ඔයාගෙ මේල් එක HACK කරලද? U Must C This

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඔයාගෙ මේල් එක HACK කරලද? U Must C This

    අන්තර්ජාලය පාවිච්චි කරන අපේ යාලුවන්ගේ වැදගත්ම දේ තමයි E Mail Account එක.මොකද තමන්ගේ වැදගත් තොරතුරු.රහසිගත තොරතුරු විතරක් නෙවෙයි.Facebook රහස් අංක.Credit Card වල තොරතුරු.Hosting Site වල ‍රහස් අංක,ඒ වගේම එක එක Site වල User Name & Password.මෙකී නොකී සියලුම දෑ තියෙන තැනක් තමයි E Mail එක කියන්නෙ.

    ඉතින් මෙච්චර වටිනා E Mail එක කවුරු හරි Hack කලොත්.
    ඉවරයි නේද?

    කවුරු හරි කෙනෙක් ඔයාගෙ E Mail එක Hack කරල Password වෙනස් කරලනම් ඒක ඔයාගෙ අතටම අහු වෙනවනෙ.එතකොටනම් ඉතින් කරන්න දෙයක් නෑ.

    ඒත් ඔයා නොදැනිම කවුරු හරි කෙනෙක් ඔයාගෙ රහස් අංක් හොයාගෙන ඔයාට හොරෙන් LOG වෙනවනම්,ඔයාගෙ රහස්‍ය තොරතුරු බලනවනක් ඔයාට ඒක හොයාගන්න තරමක් අමාරුයි නේද?

    මම මේ කියන දේවල් ටික පොඩ්ඩක් හිතට ගන්න.ඔයාලටත් ඔයාලගෙ Mail එක Hack කරලද කියල බලාගන්න පුලුවන්.


    කොහොමද හොයාගන්නෙ Mail වෙන කවුරු හරි LOG වෙලාද කියල?

    01 . ඔයාට අලුතෙන් ආව Mail Read කරල කියල Mark වෙලා තියෙනවනම්.

    02. ඔයාගෙ අලුත් Mail ,Trash Box එකට Move කරල තියෙනවනම් හරි Delete
    කරල තියෙනවනම්

    03. ඔයාගෙ විකල්ප E Mail (Secondary E mail) ලිපිණය වෙනස් කර ඇත්නම්

    04. දුරකථන තොරතුරු වෙනස් කර ඇත්නම්

    05. ඔයාගෙ E Mail වෙනත් ලිපිනයකට Forward කර ඇතිනම්.



    ඒ වගේම තමයි ඔයාගෙ Mail එක G mail නම් ඔයාට තව වැඩක් කරන්න පුලුවන්.ඔයා G Mail එකට Log උනාම පහල කෙලවරේ මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙයි.


    92105048.jpg


    මෙතන Detail කියන Icon එක Click කලාම ඔයාලට බලාගන්න පුලුවන් ඔයා mail එකට log උන IP එක සමග ඔයා කොහෙන්ද ලොග් උනේ කියල.

    2011__________ Chootymalli@elakiri
    All Rights Reserved.Don't Copy Paste This Post Another Site


    ඒවගේම තමයි ඔයාලගෙ mail එක කවුරු හරි භාවිතා කරනව කියල සැකයක් ඇති උනොත් මේ ක්‍රියාමර්ග පිලිපදින්න.

    01. ඔයා G mail එකට දීල තියෙන Phone Information නැවත Check
    කරන්න.මොකද ඔයාගෙ password එක recover කරගන්න ඒක ගොඩක් උදව් වෙයි.

    02.ඔයාගෙ Password එක වහාම වෙනස් කරන්න.

    03.Mail එකේ Security question වෙනස් කරන්න.

    04.වෙනත් Mail Address වලට Mail Forward වෙන්න දාල තියෙනවනම් ඒවත් වෙනස් කරන්න.

    05.ඔයගෙ විකල්ප E mail Address එකේ password,security question වගේ ඒවත් වෙනස් කරන්න.


    2011__________ Chootymalli@elakiri
    All Rights Reserved.Don't Copy Paste This Post Another Site


    මගේ පෝස්ට් එක එලකිරි යාලුවන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇතැයි සිතනවා.
    ඒ වගේම මගේ Hacking Thread එක හරහා ඔයාලට මේ වගේ දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්

    ::::::::::::::::::::::HOW TO HACK:::::::::::::::::::::::



    2011__________ [email protected]
    All Rights Reserved.Don't Copy Paste This Post Another Site
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඕල්රෙඩි දන්න දේවල් ඒත් වැදගත් වෙයි ගොඩක් අයට ඒනිසා මෙන්න ‍මගේ ගානෙ බම්ප්පුවක් :)
     
    • Like
    Reactions: Chooty malli