30000 හෙන් Guhawa

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    30000 හෙන් Vietnam Guhawa


    හවස් වරුවෙ කට්ටියව ලංකාවෙන් පොඩ්ඩක් එලියට එක්කන් යන කියලා අදහස් කලා.දුර තැනකට නෙවෙයි වියට්නාමා රටේ එක්තරා ගමන තියෙන ස්භාවධර්මයාගේ ආපූර්වතම නිර්මාණයක් පෙන්නන්න.එහෙනම් කලබලයක් නැතුව ගමන යන්න යමු


    vietnam-flag-map.jpg


    ලෝකයේ තියෙන විශාලතම ස්භාවික ගුහාව බලන්න තමයි අපි දැන් යන්නෙ මේක තියෙන්නෙ වියට්නාමයේ එක්තරා ප්‍රදේශයකට වහන් වූ ඝණ කැළෑවක.අතීතයේ උමන් ජල මාර්ගයක් මෙහි තිබෙනට ඇති බවත් එම හේතුව නිසා මෙය මෙතරම් විශාල වන්නට ඇතැයි භූ විද්‍යාන්‍යයින් පෙන්වා දෙයි

    World’s Biggest Cave Discovered In Vietnam

    The world’s largest cave passage was discovered deep within a remote Vietnamese jungle.a new survey shows.

    මේක හදුන්වන්නෙVietnam's Son Doong Cave කියල තමයි

    worlds_biggest_cave_01.jpg


    ඇත්තම කිව්වොත් දැනට ලොව සොයාගෙන ඇති විශාලතම ගැඹුරක් සහිත ගුහාව මෙයයි.එහෙත් මෙයටත් වඩා විශාලත්වයෙන් වැඩි ගුහාවක් ලොව කොතැනක හෝ ඇතැයි විශ්වාස කෙරෙයි

    worlds_biggest_cave_02.jpg


    The Son Doong cave measures 262 feet by 262 feet (80 meters by 80 meters) and at least 2.8 miles (4.5 kilometers) deep, making it the largest single cave passage ever discovered, according to National Geographic News, where the discovery was announced.

    මේ පින්තූරෙන් පේන්නේ පොලව මතු පිට ඉදල මේ ගුහාවට ගොඩබහින අකාරයයි.ගොඩක් පහලට කඹ වලින් තමයි රූටන්න වෙන්නේ මේක ඇතුලට.ඒ තරම් මේක ගැඹුරුයි.

    worlds_biggest_cave_04.jpg


    The previous record holder, Deer Cave in Malaysia, is 300 feet by 300 feet (91 m by 91 m) in parts, but is only about a mile (1.6 km) long.


    හෙලිකොප්ටර් ආධාරයෙන් තමයි මේක තරණය කරන්න වෙන්නෙ.ජාතික ජෝග්‍රොෆිකල් නිවුස් කණ්ඩායම මේ ගුහාව පිළිබධ විමර්ශනය කරන්න යන සවාරිය තමයි මේ.

    worlds_biggest_cave_03.jpg


    මේ තියෙන්නෙ සන් ඩෝන් ගුහාවේ පළමු වැස්ම හෙවත් පශාන පෘශ්ඨයයි.භූගෝලය කරපු අය නම් අහල ඇති මේවා.
    මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා මතකනේ මුලින්ම මම කිව්වා මේ ලෙන මෙච්චර විශාල වෙන්න ඇත්තේ මේක හරහා අතීතයේ ස්භාවික උමං ජල යාන්ත්‍රනයක් ක්‍රියාත්මක වෙන්න ඇති කියලා.මේ පාශානවල තියෙන මේ කඩතොරු ඉරි එක පැත්තකට දිගටම ඒකෙන් ඉහත අනාවැකිය සපථ වෙනව කියලයි මේ පිළිබධ පර්යේශන කරපු නවසීලන්ත භූවිද්‍යා කණ්ඩායම් පවසන්නේ


    worlds_biggest_cave_05.jpg


    එම උමං ජල මාර්ගයෙන් පෝශනය වුවා යැයි සැලෙකෙන ජල පෝෂක ප්‍රදේශ තමයි මේ දිස්වන්නේ.ලෙන හරහා ගලා ගිය ජල කද පහත් බිම් පෝශනය කරන්නට ඇතැයි පිලිගත හැකි සාධක එම පහත් බිම් වලින් පවා විද්‍යාමාන වෙනවා

    By contrast, explorers walked 2.8 miles (4.5 kilometers) into Son Doong, in Phong Nha-Ke Bang National Park, before being blocked by seasonal floodwaters—and they think that the passage is even longer.

    worlds_biggest_cave_06.jpg


    ගුහාවට පිවිසීමට පිවිසුම් දොරටු 4ක් වගේ තියෙනවලු විදේශිකයින් සංචාරකයි භාවිතා කරන්නේ ඉන් පහසුම එක කියල තමයි කියන්නෙ.මේ තියෙන්නෙ එවැනි තවත් එක් දොරටුවක්.මෙතනින් එලියට යන්න අමාරුයි මොකද පාංශු කාදනයා වගේ හේතු නිසා මෙතනින් එලිය විශාල පල්ලමක් තියෙනව කියලයි ආරංචිය.වැටුනොත් පහතින් තියෙන ගම්මානෙට තමයි වැටෙන්නෙ.ඉතින් සොරි.කොම් තමයි

    worlds_biggest_cave_07.jpg


    පරික්ශණ කණ්ඩායම මේක ඇතුලේ ෆුල් චෙකප් එකක් දෙනව ආයි ලොවටම පෙන්නන්න.කොන්ක්‍රීට් වනාන්තර වලින් මිදුන ලෝකයාගෙන් වහන් වෙලා ඉන්නට වෙර දරන මේවගේ ස්ථාන හරි පුදුමයි.මේ වගේ දේවල් ලෝකයාට අනාවරණය කරල කරුණු සහිතව පැහැදිලි කීරිමට මේ කණ්ඩායම් දරණ උස්සහය සුලුපටු නොවෙයි.
    අගය කල යුතු සේවයක්


    worlds_biggest_cave_08.jpg


    කොහොමද මේ ගුහාව නිකන් ගල් ගුහාවක් වගෙයි නේද.බොහො කාලයක් පොලව යට තිබීම නිසා මේවා කැලෑ පුස් වගේ බැදිලා දුර්වර්ණ වෙලා කලු ගල් වගේ ඝණ වෙලා
    .

    worlds_biggest_cave_09.jpg

    මෙන්න තවත් ලස්සන පැත්තක් දකිනකොට හිතට හරි ආසයි යන්න හිතෙනවා දවසක් හිත සැහැල්ලුවෙන් ගත කරන්න

    worlds_biggest_cave_10.jpg


    ලංකාවේ කදු කරේ තේ වවන විදිය දැකල තියෙනවද පඩි පෙලවල් වගේ.මේ ගුහාවෙත් පොඩි පොඩි පැළෑටි පැලවෙලා තියෙන්නෙ එහෙමයි.සරු පසක් නෙ තියෙනෙ ගොඩක් ලස්සනයි මට නම්.ජලය පරිසයත් එක්කම සරුවට ගස් වැල් වැවිලා හරිම අගයි

    worlds_biggest_cave_11.jpg


    මෙන්න මේ දර්ශනය හරි අමුතුයි.ලස්සනයි ගොඩක්.භූ ගෝලීමය ලක්ෂණ මනාවට පිළිඹිබු වෙනවා.ජලය කාලයක් ගලා යාම නිසා තිර්වාන වගේ ඝණ පාශාන පස් අතර තැන්පත්වීමේන් හා නොයෙකුත් ස්භාවිකා ක්‍රියා නිසා මේවා තුලින් නොයෙකුත් අලංකර හැඩයන් ගෙන තිබෙනවා.මෙවා අපේ රටේ නොවුනත් සියලු ලෝකවාසීන් වෙනුවෙන් ඉදිරි පරම්පරාව උදෙසා රැක ගැනීම අරමුණක් විය යුතුයි

    worlds_biggest_cave_12.jpg


    In addition, for a couple of miles Son Doong reaches more than 460-by-460 feet (140-by-140 meters), said Adam Spillane, a member of the British Cave Research Association expedition that explored the massive cavern.

    worlds_biggest_cave_13.jpg


    කොහොමද මේකේ ලස්සන පිස්සු හැදෙනවා මට නම් බලන්න බලන්න ආසයි.ඇස් දෙකෙන් දැකගන්න අවස්ථාවක් ලැබුනොත් කොහොමද

    worlds_biggest_cave_14.jpg


    Spillane was in the first of two groups to enter the cave. His team followed the passage as far as a 46-foot-high (14-meter-high) wall.


    worlds_biggest_cave_15.jpg


    පරීක්ශකයෙක් සිය උපකරණ අධාරයෙන් සියුම්ව පරීක්ශන කටයුතු කරනා සීන් එකක් මේ.පොඩි සාධකයකින් පවා අතීතා වර්ජනයක යෙදෙන්න පුලුවන් කරුණු හොයාගැනීම මෙන්ම ඒ තුලින් අනාගතයට යමක් ගෙන යෑමයි මොවුන්ගේ අධිඨන

    worlds_biggest_cave_16.jpg


    කලින් සදහන් කර ජල උමං පද්ධතියට එක් කර හැකි වැදගත් සාධකයක් තමයි මේ කුඩා දිය ඇල්ල.මේක ගලාගෙන එන්නෙ රට අභ්‍යන්තරයේ කදු ප්‍රදේශයකින් කියලයි ආරංචි වෙන්නෙ.යටින් යටින් ගලාගෙන ඇවිත් උඩට මතු වන්නේ මේ ස්ථානයෙන් කියලයි කියන්නෙ.මෙම ජල පහර එදා ලොකු ජල කදක් වෙන්නට පුලුවනැයි කියනවා

    worlds_biggest_cave_17.jpg


    ගුහාව අභ්‍යන්තරයේ දර්ශනයක් විදුලි පහනක් නැත්නම් යන හරිම බයයි වගේ නේ.කුඩා ශබ්ධයක් පවා දෝංකාර ගෙන දෙනව මෙම ස්ථානයේදී


    worlds_biggest_cave_18.jpg


    යමු යමු තව තවත් පහළටම යමු පොළව යටටම යමු
    “The second team that went in got flooded out,” he said. “We’re going back next year to climb that wall and explore the cave further.”

    worlds_biggest_cave_19.jpg


    මෙහිදී දැකිය හැකි සුවිශේෂී භූ විශමතා ලක්ෂණයක් තමයි මේ.කාලයත් සමග පස් සහ විවිධ පශාන වර්ග මිශ්‍ර වීමෙන් ඇති වන සංසිද්දියක් මත ඇති වන දේවල් තමයි මේ.පහල තියෙන්නෙත් එවන් අකාරයේ නිකන් කිරි වන් කිරි ගරුඪ කණු වගේ දෙයක් තමයි.මෙවා හුදෙක් ඝණ පාශානායන් තමයි.ස්භාව ධර්මයාගේ චමත්කාර ජනක නිර්මාණයන්

    worlds_biggest_cave_20.jpg


    ඇත්තටම කොහොමද ලොව විශාලතම ස්භාවික ලෙන(ගුහාව)කියල වැඩක් නෑ නේ යන්න හිතෙනවා දැක්කම.මෙවා ලෝකෙට අණාවරණය කරන්න කණ්ඩායම ගොඩක් වෙහෙස වෙනවා.ඇත්තටම හදවතින් අගයකළ යුතු දෙයක්.මෙවා ඉදිරි අනාගතය උදේසා රැකගැනීමත් මිනිසුන්වනේ අපේ වගකීමක්.

    _____________________________________________________________

    මුලින්ම කියන්න ඕනේ මේ ElaKiri Traveler ෆෝරම් එකේ මම පල කරන මුල්ම ලිපිය සහ ElaKiri Community එකේ පල කරන 30000වන පෝස්ට් එකයි.මෙච්චර කාලයක් මගේ ලිපි බලල පොඩි හරි අදහසක් ලියන්න වෙලාව වෙන් කරගත්ත ඔගොල්ලන්ට ගොඩක් ස්තුතී

    අදහසක් දලා යන්න අමතක නොකරන්න

    My Previous Elakiri Post's

    _________________



    _________________
    Sorry For Re Post
    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site

     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    30000 කඩඉමට මගෙන් උණුසුම් සුභ පැතුම්! ජය වේවා!

    :D:D:D:D

    ඉදිරියේදිත් වටිනා කියන ත්රෙඩ් වලින් හමුවේවා කියල ප්‍රාර්ථනා කරනවා.