මැමත්

Kalana_65

Well-known member
  • Wooly_Mammoth.gif




    දුක්ඛදායක ලෙස ලොවින් සමුගත් මැමත්(Mammoth) පිලිබඳවයි මේ සටහන....​



    ජීවීන් පරිනාමීය අවධි පසු කරනවාත් සමග ඔවුන්ගේ අලුත් විශේෂ ඇති වෙමින් පරිසරයට හැඩ නොගැසුනු විශේෂ වඳ වෙමින් දම්වැලක පුරුක්මෙන් ජීවන ගමන ගෙනයයි. උදාහරණ ලෙස වර්තමානයේ මීයා මීට වසර දහස් ගණනකට පෙර හරකෙකුගෙ ප්‍රමාණයට සිටීමද මානව විශේෂයක් වන නියැන්ඩතාල් වඳ වීයාමද දැක්විය හැක. සොයාගෙන ඇති කරුණු අනුව දැනට සිටින ප්‍රාග් ඓතිහාසික ජීවියෙක් (prehistorical Creature) එනම් පරිනාමය නොවු ජීවියෙක් නම් කැරපොත්තාය.


    ඉහතින් දැක්වු ලෙසම මැමත් ද ලෝකයේ ජීවත් වු මේවන විට සම්පූර්නයෙන් වඳ වී ගිය ජීවී විශේෂයකි.


    මැමත් යනු නූතන අප්‍රිකා, ආසියා අලි පවුලට (Elephantidae) නෑකම් කියන සත්වයෙකි. දැන් සිටින අප්‍රිකා අලින්ට සමානකම් ඇති මෙම සත්වයාට අඩි 11ක් (3.4m)ක් පමණ වන දල යුගලයක් හිමිව තිබී ඇත. මීට වසර මිලියන 5332ක සිට මිලියන 2588 දක්වා එනම් පෙලියොසීන් යුගයෙ(Pliocene) සිට ප්ලයිස්ටසීන් යුගයේ(Pleistocene) වසර මිලියන 4.8ක කාලයක් දක්වා මොවුන් ජීවත් වී ඇතිබවට සාක්ෂි සොයාගෙන ඇත.



    ජීව දත්තයන්

    මැමත් සතෙකු සාමාන්‍යයෙන් අඩි 16ක් පමණ උසින් ද සාමාන්‍ය බර ටොන් 6 සිට 8 දක්වා වෙනස් වන අතරම වැඩුනු පිරිමි සතෙකු ටොන් 12ක් පමණ වෙනවා. නුතන අලීන් මෙන් මොවුන්ගෙද සමානකම් රාෂියක් සොයාගත හැක. මොවුන්ගේ ගැබ්බර සමය මාස 22ක් පමණ වේ. නූතන අලීන් මෙන් මොවුන්ගෙ සමාජයද මාත්‍රූ මූලික එකකි. පිරිමි සතුන් ලිoගික ක්‍රියාවලියෙන් පසු රැලෙන් ඉවත්ව තනිව වාසය කරන අතර රැලේ නායකත්වය ගෙනියන්නේ ඇතින්නක් විසිනි.



    විශාලත්වයෙන් මැමත් බොහෝ සතුන් වර්තමාන ආසියානු අලීන්ට සමාන වන අතර මොවුන්ගේ විශාලතම කුලය වරැන්ගෙල් නම් උතුරු සර්බියානු දුපත් වල වාසය කල ලොම් පිරුණු මැමත් හෙවත් (woolly Mammoth) වේ. මීට අමතරව කුරු මැමත් (dwarf Mammoth) කැලිෆෝනියා ප්‍රදේශයේද, woolly mammoth උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ, කොලොම්බියානු මැමත් (columbian Mammoth) උතුරු ඇමරිකාවේ වාසය කර තිබෙනවා. මෙයිනුත් අවසාන වශයෙන් ඉතිරි වී තිබෙන්නේ කුරු මැමත් පමණයි.


    මෙ සද්ධන්තයින් ලොවින් තුරන් වීමට කරුණු කාරනා විශාල ප්‍රමාණයක් බලපා තියෙනවා ඒ අතරින් ප්‍රධාන හේතු ලෙස අයිස් යුගයේ නිමාව, දේශගුනයේ බලපෑම්, වනාන්තර ප්‍රදේශ වෙනස්වීම, මානව ශිෂ්ඨාචාරයේ විකාශනය, මැමත් මිනිස් ගැටුම් නිසා ආහාර උදෙසා මැමත් සතුන් අසීමාන්තිකව ඝාතනය දැක්විය හැක.


    දකුණු සයිබීරියාවේ සහ යරෝපය නිජබිම් කරගත් අවසාන woolly mammoth ක්‍රිස්තු පුර්ව 10000 පමණ වන විට ලොවින් සමුගත් අතර නමුත් කුඩා woolly mammoth ජනගහනයක් උතුරු සයිබීරියාණු කලාපයේ ක්‍රිස්තු පුර්ව 8000 පමණ වන තෙක් ජීවත්ව සිට ඇති අතර ඉතා කුඩාකලකින් ඔවුන්ඳ ජීවිතක්ශයට පත්වන්නට ඇත. වරැන්ගල් දූපත් වල සිටි මැමත් ක්‍රිස්තු පුර්ව 1650 පමණ වන විට ලොව හැර ගොස් ඇත.​



    මැමත් වඳ වීමට බලපෑ හේතුකාරණාම නුතන අලි පරපුරද අත්විඳිමින් සිටී එය වඩාත්ම තදින් දැනෙන්නේ අප්‍රිකාණු අලින්ට වඩා ආසියානුවන්ය. ලoකාවද ආසියානු අලීන් ගහණ රටක් බැවින් ඔවුන් සුරැකීමට අපි පෙලගැසෙමු.​



    Translated from-

    If you like this post, Don't forget to leave a comment.....:D:D:D
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වටින විස්තර ටිකක්...........
    මම හරියටම දැන ගත්තේ අද තමා...........