කෙල්ලොන්ගෙ ජොලි කතා

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    මේ සිද්දිය වුන ඉස්කෝලෙ කට්ටියත් මෙතන ඇති. ඒත් කියන්නම් කෝ. දැන් ඔන්න අපි ගියා මේ පිරිමි ඉස්කෝලෙ ICT Day එකට.
    දැන් කට්ටියට තිබ්බ ග්‍රැෆික් තරඟයක්....ඉතින් ඔන්න මායි යාලු අක්ක කෙනෙකුයිත් ඉදිරිපත් වුනා අපේ ඉස්කෝලෙන්....
    නියමිත වෙලාවට තරඟය නවත්තලා දැන් අපිට ඉන්න කිව්වා. ඔහොම ඉඳිද්දි එක අවුරුදු 50ක විතර dial එකක් ඇවිත් දැන් එක ප්‍රසිද්ධ කාන්තා ඉස්කෝලෙක කෙල්ලො ටිකත් එක්ක මල් කඩනවා......
    දැන් මේ වැඩේ මටයි යාළුවටයි මහම ප්‍රශ්නයක්.....ඔහොම ඉඳිද්දි, ඔන්න අපේ එහා පැත්තෙ කෙල්ලො ටික ගාවට ඇවිල්ලත් මෙයා මල් කඩනවා......
    ඊට පස්සෙ අපි ගාවට මූ ආව. ඇවිත් අපේ උරහිස් වල මිනිහගෙ අත් දෙක තියාගෙන හෙන මනමාල voice එකකින් කිව්ව,
    "ඔයාල කරපු එක මට පෙන්නන්නකෝ...." කියලා.
    "හා" කියලා අපි දෙන්නම මෑන්ස් ට හොඳ "looks" දෙකක් දීලා අපේ ග්‍රැෆික් එක පෙන්නුවා.
    කොහොමහරි දැන් ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝල දෙකක් පළවෙනි තැනයි, දෙවෙනි තැනයි දිනාගත්තා.....අපිට තුන්වෙනි තැන හම්බ වුනා.
    ඒ එක ඉස්කෝලෙක මගෙ යාළුවෙක් හිටපු නිසා මායි අක්කයි ගියා එයාට wish කරන්න. මම ඉන්න ගමන් ඒ කොල්ලගෙන් ඇහුවා
    "ඒයි, කව්ද අර කොළ පාට shirt එකක් ඇඳගෙන හිටපු නාකියා?? ඒ මිනිහ මෙතන මල් කඩන්න ආවා, මායි අක්කයි හොඳ ලුක්ස් දෙකක දුන්නයි" කියලා....
    ඒ පාර මේක කියනවා,
    "ඕයි!!! ඒ තමයි JUDGE!!!!"

    thawa ලුක්ස් duuanam 1st wanna thiba,,,,,,:D:D:D:rofl::rofl:
     
    Last edited:

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    සමහර කතා වලට ඇත්තටම හිනා ගියා ... ආතල් වැඩ ටිකක් මේ කෙල්ලට වෙලා තියෙන්නේ.. rep5 ++..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    mama mechchara kaalayak hithaagena hitiye supzter kiyanne kollek kiyala :P by the way katha tikanam maru digatama update karanna ;)
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මේ සිද්දිය වුන ඉස්කෝලෙ කට්ටියත් මෙතන ඇති. ඒත් කියන්නම් කෝ. දැන් ඔන්න අපි ගියා මේ පිරිමි ඉස්කෝලෙ ICT Day එකට.
    දැන් කට්ටියට තිබ්බ ග්‍රැෆික් තරඟයක්....ඉතින් ඔන්න මායි යාලු අක්ක කෙනෙකුයිත් ඉදිරිපත් වුනා අපේ ඉස්කෝලෙන්....
    නියමිත වෙලාවට තරඟය නවත්තලා දැන් අපිට ඉන්න කිව්වා. ඔහොම ඉඳිද්දි එක අවුරුදු 50ක විතර dial එකක් ඇවිත් දැන් එක ප්‍රසිද්ධ කාන්තා ඉස්කෝලෙක කෙල්ලො ටිකත් එක්ක මල් කඩනවා......
    දැන් මේ වැඩේ මටයි යාළුවටයි මහම ප්‍රශ්නයක්.....ඔහොම ඉඳිද්දි, ඔන්න අපේ එහා පැත්තෙ කෙල්ලො ටික ගාවට ඇවිල්ලත් මෙයා මල් කඩනවා......
    ඊට පස්සෙ අපි ගාවට මූ ආව. ඇවිත් අපේ උරහිස් වල මිනිහගෙ අත් දෙක තියාගෙන හෙන මනමාල voice එකකින් කිව්ව,
    "ඔයාල කරපු එක මට පෙන්නන්නකෝ...." කියලා.
    "හා" කියලා අපි දෙන්නම මෑන්ස් ට හොඳ "looks" දෙකක් දීලා අපේ ග්‍රැෆික් එක පෙන්නුවා.
    කොහොමහරි දැන් ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝල දෙකක් පළවෙනි තැනයි, දෙවෙනි තැනයි දිනාගත්තා.....අපිට තුන්වෙනි තැන හම්බ වුනා.
    ඒ එක ඉස්කෝලෙක මගෙ යාළුවෙක් හිටපු නිසා මායි අක්කයි ගියා එයාට wish කරන්න. මම ඉන්න ගමන් ඒ කොල්ලගෙන් ඇහුවා
    "ඒයි, කව්ද අර කොළ පාට shirt එකක් ඇඳගෙන හිටපු නාකියා?? ඒ මිනිහ මෙතන මල් කඩන්න ආවා, මායි අක්කයි හොඳ ලුක්ස් දෙකක දුන්නයි" කියලා....
    ඒ පාර මේක කියනවා,
    "ඕයි!!! ඒ තමයි JUDGE!!!!"

    obage pasala museaus neda :P
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඔන්න ඉතින් අපේ ඉස්කෝලෙට අළුතෙන් ආව ඩුබායි වල ඉඳලා කෙල්ලෙක්......සිංහල නම් නෙමෙයි. ඔන්න ඉතින් මෙයාට ආසයි කිව්ව සිංහල ඉගෙන ගන්න. දැන් කෙල්ල පොඩ්ඩ පොඩ්ඩ සිංහල කතා කරනවා. හැබැයි තාම ඉංග්‍රීසි උච්චාරනයෙන්.:rolleyes:

    ඔන්න දවසක් උදේ පාන්දර එයයි පන්තියේ තවත් කෙල්ලෙකුයි රණ්ඩුවක්. අපිත් ඉතින් අපේ වැඩ. එක පාරටම,

    "පැර්-ර බල්ලෙයි!!" :oo::baffled:

    අපි ඩිම් වුනා.......මොකද්ද අප්පේ ඒ කියලා......බැලින්නම් "පර බැල්ලි" කියලයි කියල තියෙන්නෙ....:P:P
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔයාලගේ ඉස්කෝලෙ තියෙන, ගෙඩි වලට මොනවා වෙනවද කියලහිතාගන්න බැරි, නමුත් මල් විතරක් හැදෙන වම්බටු ගහේ කතාවත් කියන්නකෝ....?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න ඉතින් අපේ ඉස්කෝලෙට අළුතෙන් ආව ඩුබායි වල ඉඳලා කෙල්ලෙක්......සිංහල නම් නෙමෙයි. ඔන්න ඉතින් මෙයාට ආසයි කිව්ව සිංහල ඉගෙන ගන්න. දැන් කෙල්ල පොඩ්ඩ පොඩ්ඩ සිංහල කතා කරනවා. හැබැයි තාම ඉංග්‍රීසි උච්චාරනයෙන්.:rolleyes:

    ඔන්න දවසක් උදේ පාන්දර එයයි පන්තියේ තවත් කෙල්ලෙකුයි රණ්ඩුවක්. අපිත් ඉතින් අපේ වැඩ. එක පාරටම,

    "පැර්-ර බල්ලෙයි!!" :oo::baffled:

    අපි ඩිම් වුනා.......මොකද්ද අප්පේ ඒ කියලා......බැලින්නම් "පර බැල්ලි" කියලයි කියල තියෙන්නෙ....:P:P
    :oo::lol: ඇයි උඹට ඒකි පර බැල්ලි කිව්වේ:lol::lol::lol:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඔන්න අපේ සෞඛ්‍ය කරන ටීචර් ඉන්නවානෙ, මාරම සැරයි....ඒ අස්සෙ බැඳලත් නෑ....අපිට හැමදාම උපදෙස් දෙනවා කොල්ලො එක්ක යාළු වෙන්න එපා ලු......

    මේ කතාව වුනේ අපිට නම් නෙමෙයි......මේක වුනේ අපේ ඉස්කෝලෙ තවත් තරුණ ටීචර්ලා දෙන්නෙකුට.

    සාමාන්‍යයෙන් අර සැර ටීචර් කොරිඩෝවෙ කවුරු හරි ටීචර් කෙනෙක් ඇවිදිද්දි බලෙන්ම කතාවට අල්ල ගන්නවා. ඔය තරුණ ටීචර්ල දෙන්නවත් දවසක් ඔහොම මාට්ටු වුනා ලු.
    දැන් කතාවෙන් කතාවෙන් විවේක කාලයත් ආව නිසා අර සෞඛ්‍ය ටීචර් කිව්වලු එයාගෙ කඩල එක බෙදාගෙන කන්න එන්න කියලා.
    වැඩිහිටි ගුරුවරියක් නිසා අර ටීචර්ලා දෙන්නත් හා කිව්වලු.

    ඔන්න දැන් කඩල කද්දි හෙනම හෙන අමුතු රහයිලු. වීසි කරන්නත් බෑ නෙ.....දැන් ඔහේ අර දෙන්නත් කනවලු. එතකොට අර සෞඛ්‍ය ටීචර් කියනවලු,

    "ඔය ළමයි දන්නවනෙ, මම හැම දේම හරිම පිරිසිදුවට කරන කෙනෙක් කියලා....මම ඔය කඩල ටිකත් රින්සො දාලා හෝදලා තමයි උයන්නෙ!" කියලා....
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මට මහ ලැජ්ජයි කියන්න, ඒත් මට ලේ පෙරෙන ඒව බලන්න බෑ. මම දෝයි ගාල කලන්තෙ දාල වැටෙන්නෙ නැහැ, ඒත් ඒ මනුස්සයාගෙ තුවාල වුනේ අත නම් මගෙත් අත රිදෙනවා....කකුල නම් මගෙත් කකුල රිදෙනවා.

    ඔන්න දවසක් මම ඉස්කෝලෙ යනවා තාත්තත් එක්ක. ඉස්සරහින් ගිය බස් එකේ ෆුට් බෝඩ් එකේ හිටපු කොල්ලෙක් අර "ඇඩ් එකට" කොල්ලො බස් එක නවත්තන්න කලින් ෆුට් බෝඩ් එකෙන් පනින්නෙ.....අන්න එහෙම පැන්නා.....ඒත් එයාව පාරෙ වැටුනා.....දැන් අත බරු ගිහිල්ලා ගන්න දෙයක් නෑ......ඒ පාර මෙන්න මගේ අත රිදෙන්න ගත්තා!!! දැන් මම දාගෙන මගේ අත අත ගාගන්නවා....

    ඒ අස්සෙ තාත්ත අහනවා,
    "ඒ යකා වැටුනම ඇයි ඔයාගෙ අත රිදෙන්නෙ?"
    නිකන් හරියට
    "මලිත්ට ගැහුවම ඇයි චංචලා අඬන්නෙ" වගේ..

    මම ඉතින් "නෑ නිකම්.." කියලා ශේප් වුනා......ඔන්න මම ඉස්කෝලෙ ගියයි කියමුකෝ.....මගෙ යාළුවෙක් ඉන්නවා (අර අනේ මට කොල්ලෙක් නැතුව ජීවිතයක් නෑ ගාගෙන ඉන්න ටයිප්.) මම ඉතින් වෙච්චි පලහිලව්ව එයාට කිව්ව.

    මෙයා මුළු ඉස්කෝලෙටම ඇහෙන්න කියාපි,

    "ආනේ, ඔය දෙන්න පතාගෙන ආව එකක්ද කොහෙද..." කියලා.....
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,248
    413
    83
    cgtech.lk

    aththata wechcha deyakda nathnam patta pal boruda?
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අපේ ගෙදර වෑන් එකේ ඩ්‍රයිවර් මහම පැණියා. අර අයි ටී එන් එකේ යන මෙගා ආදර කතා බලලා පොර ඒ වගේ තමයි අඳින්නෙ. ඉතින් ඒවගෙ ඉන්නෙ නළුවොනෙ, උන් ලස්සනයි නෙ.....ඒකට මේ මිනිහා......ඇඳම නිකන් ගස් ගෙම්බෙක් වගේ......

    කොහොම හරි මිනිහගෙ සිරිත තමා කෙල්ලො දැක්කම ඇවිස්සෙන එක. ඇහැට කනට පේන අක්ක කෙනෙක් තියා පොඩි එකෙක්ටවත් පාරෙ යන්න බෑ.....මූට නට් ලූස් වෙනවා.....එතකොට ඉතින් මටයි අම්මටයි "Call celynco" තමයි.

    දවසක් අපේ ඉස්කෝලෙ ගිය අවුරුද්දෙ අවුරුදු පොළ. වෙලාව රෑ 7ට 8ට ඇති. ඔක්කොම ඉවර කරලා අපි බලන් ඉන්නවා වෑන් එක එනකල්.....ඔහෙ එන පාටක් නෑ......ටිකක් ඉඳිද්දි දැන් ළමයි ඔක්කොම ගිහින්. කෙල්ලො 6 දෙනෙක් විතරයි, දෙමළ ටීචරුයි විතරයි හිටියෙ.

    ඔන්න එක පාරටම කඩාගෙන බිඳගෙන ආවා වෑන් එකක්....කාගෙද කියන්න ඕනෙ නෑ නෙ......කෙල්ලො ගිරි යටින් කෑගැහුවා.....
    දෙමළ ටීචර්, "අරෙ රාමා!!!" කිව්ව......

    මම මූණ ඇඹුල් කරගෙන තමා වෑන් එකට නැග්ගෙ.....මේ මනුස්සයා යද්දිත් අර කෙල්ලොට බායි කිව්වනෙ!!! මට පොළව පළාගෙන යන්න හිතුණා...