකට reply එකක් එවල තියෙනව. msg කලාට thnx කියල සහ තව කියල තිබුන ඒ sim එක ආයෙ use කරන්නෙ නෑ ඒක අයින් කරනව කියල. මං ඇහුව ඇයි කියල එහෙම කරන්නේ. පස්සෙ දවසක කියන්නම් කිව්ව. එයා පන්තිගියාම මට එයාගෙ යාලුවගෙ 4n එකෙන් කතාකරන්නම් කියල කිව්ව. ඉතින් මං බලන් හිටිය ගොඩ දවසක්. එයාගෙ අර number එකත් off කරල. අනේ මන්ද. හැමදාම කතාකරපු දවස්වලට වඩා මට එයාව ගොඩක් මතක් වෙන්න පටන්ගත්ත.

    එයා මොකටද මන්ද ගෙදර අයට මාර බයක් තියෙන්නේ. එයාට හිටිය අයිය කෙනෙක්යි අක්ක කෙනෙකුයි. අයියට මෙයා මාර බයක් තියෙන්නේ. මංනම් මෙහෙම බයෙන් ඉන්න කෙල්ලෙක් දැක්කමයි ඔය. ඒතරමටම බයයි. ඇහුවට මොකුත් කියන්නෙත් නෑ. ඔන්න ඔහොම ඉන්නකොට එයා එකදවසක් මට කතාකලා cls එකි ඉදලා. එයාගෙ යාලුවගෙ 4n එකෙන්. එයා එදාමට number එකක් දුන්න එකට කතාකරන්න කියල. cls අවම ඒ number එක 4n එකට දාගන්නම් කියල කිව්ව. මෙයාලග තිබුන Dialog number එකක් ඒක මට දුන්නෙ නෑ. එක අරන් දුන්න කිව්වෙ එයාලගෙ ගෙදරින් අක්ක තමා අරන් දුන්න කිව්වෙ. number ඒක ගෙදර අයට ඇරෙන්න වෙන කාටවත් දුන්නේ නෑ කිව්ව. මං ඉල්ලුවම දුන්නෙත් නෑ. මං පස්සෙ සතියෙත් සෙනසුරද මෙයා කතාකරයි කියල බලන් හිටිය. ඒත් කතාකලේ නෑ. එහෙමම සති ගානක් හිටිය. වැඩ තිබුනට කරන්න මං ඒව ඔක්කොම අතෑරල බලන් හිටිය මෙයා කතාකරයි කියල. මෙයා මාසෙකටපාරක් විතර ඊටපස්සෙ කතාකරනව. මට හිතාගන්න බෑ එකපාරටම මෙයාට මොකද උනේ කියල. දැනුවත්වනම් මගෙ අතින් කිසිම වරදක් උනෙත් නෑ.

    මම ඒකාලෙ Facebook යන්න පුරුදුවෙලා හිටිය ගොඩක්. ඔන්න ඔය කාලෙ තම මගෙ ජීවිතෙ 4වෙනි chapter එක පටන්ගන්නෙ. දැන් කොහොමහරි මෙයත් වැඩිය කතානොකරන නිසා මමත් ඔහේ පාවි පාවි ඉන්නකොට හම්බුනා තව කෙල්ලෙක්ව. ඒකත් පොඩ්ඩක් පොඩ්ඩක් දලුදාල ආව. කොහොම කොහොමහරි දෙකම ඔහොම කරගෙන ගිය ටික දවසක්. අලුතෙන් හම්බුන එකට වැඩි ආයුෂ තිබුනෙ නෑ.

    මේ දවස්වල tune කතාකරන්නේ මාසෙකට පාරක් විතර. මම මගෙ මීලග operation එක ඇරඹුව. tune ගැන හොයන්න කියල. මගෙ මෙහෙයුම සාර්ථක උනා. හැබෙයි හදවතට දුක් දෙන කාරනා ගොඩක් එකතු උනා. එයා මට බලාගෙන යනකොට කරල තියන්නෙ අම්බානක බොරු ගොඩක්.

    මෙයා මට කිව්වනෙ අර එයාගෙ පන්තියෙ කොල්ලෙක් එයාගෙන් යාලුවෙන්න ඇහුව කියල. මෙයා ඒ කොල්ලත් එක්ක යාලුවෙල. ඒ කොල්ල එයාට call කරල. ඒක අක්කට අහුවෙලා තම එයා b'day එකට කලින් එයාගෙ 4n එක off කරල තියෙන්නේ. මට ඒ එකකටවත් හේතු කිව්වෙ නෑ එයා. මං එයා ඊලට කතාකරපු දවසෙ මේව ඔක්කොම අහන්න කියල හිතාගෙන හිටිය. ඒත් එයා කතාකරපු දවසට මට ඒව අහන්න පුලුවන්කමක් නෑ. මට් බය හිතුන එයා කතාකරන එක නවත්තයි කියල මාත් එක්ක.ඒ ලස්සන කටහඩ නැතිකරගන්න මන් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඔහොම එයා කරන්නේ බොරුවක් බව දැන දැනත් මන් සෑහෙන දවසක් එයා එක්ක කතාකලා. මොකද ඒ ලස්සන කටහඩ එකපාරක් හරි අහන්න ආස නිසයි. එයා මට කිව්වට එයාගෙ dialog number එක දන්නේ ගෙදර අය විතරයි කියල අර boyත් දන්නව ඒ number එක. මං ඒව ඔක්කොම හොයාගත්ත. ඒ විතරක් නෙවේ. මං ඒ කොල්ලගෙ 4n number එකත් හොයාගත්ත.

    එයා කොහොමහරි එකදවසක් සෙනසුරදවක කතාකල එයාගෙ යාලුවගෙ 4n එකෙන්. එදා මාත් එක්ක කතාකර කර ඉන්නකොට එයාට call එකක් ආව. මං ඇහුව කව්ද කතාකලේ කියල. ගෙදරින අක්ක කතාකල කිව්ව. මං ඇත්තද කියල අහල නිකන් හිටිය. එදා ඒ කතාකලෙ අර පිරිමිලමය. එයට තිබුන මට හැමදේම කියන්න. ඇයි දන්නෙ නෑ එයා මට මොකුත් කිව්වෙත් නෑ. තව තව ගොඩක් දේවල් උනා. කියන්න පුලුවන් ඒව කිව්ව. මෙයා A/L ඉවරවෙලත් කතාකල කොහොමහරි සතියකට සැරයක් විතර. මං පස්සෙ දවසක අහුව මෙහෙම කතාකරන එකෙන් වැඩක් තියෙනවද ඉතින් කියල. එයට් හ්හ්ම්ම්ම් කිය කිය හිටිය. එදා කතාකරල එයා කිව්ව අම්ම එනව වගේ කියල. එයා එදා ගෙදර හිටියේ හොරෙන් කතාකලේ. පස්සෙ මෙයා මට එදා msg එකක් එව්ව හෙට කතාකරන්නම් කියල. මටත් හැමදේම ඇතිවෙලා හිටියේ. මං ඔක්කොම දේවල් හෙට කතාකලාම අහනව කියල හිතාගෙන හිටිය. එදා රෑ මට නින්දගියෙත් නෑ. පහුවදා උනා. එයා ක්තාකරනකල් බලන් හිටිය. වෙනද කතාකරන වෙලාවත් පහු උනා. එයාගෙ 4n එක on කරලත් නෑ. හවස් උනා. රෑත් උනා කතාකරේ නෑ. පහුවදත් බලන් හිට්ය. එයා කතාකරන පාටක් නෑවගේ. ඔහොම සතියක් විතර බලන් හිටිය. මට තේරුනා ආයේ මෙයා කතා කරන එකක් නැතිවෙයි කියල.
    මං එයාගැන බලාපොරොත්තු ඔක්කොම ඇතෑරල දැම්ම. ඒත් එයාව උදේ හවස මතක් වෙන්න පටන්ගත්ත. මට එපාම වෙල හිටියේ ඒ දවස්වල. කොහොමහරි එයාව මතක් වෙන වෙලාවට මොකක් හරි වැඩක් කරල මං එයාව අමතක කරා. අමතක කරා කිව්වට අමතක නෑ. ඒත් මතක් වෙන්නේ නෑ. දැන් ඉස්සර තරම් ගානක් නෑ. ඒකටහඩ වගේ එකක් මට අද වෙනකන්ම හම්බුනේ නෑ ආයෙමත්. මාරම ලස්සන කටහඩ. අදටත් එයා මට එව්ව msg 300 ගානක් මගෙ 4n එකේ තියෙනව. ඒව මකන්න දුකයි.

    අන්තිමේටම එයා මතකයක් විතරක්ම උනා.....

    ඔන්න ඔහොම මගෙ 3rd chapter එක ඉවරවුනා......

    ඊලගට මගෙ 4 වෙනි chapter එක. මේක තියෙන්නෙ 3 වෙනි chapter එකේ මැද්දේ. 3 වෙනි chapter එකේ මැද්දෙන්ම පටන්ගෙන එකේදිම ඉවරවුනා.

    ඒක හෙට කියන්නම්.......
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නියමයි මචන්.මට හිතෙන්නේ උඔ මගේ ජීවිතේ හොරකම් කරල වගේ.... මගේ කථාවත් මේ විදිහමයි.රෙප් දුන්නා....:):):):):)
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    නියමයි මචන්.මට හිතෙන්නේ උඔ මගේ ජීවිතේ හොරකම් කරල වගේ.... මගේ කථාවත් මේ විදිහමයි.රෙප් දුන්නා....:):):):):)


    ඉස්සරහටත් කතාව මගෙ වගේමද කියල බලන්න එහෙනම්
     
    • Like
    Reactions: Supunttt

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    3 වෙනි chapter එක මගදි තමා මගෙ 4 වෙනි chapter එක පටන්ගන්නේ

    Chapter 4


    Tune මාත් එක්ක කතාකරන එක අඩුකරපු කාලෙ මං facebook ගියා හැමදාම වගේ. කරන්න වැඩකුත් තිබුනෙ නැති නිසා. හැමදාම ගිහින් බලනව කරන්න කවුරුහරි කෙල්ලෙක්වත් ඉන්නවද online chat කරන්න කියල. මගෙ account එකට friend request එකක් එන්නෙ සෑහෙන කාලෙකින්. මොකද මගෙ එකේ friendsල එච්චර හිටියෙ නැතිනිසා. ඒ උනාට මාර happy request ඇවිත් තිබුනම. ඔන්න ඔය අතරෙ දවසක් මට කෙල්ලෙක් request එකක් දාල තිබුන. :lol::lol: නමත් මහ අමුතු නමක් තිබුනෙ. ගෙවල්නම් වයඹ පලාතෙ කියල තමා profile එකේ දාල තියෙන්නෙ.

    මොනව උනත් මම පටස්ගාල request එක confirm කලා. මං ඒ girl ට msg එකක් යවන්න කියල හිටියට මට මොකක් හරි වැඩක් නිසා ඒක අතපසු උනා. මං ඒ වැඩේ කරල ඉවරවෙලා ආවම මෙන්න බොලෙ මට එක msg එකක් ඇවිත් තියෙනව. මං පටස්ගාල බැලුව මොකද්ද කියල. මෙන්න බොලේ අර girl මට msg එකක් එවල. හරි පුදුමයි. ඔන්න ඉතින් පටන්ගත්ත msg කිරිල්ල. ඔන්න ඔහොමmsg යවල යවල. හොදටම fit උනා මාත් එක්ක.

    මගෙ යාලුවෙක් හිටිය. මිනිහ එකපාර දෙන්නෙකුට love කරා. මගෙ හොදම යාලුවෙක්. මන් පොරට කිව්ව මෙහෙම කෙල්ලෙක් මට msg කරනව බං කියල. මූ කිව්ව අතට ආව chance එකනෙ අතාරින්න එපා බං උබ පොඩි talk 1 දාල බලපං කියල. මාත් ඉතින් නිකන් එක එක ඉගි දුන්න ඒ කතාකරනකොට. ඒ girl මට එයාගෙ 4n number එකත් දුන්න. දුන්න කිව්වට එයාගෙ profile එකේ number එක දාල තිබුන ඒ දවස්වල. පස්සෙ ඒක අයින් කරා. tune එක්ක කතාකරල දැන් මට හොදට පුරුදුයි. ඒනිසා ඉතින් මන් tune ගෙන් driven පුරුදුවෙලා මේ girl ට trial පෙන්නුව. ඔන්න ඉතින් මට licen එකත් හම්බුනා. :lol::lol:

    ඒ උනාට මං මේක කරේ ජොලියට. මට අමතක උනානේ. මේ girl ට නමක් දෙන්න බැරිඋනානෙ. මෙයාට කියමු ප්‍රසාදි කියල. මොනව කරත් මගෙ හිතේ තිබුන එකම කෙනාතමා tune. කොහොම කොහොමහරි යනකොට ඔන්න මේ girl ගෙ ගෙදරින් මෙයාට කොල්ලෙක් හොයන්න පටන්ගත්ත. මෙයාව බලන්න එක කොල්ලෙක් ආව. ඒ කොල්ල මෙයාගෙ මූන දිහාවත් බලල කතකරන්නෙ නැතිලු. මෙයාම කියනව ඒ කොල්ල සපත්තුදාගෙන හිටියෙ නැත්තන් ඇගිල්ලෙන් බිමත් හාරයි කියල. :lol::lol::lol::lol: ඔහොම යනකොට මට නිකන් තේරුනා මෙයා ටිකක් අනිත් අයට වඩා වෙනස් කියල. මං ටිකෙන් ටික ලං වෙන්න පටන්ගත්ත හිතුවටත් වඩා. මොකද ඒ දවස්වල tune කතාකරන්නෙත් මාසෙකට එකපාරක් වගේනෙ. :(

    අනේ මෙන්න මටත් නොදැනිම මෙන්න මෙයාට මම love කරන්න පටන් අරන්. මලකෙලියයි. මං තොරගන්නෙ කාවද කියල මටම හිතාගන්න බෑ. මොනව වුනත් මට හැමදේම කියලදුන්න tune ව තමා මගෙ හිතේ ගොඩක්ම රැදිල තිබුනෙ. මොකද අනිත් හැමදේටම වඩා එයාගෙ කටහඩ මාරම ලස්සනයි. මං ඒකට ගොඩාක් ආසයි.

    ඔන්න මං එකදවසක් facebook ගිහින් ඉන්නකොට මට නිකමට වගේ හිතුන ප්‍රසාදි ගැන පොඩ්ඩක් තව ටිකක් හොයල බලන්න ඕනෙ කියල. මගෙ යාලුවෙක් හිටිය ප්‍රසාදිලාගෙ ගෙවල් ලගම. මං ඒ යාලුවගෙන් ඇහුව ප්‍රසාදි ගැන. එයා කිව්ව එච්චරටම ඒ girl ගැන දන්නෙ නෑ කියල.
    ඒ උනාට මම ප්‍රසාදිගෙන් ඒ මගෙ යාලුව ගැන අහුවම කිව්ව එයාව හොදට දන්නව කියල. මට පොඩ්ඩක් අබ්ලික් උනා එතන. :frown:

    මං හැදුව තව facebook account එකක්. ඊටපස්සෙ මම වෙන කොල්ලෙක් විදිහට අර මගෙ යාලුවව add කරගත්ත මම අලුතෙන්හැදුව account එකට. මං යාලුවත් එක්ක ටිකක් cht කරල එකහෙම මගෙ අලුත් account එකෙන් මං ටිකක් fit උනා පොරත් එක්ක. මං ඊටපස්සෙ දවසක ඇහුව මගෙ ඒ අනිත් account එකෙන් ගිහින් මගෙ යාලුවගෙන් ප්‍රසාදිව දන්නවද කියල. මෙන්න බොලෙ මං අහුවම මේ ප්‍රසාදිව අදුනන්නෙ නෑ කියපු මගෙ යාලුව කියානව "ආ ප්‍රසාදිව දන්නව හොදට ඒකි යාලුවෙලා ඉන්නෙ මගෙ යාලුවෙක් එක්කනෙ කියල." මට ඒ යාලුවෙල ඉන්න කොල්ලගෙ profile එකේ link එකත් එව්ව.:oo::oo::oo:

    මං ප්‍රසාදිගෙන් කලින් දවසක ඇහුව කලින් යාලුවෙකා හිටිය කොල්ලොගැන. එතකොට මේකි කිව්ව ආපෝ කලින්නම් හිටිය යාලුවෙලා. දැන් ඒව වැඩක් නෑනෙ කියල. මට කොහොමහරි යාලුව අර කතාව කිව්වට පස්සෙත් අහුව. එතකොටත් ඔය කතාවම ප්‍රසාදි කිව්ව.:angry: මන් ඊටපස්සෙ ඇහුව අර යාලුව මට කිව්ව කොල්ල ගැන. ඊටපස්සෙ එයා අහනව කව්ද කිව්වෙ ඒ කොල්ලගැන කියල. මං කිව්වෙ නෑ කිව්ව කෙනාගැන. ප්‍රසාදි කිව්ව ඔව් අනේ එහෙම එකක් තිබුන දැන්නම් ඒව ඉවරයි කියල. මම ඒකොල්ලගෙ profile බැලුවම තමා මට පෙනුනෙ මෙයා ඒ කොල්ලට එක එක facebook gift යවනව හැමදාම. ඌ ඒව wall එකේ publish කරනව. මං ඒකෙන් තම හොයාගත්තෙ. ඒ කොල්ල වැඩිමල් අපිට වඩා අවුරුද්දක්ද කොහෙද. ප්‍රසාදියි මමයි එකම වයසෙ. මට ඉතින් මල මේ වැඩවලට. :angry::no::angry::no::angry::no::angry::no::angry:

    ඒක ඉවරනම් ඇයි ආයෙ මෙහෙම එක එක කෙහෙම්මල් කරන්නෙ කියල මට හිතුන. ඔහොම ඉන්නකොට දවසක් මං facebook ගියාම ජපානෙ ඉන්න කොල්ලෙක් මට request එකක් දාල තිබුන. මං cht කලා. මූ මගෙන් අහනව ප්‍රසාදිගැන. ඒකිගෙ number එක ඉල්ලනව. මට මාර ප්‍රශ්නයක් මූ කොහොමද ප්‍රසාදියි මමයි ගැන දන්නෙ කියල. මං උගෙන් අහුවට ඌ කියන්නෙ නෑ. මං එවෙලෙම ප්‍රසාදිට යැව්ව msg එකක් මෙහෙම කොල්ලෙක් මගෙන් ඔයාගෙ number එක ඉල්ලනව මං මොකද කරන්නෙ කියල. ප්‍රසාදි කිව්ව කාටවත්ම number එක දෙන්න එපාකියල. ඒ දවස් වෙනකොට ප්‍රසාදි number එක එකෙන් අයින්කරල තිබුනෙ profile 1න්. මුගෙන ඇහුවට මූ කියන්නෙම නෑ මාව දන්නෙ කොහොමද කියල. ප්‍රස්සදිත් මොකුත් දන්නෙ නෑ මේගැන. මූ මට එක එක talk දෙනව. මට ඇල්ලුවෙ නෑ. මම මුගෙ account එක deactivate කරලදැම්ම. කරදරේ ඉවරයි දැන්......


    ඔක්කොම හරි ඒත් කතාව මෙච්චරයි අදට කියන්න වෙන්නෙ. මට දැන් ගමනක් යන්න වෙනව. මං ආයෙ ගේදර එන්නේ ඉරිදට. ඒ ආවම කතාව ඉතුරුටිකත් දාන්නම්.......
     
    • Like
    Reactions: kites