කෙල්ලොන්ගෙ ජොලි කතා

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මට මහ ලැජ්ජයි කියන්න, ඒත් මට ලේ පෙරෙන ඒව බලන්න බෑ. මම දෝයි ගාල කලන්තෙ දාල වැටෙන්නෙ නැහැ, ඒත් ඒ මනුස්සයාගෙ තුවාල වුනේ අත නම් මගෙත් අත රිදෙනවා....කකුල නම් මගෙත් කකුල රිදෙනවා.

    ඔන්න දවසක් මම ඉස්කෝලෙ යනවා තාත්තත් එක්ක. ඉස්සරහින් ගිය බස් එකේ ෆුට් බෝඩ් එකේ හිටපු කොල්ලෙක් අර "ඇඩ් එකට" කොල්ලො බස් එක නවත්තන්න කලින් ෆුට් බෝඩ් එකෙන් පනින්නෙ.....අන්න එහෙම පැන්නා.....ඒත් එයාව පාරෙ වැටුනා.....දැන් අත බරු ගිහිල්ලා ගන්න දෙයක් නෑ......ඒ පාර මෙන්න මගේ අත රිදෙන්න ගත්තා!!! දැන් මම දාගෙන මගේ අත අත ගාගන්නවා....

    ඒ අස්සෙ තාත්ත අහනවා,
    "ඒ යකා වැටුනම ඇයි ඔයාගෙ අත රිදෙන්නෙ?"
    නිකන් හරියට
    "මලිත්ට ගැහුවම ඇයි චංචලා අඬන්නෙ" වගේ..

    මම ඉතින් "නෑ නිකම්.." කියලා ශේප් වුනා......ඔන්න මම ඉස්කෝලෙ ගියයි කියමුකෝ.....මගෙ යාළුවෙක් ඉන්නවා (අර අනේ මට කොල්ලෙක් නැතුව ජීවිතයක් නෑ ගාගෙන ඉන්න ටයිප්.) මම ඉතින් වෙච්චි පලහිලව්ව එයාට කිව්ව.

    මෙයා මුළු ඉස්කෝලෙටම ඇහෙන්න කියාපි,

    "ආනේ, ඔය දෙන්න පතාගෙන ආව එකක්ද කොහෙද..." කියලා.....

    hehe ha ha :D u told me this..lol
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    :lol: මමත් දෙල්කද තමයි! කවද්ද ඔය වැඩෙ උනෙ? :P :D බොරුවක් නෙවෛයිනෙ :rolleyes: :P

    හ්ම්,.....මතක හැටියට 2009 විතර......අපි ආවෙ පිළියන්දල ඉඳන්...
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අපේ පාසලේ ආරක්ෂක නිලධාරීන්ටද මෙයින් සැළසෙන වාසි ගොඩකි. පඩියට අමතරව, තරුණියන්ගේ ආදරය ලබන්නටත්, ලබන්නට අයැද ඉල්ලන් කන්නටත් ඇති භාග්‍ය මෙම නිලධාරීන්ට හිමිව ඇත. අපගේ ආරක්ෂක නිළධාරීන් මෙසේ ය.

    1. හෝතඹුවා ලෙස නම් කර ඇති මොහු, තම තලත්තෑනි වයස නිසා පීඩා විඳියි. කෙතරම් පැණි හිනාව දා කෙල්ලන්ට "ගුඩ් මෝනින්" කීවද, කෙල්ලො "ගුඩ් මෝනින් අංකල්" කියූ කල් හී හෝතඹු තෙමේ අපමණ දුක් විඳියි. මෙය මහා බ්‍රාහ්මණයාගේ කඩාකප්පල්කාරී ක්‍රියාවකි. හෝතඹුවාව ලොවට එවන්නට තිබ්බේ තව කල් පසු වී ය.

    2. අල බතල ලෙසින් හැන්දින්වෙන දෙවන ආරක්ෂක නිළධරයා තමාගේ දොන් සේතන් කොන්ඩ විලාසිතාවත්, උත්තමාචාර පෙළපාලියේ ගමන් කරන්නා හා සමාන ලාලිත ගමනත් නිසා පෙම්වතියකටද හිමිකම් කීවේ ය.

    3. ඇඩ් අය්යා ලෙස නම් කර ඇති මොහු තමා ශිහාන් මිහිරංග යැයි හිතා කටයුතු කරන්නේ ය. ලෝහ ඩිටෙක්ටරය තමාගේ ගිටාරය යයි සිතාගන්නා මොහු, නිතරම පාහේ "ඇස් දෙක පියාන නිදාගන්න මට බැරි බව පවසයි.

    මෙවන් ආරක්ෂක අංශයක් හමුවේ අප පරෙස්සම ගැන කුමට හිතමුද? යකෙකුටවත් බිය නැති මෙම අභීත ආරක්ෂක නිළධරයන් බය පිරිමි පාසල් වල ළමුන්ට පමණි.

    :P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: freak88

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    :rolleyes: ඔයා කියන්නෙ සුපර් මාර්කට් එක ඉස්සරා තියෙන Halt එක ගාවද කොල්ලා වැටුනෙ :D

    ඔයා සුපර් මාකට් කියන්නෙ අර සෝම හාමුදුරුවන්ගේ පිළිමය තියෙන තැන නම්, එතන තමයි......
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    අපේ පාසලේ ආරක්ෂක නිලධාරීන්ටද මෙයින් සැළසෙන වාසි ගොඩකි. පඩියට අමතරව, තරුණියන්ගේ ආදරය ලබන්නටත්, ලබන්නට අයැද ඉල්ලන් කන්නටත් ඇති භාග්‍ය මෙම නිලධාරීන්ට හිමිව ඇත. අපගේ ආරක්ෂක නිළධාරීන් මෙසේ ය.

    1. හෝතඹුවා ලෙස නම් කර ඇති මොහු, තම තලත්තෑනි වයස නිසා පීඩා විඳියි. කෙතරම් පැණි හිනාව දා කෙල්ලන්ට "ගුඩ් මෝනින්" කීවද, කෙල්ලො "ගුඩ් මෝනින් අංකල්" කියූ කල් හී හෝතඹු තෙමේ අපමණ දුක් විඳියි. මෙය මහා බ්‍රාහ්මණයාගේ කඩාකප්පල්කාරී ක්‍රියාවකි. හෝතඹුවාව ලොවට එවන්නට තිබ්බේ තව කල් පසු වී ය.

    2. අල බතල ලෙසින් හැන්දින්වෙන දෙවන ආරක්ෂක නිළධරයා තමාගේ දොන් සේතන් කොන්ඩ විලාසිතාවත්, උත්තමාචාර පෙළපාලියේ ගමන් කරන්නා හා සමාන ලාලිත ගමනත් නිසා පෙම්වතියකටද හිමිකම් කීවේ ය.

    3. ඇඩ් අය්යා ලෙස නම් කර ඇති මොහු තමා ශිහාන් මිහිරංග යැයි හිතා කටයුතු කරන්නේ ය. ලෝහ ඩිටෙක්ටරය තමාගේ ගිටාරය යයි සිතාගන්නා මොහු, නිතරම පාහේ "ඇස් දෙක පියාන නිදාගන්න මට බැරි බව පවසයි.

    මෙවන් ආරක්ෂක අංශයක් හමුවේ අප පරෙස්සම ගැන කුමට හිතමුද? යකෙකුටවත් බිය නැති මෙම අභීත ආරක්ෂක නිළධරයන් බය පිරිමි පාසල් වල ළමුන්ට පමණි.

    :P:P:P:P:P:P:P:P:P
    iskole kellekda?:rolleyes:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඔයා සුපර් මාකට් කියන්නෙ අර සෝම හාමුදුරුවන්ගේ පිළිමය තියෙන තැන නම්, එතන තමයි......

    :lol: එහෙනම් කමක් නැ! :P
    මොකද මමත් දවසක් වැඩකැල්ලක් දැම්මා පාරෙ :lol: හැබැයි අනිත් Halt එකෙ! :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: එහෙනම් කමක් නැ! :P
    මොකද මමත් දවසක් වැඩකැල්ලක් දැම්මා පාරෙ :lol: හැබැයි අනිත් Halt එකෙ! :lol:
    LMFAO :lol::lol: පෙන්ටත් නිකන් ඉඳලා නෑ වගේ
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    oyage iskole genama mata hari adambarai ... mokada mage akka giyeth oya skl ekatamai mage nenda igenuweth oya skl ekemai.. maha angyakorosh iskolyakne halo :lol:
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ඔන්න ඉතින් අපේ ඉස්කෝලෙට අළුතෙන් ආව ඩුබායි වල ඉඳලා කෙල්ලෙක්......සිංහල නම් නෙමෙයි. ඔන්න ඉතින් මෙයාට ආසයි කිව්ව සිංහල ඉගෙන ගන්න. දැන් කෙල්ල පොඩ්ඩ පොඩ්ඩ සිංහල කතා කරනවා. හැබැයි තාම ඉංග්‍රීසි උච්චාරනයෙන්.:rolleyes:

    ඔන්න දවසක් උදේ පාන්දර එයයි පන්තියේ තවත් කෙල්ලෙකුයි රණ්ඩුවක්. අපිත් ඉතින් අපේ වැඩ. එක පාරටම,

    "පැර්-ර බල්ලෙයි!!" :oo::baffled:

    අපි ඩිම් වුනා.......මොකද්ද අප්පේ ඒ කියලා......බැලින්නම් "පර බැල්ලි" කියලයි කියල තියෙන්නෙ....:P:P
    නරකම නෑ පට්ට ආ.....................