මේ සිද්දිය වුන ඉස්කෝලෙ කට්ටියත් මෙතන ඇති. ඒත් කියන්නම් කෝ. දැන් ඔන්න අපි ගියා මේ පිරිමි ඉස්කෝලෙ ICT Day එකට.
දැන් කට්ටියට තිබ්බ ග්රැෆික් තරඟයක්....ඉතින් ඔන්න මායි යාලු අක්ක කෙනෙකුයිත් ඉදිරිපත් වුනා අපේ ඉස්කෝලෙන්....
නියමිත වෙලාවට තරඟය නවත්තලා දැන් අපිට ඉන්න කිව්වා. ඔහොම ඉඳිද්දි එක අවුරුදු 50ක විතර dial එකක් ඇවිත් දැන් එක ප්රසිද්ධ කාන්තා ඉස්කෝලෙක කෙල්ලො ටිකත් එක්ක මල් කඩනවා......
දැන් මේ වැඩේ මටයි යාළුවටයි මහම ප්රශ්නයක්.....ඔහොම ඉඳිද්දි, ඔන්න අපේ එහා පැත්තෙ කෙල්ලො ටික ගාවට ඇවිල්ලත් මෙයා මල් කඩනවා......
ඊට පස්සෙ අපි ගාවට මූ ආව. ඇවිත් අපේ උරහිස් වල මිනිහගෙ අත් දෙක තියාගෙන හෙන මනමාල voice එකකින් කිව්ව,
"ඔයාල කරපු එක මට පෙන්නන්නකෝ...." කියලා.
"හා" කියලා අපි දෙන්නම මෑන්ස් ට හොඳ "looks" දෙකක් දීලා අපේ ග්රැෆික් එක පෙන්නුවා.
කොහොමහරි දැන් ප්රසිද්ධ පිරිමි ඉස්කෝල දෙකක් පළවෙනි තැනයි, දෙවෙනි තැනයි දිනාගත්තා.....අපිට තුන්වෙනි තැන හම්බ වුනා.
ඒ එක ඉස්කෝලෙක මගෙ යාළුවෙක් හිටපු නිසා මායි අක්කයි ගියා එයාට wish කරන්න. මම ඉන්න ගමන් ඒ කොල්ලගෙන් ඇහුවා
"ඒයි, කව්ද අර කොළ පාට shirt එකක් ඇඳගෙන හිටපු නාකියා?? ඒ මිනිහ මෙතන මල් කඩන්න ආවා, මායි අක්කයි හොඳ ලුක්ස් දෙකක දුන්නයි" කියලා....
ඒ පාර මේක කියනවා,
"ඕයි!!! ඒ තමයි JUDGE!!!!"
thawa ලුක්ස් duuanam 1st wanna thiba,,,,,,





Last edited:
kellonge aathal maruu maruu thava dannakoOo balanna 


