අනිච්ච දුක්ඛ අනත්ථ

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අනිච්ච දුක්ඛ අනත්ථ

    අනිච්ච

    මම හිතන විදිහට නම් අනිච්ච කියන එකට අනිත්‍ය කියන ඒක විතරක් අයිති වෙන්නේ නැහැ. අනිත්‍ය යනු එක aspect එකක් විතරයි. අනිච්ච කියන වචනෙට ගොඩාක් දේවල් අයිති වෙනවා. අනිච්ච කියන්නේ නිසි නෑ කියන එකට. අනිච්ච කියන ඒක ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විදිහට සහ ත්‍රිපිටකයේ අනිත් සූත්‍ර වලට අනුව, අනිච්ච , නැතිනම් අනිසි කියන්නේ මෙන්න මේවට.

    1)
    කැමතිසේ නැති ස්වාභාවය,(හේතුවකින් හටගත් සියලු දේවල් කොච්චර අපි අපිට ඕන විදිහට පවත්වා ගන්න හැදුවත් ඒවා අපිට කැමති විදිහට පවතින්නේ නෑ. ඒක තමයි තිත්ත ඇත්ත. සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙමයි.

    2) විපරිනාම වීමේ ස්වභාවය(අනිත්‍ය), ( සියලුම දේවල් වෙනස් වෙනවා, අද මම ජීවත් වුනාට හෙට මම මැරෙන්න පුලුවන්, කියන්න බෑ. ඕන කෙනෙක් එහෙමයි. අද ලස්සනට ගෙදර තිබ්බ, හෙට සුනාමි යක් ඇවිදින් විනාශ වෙන්න පුළුවන්.)

    3)කොච්චර වින්දත් ආසාව ඉවර වෙන්නේ නෑ කියන ස්වාභාවය (ගිරිමානංද සූත්‍රයේ තියෙන්නේ
    බල්ලෙකුට මස් කට්ටක් ලැබුනාම ඌ ඒක ඇති තරම් ලෙව කනවා. ඇති වැඩකුත් නෑ, එත් මස් ගඳට ලෙව කාගෙන කාගෙන යනවා.එකටත් අනිච්ච ස්වාභාවය කියලා කියනවා), (ඉතින් ඇත්තනේ, කොච්චර ආසාවන් වින්දත් එපා වෙනවද? නෑනේ :D:D:D:D

    දුක්ඛ

    අනිච්ච දේවල් අනිච්ච දේවල් ලෙස නොදැන, ඒවා උපාදානය කරගත්තොත් ,දැඩිව අල්ලගත්තොත් ඒක දුකට හෙතුවෙනවා.

    අනත්ථ
    1) අනත්ථ කියන එකටත් ගිරිමානන්ද සූත්‍රයේ කියන්නේ අසාර බව.
    (මිනිහෙක් කෙහෙල් ගහක් කපාගෙන කපාගෙන යනවා එකේ අරටුවක් හොයන්න, එත් ඔහුට කවදාවත් අරටුවක් හම්බවෙන්නේ නැහැ, හරයක් නැති එකටත් අනත්ථ කියා කියනවා.

    2) තව අපිට කියන්න පුළුවන් මම මගේ කියා ගන්න බැහැ කියන අර්ථයෙනුත්.

    EXAMPLES

    1) දැන් ඔන්න හිතමු ධර්මය දන්නා ආර්ය පුද්ගලයෙකුගේ අම්මා හෝ තාත්තා නැතිවුණා කියලා. එතකොට ඒ උතුමාණන් ධර්මය දන්නා බැවින් ඔහු හිතන්නේ මෙසේයි." සියලු සංස්කාර ධර්මයන් අනිච්චයි," (මෙතන අනිච්චයි කියන්නේ , කැමති සේ නෑ, විපරිනාම යට ලක්වෙනවා කියන අර්ථයෙන්.) "එම නිසා මේ දේවල් වලට උපාදානය කරගත්තොත් දුකකි", "එම නිසා මේ දේවල් මම මාගේ කියා අල්ලගන්න හොඳ නැහැ."

    2) දැන් ඔන්න අපි හිතමු ධර්මය දන්නා කෙනෙක් සිගරට්, මත්පැන්, Porn (ඇත්තම කතා කරමු :D:D) ගැන කියන්නේ මොනාද කියා. " පින්වත, ඔය ජාති අනිච්චයි, (මෙතන අනිච්චයි කියන්නේ "කොච්චර වින්දත් ආසාව ඉවර වෙන්නේ නෑ කියන ස්වාභාවය" කියන ඒක)." , අන්තිමට ඔබට ඔය දේවල් දුකක් මයි ගෙන එන්නේ, එම නිසා ඔය දේවල් අසාරයි.

    3) දැන් අපි හිතමු ඒ උතුමානන් ගේ තිබු සියලු ධනය නැතිවුනා කියලා, (සක්විති case ඒක වගේ ), එතකොට ඔහු හිතන්නේ, "මේවා අනිච්චයි, (මෙතන අනිච්චයි කිව්වේ විපරිනාම, වෙනස් වෙනවා කියන එකට,), අනිච්ච දේවල් වලට ඇලීම හොඳ නෑ, එම නිසා මේ දේවල් මම මගේ කියා ගන්න හොඳ නෑ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි, අප ජීවත් වෙන කාලේ අපිට ජීවත් වෙන්න සල්ලි හම්බකරාට, ගෙවල් ගත්තාට, යාන වාහන ගත්තාට කමක් නෑ, එකේ වැරද්දක් නෑ.හැබැයි අපට උවමනා පමණින්, හැබැයි ඒවා උනත් තදින් උපාදානය කරගත්තොත් ඉතින් sorry.com තමයි. අපි අවබෝද කරගන්න ඕනේ මේවා ත්‍රිලක්ෂණයට අයිතිවෙන දේවල්, මේවා අපි කවදා හෝ අප දාලා යනවා, මේවා වෙනස්වෙන දේවල්, කොයිවෙලාවේ අපිට මේවා නැතිවෙයිද දන්නේ නැහැ, කියලා.

    බුද්ධ ධර්මය හොදින් දන්නා ඇය කරුණා කර මේකේ මොනා හරි වැරදි එහෙම තියෙනවානම් ඒවා හරිගස්සනා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මල්ලි, ත්‍රිලක්ෂණය හප හපා හිටිය හොඳටම ඇති නේද දැන්??
    දැන්වත් සක්ඛාය දිට්ඨිය කියන එකෙන් නිදහස්වෙන එක ගැන කල්පණා කරන්න පටන් ගන්න!! 'මං' කියන එකා ඉන්නේ ඔය ඇඟේ කොතනද? කොයි කෑල්ලේද? කියල හොයන්න බලන්න...
    ඔයා ඉන්නෙම තව යං... තව යං... කියන view එකේ!! හැබැයි මම නම් කියන්නෙම නවත්තපන්... නවත්තපන්... කියල විතරයි!!! මොකද මේ වෙනකොට 'ගිහිල්ල' තියන තරම හොඳටෝම ඇති!!
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    ත්‍රිලක්‍ෂණය තමයි හප හප ඉන්න ඕන... ඔකෙන් තමයි ගැලවීම තියෙන්නෙ...

    “නහි සීල වතං හෝතු උප්පජ්ජාති තතාගතා” සිල් වතක් දෙන්න තතාගතයන් වහන්සේ ඉපදිලා නෑ. “අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාශිතා”. අකුරු අටක් පද තුනක් බුදු වරයන් වහන්සේලා ප්‍රකාශ කල. ඕක කියන්නයි බුදුවරු පහල වෙන්නේ.

    ඉතින් ත්‍රිලක්‍ෂනය හරියට අවබෝධ වුනා කියන්නේ අමුතුවෙන්.. සක්කායදිට්ටි.. කියලා වෙන වෙනම අයින් කරන්න දෙයක් නැහැ ඒවා ඉබේම වෙනවා.. (දේශනයේතියෙන්නෙ ඕවා පෙර පසු නොවි එකට වෙන දහම් හැටියට)
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි, අප ජීවත් වෙන කාලේ අපිට ජීවත් වෙන්න සල්ලි හම්බකරාට, ගෙවල් ගත්තාට, යාන වාහන ගත්තාට කමක් නෑ, එකේ වැරද්දක් නෑ.හැබැයි අපට උවමනා පමණින්, හැබැයි ඒවා උනත් තදින් උපාදානය කරගත්තොත් ඉතින් sorry.com තමයි. අපි අවබෝද කරගන්න ඕනේ මේවා ත්‍රිලක්ෂණයට අයිතිවෙන දේවල්, මේවා අපි කවදා හෝ අප දාලා යනවා, මේවා වෙනස්වෙන දේවල්, කොයිවෙලාවේ අපිට මේවා නැතිවෙයිද දන්නේ නැහැ, කියලා.

    ඔව් හරියට හරි ඕක තමයි විදර්ශනාව කියන්නේ ගැලවීම තියෙන්නෙ එතනයි
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ත්‍රිලක්‍ෂණය තමයි හප හප ඉන්න ඕන... ඔකෙන් තමයි ගැලවීම තියෙන්නෙ...

    “නහි සීල වතං හෝතු උප්පජ්ජාති තතාගතා” සිල් වතක් දෙන්න තතාගතයන් වහන්සේ ඉපදිලා නෑ. “අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාශිතා”. අකුරු අටක් පද තුනක් බුදු වරයන් වහන්සේලා ප්‍රකාශ කල. ඕක කියන්නයි බුදුවරු පහල වෙන්නේ.

    ඉතින් ත්‍රිලක්‍ෂනය හරියට අවබෝධ වුනා කියන්නේ අමුතුවෙන්.. සක්කායදිට්ටි.. කියලා වෙන වෙනම අයින් කරන්න දෙයක් නැහැ ඒවා ඉබේම වෙනවා.. (දේශනයේතියෙන්නෙ ඕවා පෙර පසු නොවි එකට වෙන දහම් හැටියට)

    ඇත්තද?
    එහෙනම් එහෙම කරන් යන්න! කොහොමහරි ගැලවෙන්න නොවැ තියෙන්නේ...
    එහෙම නැතුව 'මම බොට වඩා දන්නවා...' 'මම තමයි හොඳටම දන්නේ...' කියල කියන එකෙන් වැඩක් නැහැ නේ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔව් හරියට හරි ඕක තමයි විදර්ශනාව කියන්නේ ගැලවීම තියෙන්නෙ එතනයි

    conservative malayo, onna pm karapu handa awith poddak liwwa. padinchiya net eke handa mewage dewal walin mata awulak aththeth naha. eth me hungak ewa mama balannewath naha. hungak katha wala kisima harayak naha... ekayi!

    eth mewage 'eka eka jathiwala deshana' ahanna labunama monawa weyida kiyala danne nam naha! mata nam ithin kohomath ekayi... 'error flags' indicate karanna gannawa wachane deka eha meha wenakotama! oyalata ehema thathwekata enna thawa godak uthsaha karanna weyi... eka handa Buddha Deshanaama ahala, mole kalpanaa karala, awashya de karaganna!!
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    අනිච්ච

    මම හිතන විදිහට නම් අනිච්ච කියන එකට අනිත්‍ය කියන ඒක විතරක් අයිති වෙන්නේ නැහැ. අනිත්‍ය යනු එක aspect එකක් විතරයි. අනිච්ච කියන වචනෙට ගොඩාක් දේවල් අයිති වෙනවා. අනිච්ච කියන්නේ නිසි නෑ කියන එකට. අනිච්ච කියන ඒක ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විදිහට සහ ත්‍රිපිටකයේ අනිත් සූත්‍ර වලට අනුව, අනිච්ච , නැතිනම් අනිසි කියන්නේ මෙන්න මේවට.

    1)
    කැමතිසේ නැති ස්වාභාවය,(හේතුවකින් හටගත් සියලු දේවල් කොච්චර අපි අපිට ඕන විදිහට පවත්වා ගන්න හැදුවත් ඒවා අපිට කැමති විදිහට පවතින්නේ නෑ. ඒක තමයි තිත්ත ඇත්ත. සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙමයි.

    2) විපරිනාම වීමේ ස්වභාවය(අනිත්‍ය), ( සියලුම දේවල් වෙනස් වෙනවා, අද මම ජීවත් වුනාට හෙට මම මැරෙන්න පුලුවන්, කියන්න බෑ. ඕන කෙනෙක් එහෙමයි. අද ලස්සනට ගෙදර තිබ්බ, හෙට සුනාමි යක් ඇවිදින් විනාශ වෙන්න පුළුවන්.)

    3)කොච්චර වින්දත් ආසාව ඉවර වෙන්නේ නෑ කියන ස්වාභාවය (ගිරිමානංද සූත්‍රයේ තියෙන්නේ
    බල්ලෙකුට මස් කට්ටක් ලැබුනාම ඌ ඒක ඇති තරම් ලෙව කනවා. ඇති වැඩකුත් නෑ, එත් මස් ගඳට ලෙව කාගෙන කාගෙන යනවා.එකටත් අනිච්ච ස්වාභාවය කියලා කියනවා), (ඉතින් ඇත්තනේ, කොච්චර ආසාවන් වින්දත් එපා වෙනවද? නෑනේ :D:D:D:D

    දුක්ඛ

    අනිච්ච දේවල් අනිච්ච දේවල් ලෙස නොදැන, ඒවා උපාදානය කරගත්තොත් ,දැඩිව අල්ලගත්තොත් ඒක දුකට හෙතුවෙනවා.

    අනත්ථ
    1) අනත්ථ කියන එකටත් ගිරිමානන්ද සූත්‍රයේ කියන්නේ අසාර බව.
    (මිනිහෙක් කෙහෙල් ගහක් කපාගෙන කපාගෙන යනවා එකේ අරටුවක් හොයන්න, එත් ඔහුට කවදාවත් අරටුවක් හම්බවෙන්නේ නැහැ, හරයක් නැති එකටත් අනත්ථ කියා කියනවා.

    2) තව අපිට කියන්න පුළුවන් මම මගේ කියා ගන්න බැහැ කියන අර්ථයෙනුත්.

    EXAMPLES

    1) දැන් ඔන්න හිතමු ධර්මය දන්නා ආර්ය පුද්ගලයෙකුගේ අම්මා හෝ තාත්තා නැතිවුණා කියලා. එතකොට ඒ උතුමාණන් ධර්මය දන්නා බැවින් ඔහු හිතන්නේ මෙසේයි." සියලු සංස්කාර ධර්මයන් අනිච්චයි," (මෙතන අනිච්චයි කියන්නේ , කැමති සේ නෑ, විපරිනාම යට ලක්වෙනවා කියන අර්ථයෙන්.) "එම නිසා මේ දේවල් වලට උපාදානය කරගත්තොත් දුකකි", "එම නිසා මේ දේවල් මම මාගේ කියා අල්ලගන්න හොඳ නැහැ."

    2) දැන් ඔන්න අපි හිතමු ධර්මය දන්නා කෙනෙක් සිගරට්, මත්පැන්, Porn (ඇත්තම කතා කරමු :D:D) ගැන කියන්නේ මොනාද කියා. " පින්වත, ඔය ජාති අනිච්චයි, (මෙතන අනිච්චයි කියන්නේ "කොච්චර වින්දත් ආසාව ඉවර වෙන්නේ නෑ කියන ස්වාභාවය" කියන ඒක)." , අන්තිමට ඔබට ඔය දේවල් දුකක් මයි ගෙන එන්නේ, එම නිසා ඔය දේවල් අසාරයි.

    3) දැන් අපි හිතමු ඒ උතුමානන් ගේ තිබු සියලු ධනය නැතිවුනා කියලා, (සක්විති case ඒක වගේ ), එතකොට ඔහු හිතන්නේ, "මේවා අනිච්චයි, (මෙතන අනිච්චයි කිව්වේ විපරිනාම, වෙනස් වෙනවා කියන එකට,), අනිච්ච දේවල් වලට ඇලීම හොඳ නෑ, එම නිසා මේ දේවල් මම මගේ කියා ගන්න හොඳ නෑ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි, අප ජීවත් වෙන කාලේ අපිට ජීවත් වෙන්න සල්ලි හම්බකරාට, ගෙවල් ගත්තාට, යාන වාහන ගත්තාට කමක් නෑ, එකේ වැරද්දක් නෑ.හැබැයි අපට උවමනා පමණින්, හැබැයි ඒවා උනත් තදින් උපාදානය කරගත්තොත් ඉතින් sorry.com තමයි. අපි අවබෝද කරගන්න ඕනේ මේවා ත්‍රිලක්ෂණයට අයිතිවෙන දේවල්, මේවා අපි කවදා හෝ අප දාලා යනවා, මේවා වෙනස්වෙන දේවල්, කොයිවෙලාවේ අපිට මේවා නැතිවෙයිද දන්නේ නැහැ, කියලා.

    බුද්ධ ධර්මය හොදින් දන්නා ඇය කරුණා කර මේකේ මොනා හරි වැරදි එහෙම තියෙනවානම් ඒවා හරිගස්සනා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    මම හිතන විදියට මේතනදි දමිත් මහත්තයා කියන දේ ටිකක් හරි. ඔයා එකම දෙයක් ගැන තමයි නොයෙක් විදියට අර්ථ නිරූපණය කරන්නේ. ඒ වගේම අන්තිමට බුද්ධ ධර්මය හොඳින් දන්නා අය ගැන කියලා ඔයා‍ පෙන්වන්නේ ඔයාගේ මතය ඔයා තදින් අල්ලන් ඉන්න බවයි හරියට අභියෝගයක් වගේ. ඒකායන මාර්ගය වන සතිපට්ඨාන මාර්ගයෙත් නාම රූප, අනිච්ච, දුක්ඛ, අනත්ථ ආදිය පැහැදිලිව නොදකින කොට සැක ඇති වීම ස්වභාවිකයි. කොහොම වුනත් සැකය ඒ කියන්නේ ධර්මය ගැන තියෙන සැකය හරියට අර මාන්නෙන් මාන්නය නසනවා වගේ සැකයෙන් සැකය නැති කරන්න යොදා ගන්න පුළුවන් නිසා මෙතනදි ඔයාට නිවැරදි මාර්ගය හොයා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.

    ඔයා දක්ෂ කෙනෙක් බව ‍හිතන්න පුළුවන් මේ වගේ ලිපියක් පල කිරීම නිසා. කාගෙන්හරි අහපු දෙයක් නිසාවෙන් හෝ කියවපු දෙයක් නිසාවෙන් හෝ නැත්නම් තමන්ගේ බුද්ධියෙන් දැනගත් නිසාවෙන් හෝ මෙතනදි හොඳ මාතෘකාවක් අරමුණු කරලා තියෙනවා.

    හේමවත සූත්‍රයට අවධානය යොමු කරන්න. ඒ වගේම අරියවාස සූත්‍රයත් කියවන්න. කියවලා විතරක් මදි තේරුම් ගන්න. අනිච්ච, දුක්ඛ සහ අනත්ථ ගැන ඉගෙන ගන්න ඔයාට ලොකු උදව්වක් ඒ සූත්‍රය සලසයි. නාම රූපයන්ගේ ක්‍රියාවන් කෙරේ අවධානය යොමු කරලා ඒ තුල අනිච්ච, දුක්ඛ සහ අනත්ථ දැකීම තුලින් විපස්සනා ඥාන ඇති කරගන්නා ආකාරය මේ සූත්‍රයේ දැක්වෙනවා. අපි දෙයක් දැකීම, ඇසීම, විඳීම, කෑම ආදී සෑම ක්‍රියාවක්ම නිරීක්ෂණයෙනුයි මේ තත්වයන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ තුලින් තමයි අනිච්ච දකින්න උත්සහ කරන්න අවශ්‍ය.

    බලන්න අකුණක් දිහා. අකුණ ගහන වෙලාවෙදි ඒ දිහාව බලන් ඉන්නවානම් ඔයාට ඒක ඔයාට දකින්න පුළුවන්. නමුත් අකුණ ගහන්න කලින් හරි පස්සෙ හරි දකින්න උත්සහ කරනවා නම් ඔයා අකුණ දැක්ක විදියට සලකන්න බැහැ. ඒ නිසා යම් දෙයක් සිදු වන ආකාරය ඔයා විසින් නියම නිරීක්ෂණයෙන් දකින්න කටයුතු කරන්න. එතකොට අනිච්චතාවයේ නියම අර්ථය ඔයාට දැනේවි. එතකන් ඔයාට ධර්මය නිසියාකාරව වැටහෙන්නේ නැති වෙයි.
     
    ඔබතුමා අනිච්ඡ දැක්කේ කොහොමද ? කරුණාකරලා ටිකක් විස්තර කරන්න පුළුවන්ද ?
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    ඔබතුමා අනිච්ඡ දැක්කේ කොහොමද ? කරුණාකරලා ටිකක් විස්තර කරන්න පුළුවන්ද ?

    ඔබ තුමා අනිච්ඡ දැක්කේ කොහොමද ටිකක් විස්තර කරන්න කියලායි ඔයා කියන්නේ නේද? මුලින්ම කියන්නම් මන් ඔයා තරම් ගැඹුරින් ධර්මය දන්න කෙනෙක් නෙමෙයි. ඒ බව මන් අමතක කරන්නේ නෑ.

    මට දැන් වයස අවුරුදු 25ක් වෙනවා.ඇත්තටම මේ පුංචි කලෙදි මට ඉගෙන ගන්න ලැබිලා තියෙන්නේ ලෝකය ගැන ‍බොහොම ටිකක් විතරයි. ලෝකය නම් මම ය කියලා යන්තම් ඉගෙන ගනිද්දී මගේ ගෙවිච්ච ජීවිතෙන් 4න් 3ක්ම ගෙවිලා. ඒක තේරුම් ගන්න මන් විඳපු මහන්සිය මෙපමණයි කියන්න බෑ. ලෝකය මමයි කියලා තේරුම් ගත්තත් එක්කම ලෝකය අත ඇරිය යුතුයි කියන දේ තේරුම් ගන්නත් අවශ්‍යයි. ඒ වෙන දෙයක් නිසා නොවෙයි, ලෝකය මට වුවමනා විදියට පවත්වා ගෙන යන්න මට නොහැකි නිසා. මන් ශරීරයෙන් බොහෝම දුර්වලයි. දොස්තරවරු නොයෙක් උපදෙස් දෙනවා මේවා කරන්න මේවා කරන්න එතකොට ඔය ගති අත ඇරෙයි කියලා. ඒත් මන් දන්නවා ඒ එක දෙයකින් වත් ප්‍රතිඵලයක් වෙන්නේ නැති බව. ඒ අය හුඟක් වෙලාවට බලන්නෙ භෞතික පැත්තෙන් විතරයි. නමුත් ශරීරය කියන්නේ මනසේ සහ භෞතිකයේ සංකලනයක්. නාම රූප එකතුවක්. කය මන් දකින්නේ ඒ විදියට. ඒ දැකීමෙන් තමයි ලෝකය නම් මමයි, මන් ලෝකය අත හැරිය යුතුයි කියන සිතුවිල්ල ඇති කර ගන්තේ. දැන් ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමටයි හුස්ම ටික පිටවෙලා මැරෙන්න කලින් උත්සහ කරන්නේ.

    මගේ අත පය හැම තිස්සෙම මට ඕනා විදියට වැඩ කරන්නේ නෑ. ම‍ගේ දෙමව්පියෝ, මගේ නෑදෑයෝ, මගේ යාළුවෝ ඒ කිසි කෙනෙක් මට ඕනා විදියට පවතින්නේ නෑ. මගේ කොන්ඩේ, රැවුල කපන්න කපන්න වැවෙනවා. ඒ වගේම දැනට අවුරුදු 5කට කලින් ඉඳිය මන් නොවෙයි අද ඉන්නෙ. දැනුමෙන් වගේම ශරීරයෙනුත් වයසට ගිහිල්ලා වෙනස් වෙලා. ඒ වගේම තමයි මන් ඉපදුන වටපිටාව, අවට පරිසරය අපේ රට හැම දෙයක්ම වෙනස් වෙලා. ඉදිරියටත් වෙනස් වෙයි. දැනටත් වෙනස් වෙමින් පවතිනවා.

    මන් පුංචි කාලෙදි දෙමව්පියෝ ඒ අයගේ රාජකාරි නිසා මාව ආච්චි ආතා ලඟ දාලා ගියා. එතකොට මට අවුරුදු 7යි. මට තාම මතකයි ඒ අය මාව බලා ගත්ත හැටි. අම්මා තාත්තා ලඟ නෑ කියලා අඩුවක් දැනෙන්න නොදෙන්න හුඟක් උත්සහ කලා. ඒත් ඔයා විශ්වාස කරන එකක් නෑ මාව ඒ තරම් ආදරෙන් බලාගත්ත ආච්චි අසනීප වෙලා ඇවිදගන්නත් බැරි වෙලා අසරණ වෙලා අන්තිමේ මැරුණා.

    මන් ගිය ඉස්කෝලෙ තිබ්බේ ගෙදර ඉඳන් හැතැප්ම දෙකක් දුරින්. උදේ හවස මාව ඉස්කෝලෙ එක්කන් ගියේ ආතා පුට් බයිසිකලේ ඉස්සරහා බාර් එකේ මාව වාඩි කරන්. ඒ කාලේ එහෙම කරපු ආතාට අද හැරමිටි වාරුව අවශ්‍යයි ඇවිදින්න. අද මන් එයාව එයා මාව බලා ගත්තා වගේ බලාගන්නවා ආදරෙන්. මන් අද යම් තැනක ඉන්නවාද ඒ එයා නිසා. නමුත් අද එයා වයසට ගිහිල්ලා. මගේ තාත්තා මන් මුලින්ම ආතාව දැකපු කාලෙදි වගේ තත්වයට ක්‍රමයෙන් පත් වෙනවා.

    මන් ගිය ඉස්කෝලෙ හරිම ලස්සනයි. ගමේ ඉස්කොලයක් නිසා. ඒකෙ නම දොඹගොඩ සීලරතන පර්ෂද විදුහල. මේ ලඟදි මන් ඒ ලඟින් ගියා අවුරුදු ගානකට පස්සේ. මටම පුදුමයි අද ඒක පවතින හැටි දැක්කම. හුඟක් වෙනස් වෙලා. එදා තිබ්බ පිරිසුදු බව අද නෑ.

    මේ කාලෙ ඇතුලෙදි මන් ලඟ ඉඳි හුඟක් දෙනා මැරුණා. තව අය අසනීප වුනා. මමත් එහෙමමයි. ආදරේ කල අය මාව දාලා ගියා. අකමැති අය එක්ක මට ඉන්න වුනා. නොයෙක් දේ සිද්ධ වුනා.

    මේ හැම දේම අතරේ බුදුහාමුදුරුවො, ශ්‍රී සද්ධර්මය හා ආර්ය සංඝයාවහන්සේලා මගේ තනි නොතනියට ලඟින් ඉඳියා. අදත් ඉන්නවා. ‍මේ සසරේ තව ආත්ම කීපයක් ගත වෙනකම්ම ඒ අය මා ලඟම ඉඳී. ඒ තුන් අංගයේ පිහිට ඇර වෙන පිහිටක් මට නෑ. එදත් නෑ. අදත් නෑ. අනාගතෙත් නෑ. ඒත් බලන්න යාළුවා බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලා, පිරිනිවන් පෑවා. උන්වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය, දෙව්රම් විහාරය අද තියෙන හැටි. ඒ විතරක්ද ආර්ය සංඝයා වහන්සේලා ධර්මය මට උගෙන ගන්න මහා උපකාරයක් වුනා. දැනටත් වෙනවා. ඒත් බලන්න යාළුවා සැරියුත් මුගලන් දෙනමගේ ඉඳන් අද වෙද්දී මහරහතන් වහන්සේලා කී නමක් නම් පිරිනිවන් පෑවාද කියලා.

    ලෝවාමහාපාය, රුවන්වැලිසෑය, ශ්‍රී මහා බෝධිය වගේ මේ හැම දෙයක්ම එක ධර්මතාවයකට මුහුණ දුන්නා. බුදුහාමුදුරුවෝ වගේම මහරහතන් වහන්සේලාත් ඒ ධර්මතාවයටම මුහුණ දුන්නා. ඒ වෙන දෙයකට නෙමෙයි, නොපැවත්මට.

    තව හුඟක් දේවල් තියෙනවා ඔයාට අනිච්ඡ දකින හැටි කියන්න. එත් මට වැඩි වෙලාවක් මැෂින් එක ඉස්සරහා ඉන්න අමාරුයි. මමත් අනිච්ඡතාවට මුහුණ පාලා තියෙන නිසා. සමහර විට ඔයාට මේ දේවල් හිතලුවක්, විහිලුවක් වගේ වෙන්න පුළුවන්. ඔයා මට වඩා දැනුවත් කෙනෙක් නිසා මන් දකිනවාට වඩා හුඟක් වෙනස් විදියට අනිච්ඡ දකිනවා ඇති. ඒ ගැන මන් හුඟක් සතුටු වෙනවා. අඩුම තරමේ මට බැරි වුනත් මන් දන්න කෙනෙක්වත් ධර්මය දකිනවා කියලා.

    ධර්මය අපි හැමෝටම පොදුයි. මොන ආගම ඇදහුවත් දවසක ධර්මය පිලිගන්න වෙනවා. අපි නොපිළිගත්තත් ඇත්ත ඒකයි. ඉක්මනින් නිර්වානය පසක් කරගන්න ඔබට ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් නවතින්නම් දැනට මේ වෙලාවෙදි සහම්පති බ්‍රහ්මයයි සක්‍ර දෙවියොයි කියපු දෙයක් මතක් කරමින් . . . .

    "සබ්බෙව නික්ඛිපිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං - යථා එතාදිසො සත්ථා ලොකෙ අප්පටිපුග්ගලො
    තථගතො බලප්පත්තො සම්බුද්ධො පරිනිබ්බුතෝති..

    අනිච්චා වත සංඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති
    ."​
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    good post
    මම මේ ලිපි දැක්ක හින්ද තමයි එළකිරි එකේ register උනේ
     
    සමාවෙන්න ඔබගේ දහම් දැනුම පරික්‍ෂාකරන්න අහපු ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා දාපු කොමෙන්ට් එක මම හොඳට කියෙව්වා... ඉතා වටිනා දෙවල් කීහිපයක් ඔබ කියලා තියෙනවා.. මම ඒවා උපුටලා පෙන්වන්නම්... පොඩි ප්‍රශ්න ටිකකුත් අහන්නම්... ඇත්ත තත්වය ඔබටම වැට හේවි (පාලි වචන.. ඕන නැහැ ලෝක ස්වභාවය දැනගන්න :) )

    "
    මගේ අත පය හැම තිස්සෙම මට ඕනා විදියට වැඩ කරන්නේ නෑ" .... "ආදරේ කල අය මාව දාලා ගියා. අකමැති අය එක්ක මට ඉන්න වුනා." ... මේක තමයි වටිනාම එක "ලෝකය මට වුවමනා විදියට පවත්වා ගෙන යන්න මට නොහැකි නිසා"

    ඉතින් ඔයාම කියපු දේවල් ... කොටින්ම ඔයා කියලා තියෙන්නෙ.. "මට කැමති සේ නැහැ" කියන එකමයි.. මම කැමතියි මගේ අතපය හොඳට ක්‍රමවත්ව ඕන විදිහිට වැඩකරගන්න .. ඒත මගේ කැමැත්ත ඒක වුණාට ඒක වෙන්නේ නැහැ... ආදරේ කරන අය හැමදාම ලඟ තියාගන්නයි කැමැත්ත.. ඒත් ඒ අය දාල යනවා කැමති විදිහට නැහැ.... අකමැති අය එනවා ඒකට කැමති නැහැ ඒකමයි වෙන්නේ... ඉතින් පොදුවේ කිව්වොත් මේ මුළු ලෝකයම මට කැමති සේ නැහැ .. ඉතින්

    එහෙව් ලෝකයක මට ගෙනත් දෙන්නේ දුකක් ද සැපක්ද ?

    සහෝදරයා මට මේකට උත්තරයක් දෙන්න මම ඉතුරු ටික කියලා දෙන්නම්... තනි උත්තරයක් වුණාට කමක් නැහැ... :)

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    සමාවෙන්න ඔබගේ දහම් දැනුම පරික්‍ෂාකරන්න අහපු ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා දාපු කොමෙන්ට් එක මම හොඳට කියෙව්වා... ඉතා වටිනා දෙවල් කීහිපයක් ඔබ කියලා තියෙනවා.. මම ඒවා උපුටලා පෙන්වන්නම්... පොඩි ප්‍රශ්න ටිකකුත් අහන්නම්... ඇත්ත තත්වය ඔබටම වැට හේවි (පාලි වචන.. ඕන නැහැ ලෝක ස්වභාවය දැනගන්න :) )

    "
    මගේ අත පය හැම තිස්සෙම මට ඕනා විදියට වැඩ කරන්නේ නෑ" .... "ආදරේ කල අය මාව දාලා ගියා. අකමැති අය එක්ක මට ඉන්න වුනා." ... මේක තමයි වටිනාම එක "ලෝකය මට වුවමනා විදියට පවත්වා ගෙන යන්න මට නොහැකි නිසා"

    හ්ම් බොහෝම හොඳයි. මන් දන්නේ නෑ ලෝකය දකින්නේ අනිත්‍ය දකින්නේ කොහොමද කියලා ඔයා. ඔයා අහලා තියෙන ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරය නම් සැප කියන එක තමයි. ඒ වගේම ඉතිරි ටික ඔයාගෙන් ඉ‍ගෙන ගන්නත් මන් සූදානම්. ඔයාගේ ඒ ඉගැන්වීම අනිවාර්යෙන්ම මට මගේ ඉදිරි ගමනට ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා මන් වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය කැප කරන්න හිතුවට මුලින්ම පින් දෙනවා.
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    හ්ම් බොහෝම හොඳයි. මන් දන්නේ නෑ ලෝකය දකින්නේ අනිත්‍ය දකින්නේ කොහොමද කියලා ඔයා. ඔයා අහලා තියෙන ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරය නම් සැප කියන එක තමයි. ඒ වගේම ඉතිරි ටික ඔයාගෙන් ඉ‍ගෙන ගන්නත් මන් සූදානම්. ඔයාගේ ඒ ඉගැන්වීම අනිවාර්යෙන්ම මට මගේ ඉදිරි ගමනට ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා මන් වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය කැප කරන්න හිතුවට මුලින්ම පින් දෙනවා.

    හ්ම් මම බලාපොරොත්තු වුණ උත්තරය නෙමෙයි.. ආයෙත් මම සරලව අහන්නම් :)

    අපි ලඟ තියෙන සැප දිගටම තියෙනවට අපි කැමතියි.. ඒත සැප යනවා... දුක එනවට අකමැතියි ඒත එනවා.... ඉතින් අපේ කැමැත්තට නැහැ.. ඉතින් එහෙම වුණාම අපිට දැනෙන්නේ දුකක් ද සැපක් ද ?
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හ්ම් මම බලාපොරොත්තු වුණ උත්තරය නෙමෙයි.. ආයෙත් මම සරලව අහන්නම් :)

    අපි ලඟ තියෙන සැප දිගටම තියෙනවට අපි කැමතියි.. ඒත සැප යනවා... දුක එනවට අකමැතියි ඒත එනවා.... ඉතින් අපේ කැමැත්තට නැහැ.. ඉතින් එහෙම වුණාම අපිට දැනෙන්නේ දුකක් ද සැපක් ද ?

    මෙහෙම වෙන්න බැරිද? සමහර වෙලාවට දුක යනවා සැප එන අවස්ථාත් තියෙනවා නේද? මට පිළිකාවක් තිබුනා නම්, පසුව ඒක සනීප වුනා නම් , දුක ගියා සැප ආවා. මම ඉතා ආර්ථික හිඟ කමින් ඉඳලා පසුව ලොතරැයියක් ඇදුනා නම් , එතකොට දුක ගියා සැප ආවා. එතකොට හැම දෙයක් ම කැමති සේ නෑ කිව්වම හරිද?
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    හ්ම් මම බලාපොරොත්තු වුණ උත්තරය නෙමෙයි.. ආයෙත් මම සරලව අහන්නම් :)

    අපි ලඟ තියෙන සැප දිගටම තියෙනවට අපි කැමතියි.. ඒත සැප යනවා... දුක එනවට අකමැතියි ඒත එනවා.... ඉතින් අපේ කැමැත්තට නැහැ.. ඉතින් එහෙම වුණාම අපිට දැනෙන්නේ දුකක් ද සැපක් ද ?

    මන් දන්නේ නෑ ඔයා බලාපොරොත්තු වෙන උත්තරය මොකක්ද කියලා. දැනට අවුරුදු 8 කට විතර කලින් නම් මේ කියන දේවල් මටත් හිතුනා තමයි නැතුව නෙමේ.ඒත් දැන්නම් මට මේවයින් ප්‍රශ්නයක් නෑ. අයිත් මගේ ජීවිතයේ කිසි දවසක මට දුක එන්නෙත් නෑ මන් විඳින සැප මගෙන් යන්නෙත් නෑ. ඒ වෙනුවෙන් මානසික තත්වය නිර්මාණය වෙලා අවසන්.

    අවිද්‍යාවෙන් ඉන්න අය කැමතියි සැප හැමතිස්සෙම තමන් ලඟ තියෙනවාට. ඒ අය තමන්ගේ ඉන්ද්‍රියන් හයෙන් බලාපොරොත්තු වෙන්නේ සැප විතරක් නිසා. නමුත් මේ ඉන්ද්‍රියන් ඇති වෙන්නේ නාම රූප හේතුවෙන් කියලා ඒ ැය දැක්කම කවදාවත් ආපහු නම් සැප හොයන්නේ නෑ. මොකද කියනවානම් නාම රූප කියන දේ අනිත්‍යය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයට යටත් බව දකින නිසා. පිම්බීම හා හැකිලීම සම්බන්ධ භාවනාවෙන් තමයි මාත් ඒක ඉගෙන ගත්තේ. හැබැයි මමත් තාම ආධුනිකයෙක්. ඒ දේවල් දකිනතාක් ඕනාම කෙනෙක් ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්, අප්‍රියන් එක්ක එකතු වීම දුකක්, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයම දුකක් විදියට දකිනවා. ඇත්තටම ඒක දුක තමයි. ඒකේ තර්කයක් නෑ. නමුත් ඒක දුකක් වෙන්නේ සත්‍යතාවය තේරුම් ගන්න කම් විතරයි. ඉන් එහාට ඒක දුකක් නෙමේ.

    මේ නිසා මට ඉතින් කියන්න ‍තියෙන්නේ මේකයි.අපි ලඟ තියෙන සැප අපි ලඟ දිගටම තියෙනවාට අපි කැමතිය. ඔයා කියන එක ඇත්ත මන් පිළි ගන්නවා. නමුත් මන් දන්නවා ඉන්ද්‍රිය ද්වාරයන්ගෙන් ගන්න අරමුණු ඒ විදියට පවතින්නේ නෑ කියලා. නාම රූප ක්‍රියාවලියම වෙනසට ලක් වෙනවා. නිත්‍ය නැ. අනිත්‍යයි. ඒ නිසා මට ඕක අදාල නෑ.

    දෙවැනියට දුක ඒම සම්බන්ධයෙන් මන් ඔයත් එක්ක එකඟයි. ඔව් නාම රූප අනිත්‍යයි නම් සැප නෑනේ එතන. අනිත්‍යය දේහි ස්වභාවය තමයි දුක එක්ක බැඳිලා තිබීම. ඉතින් ඒ ක ඇත්ත. ධර්මය ඒකයි. වැඩේ තියෙන්නේ ඒ බව දැක්කට පස්සේ ඉතින් ඉන් එහාට ඒකෙන් ප්‍රශ්නයක් නැති එක. ඒ නිසා මේකත් මට අදාල නෑ.

    ඊළඟට මේ දුක සැප සම්බන්ධයෙන්.. අපේ කැමැත්තට නැ කියන එක ගැනත් මම එකඟයි. මොකද කියනවානම් මන් ඉස්සෙල්ලත් කියලා ‍තියෙනවා ඔයාට තේරුම් ගන්න බැරි වුනාට. අපිට ඕනා විදියට කිසිම දෙයක් පවතින්නේ නෑ කියන එක. ඒ නිසා තමයි අනිත්‍ය දුක්ඛ හාා අනාත්ම කියලා ධර්මතාවය ‍පවතින්නේ. ඉතින් හැම සංස්කාරයක්ම අනිත්‍ය නම් අපිට කැමති විදියට තියා ගන්න බැහැනේ. හැම තිස්සේම පෙරළෙනවා. එක ආකාරයක රාමුවකට තියා ගන්න බෑ. අද ලස්සනයි කියලා හිතන් ඉන්න රූපයක් අනේ ආශාවෙන් ලස්සන නිසා බැඳිලා ඉන්න රූපයක් මේ ධර්මතාවය නිසා හෙට දවසේදි පිළිකුල් කරන අප්‍රසන්න රූපයක් වෙන්න පුළුවන්. මේ විදියට ඉන්ද්‍රියන්ගෙන් ගන්න හැම දේකටම මේක අදාල වෙනවා. කිසිම දෙයක් එක විදියට පවතින්නේ නෑ වෙනස් වෙනවා. ඒක චක්‍රයක් වගේ නොනැවතී ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි ස්වාභාවය. ඉතින් එතකොට ඔයා කියන එක 100% කම් හරි. ඒකම තමයි මමත් කියන්නේ.

    මේ නිසා තමයි මන් කියන්නේ ඒ දේවල් දුකක් විදියට මම දකින්නේ නෑ කියලා. ඒවායේ ස්වභාවය දුකයි. අවිද්‍යාවෙන් විද්‍යාව ඇති කර ගත්තට පස්සේ ඒ දුක දැනෙන්නේ නෑ. මන් අන්න ඒ නිසයි කලින් උත්තරය දුන්නේ. මට බොරු කියලා වැඩක් නැති නිසා. දැනුත් ඒ උත්තරයම තමයි.

    ඒ වගේම ඔයාගෙන් ඉදිරියට ධර්මය ඉගෙන ගන්නත් මන් බලාපරොත්තුවෙන් ඉන්නවා. මට තේරෙනවා ඔයා මට හොඳ ගුරුවරයෙක් වෙයි කියලා. මේ අහලා තියෙන ප්‍රශ්න වලින් මට දැනෙනවා ඔයා ඒ වෙනුවෙන් සූදානමින් ඉන්නේ කියලා. මෙතනදි මේ තරම් දුරක් මාව දැනුවත් කරලා අත හැරලා දාන්න එපා. මට පේන විදියට ඔයා මගේ ගුරුවරු කීප දෙනාටත් වඩා බුද්ධිමත් කෙනෙක්. කරුණාකරලා මාව දැනුවත් කරන්න. මට උදව් කරන්න ධර්මය දකින්න. ඒ වෙනුවෙන් ඔයාට මන් පින් දෙන්නම්. මට එච්චරයි කරන්න පුළුවන්. ඒ නිසා ඉතිරි ටිකත් මට උගන්වන්න.
     
    Last edited:

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    මෙහෙම වෙන්න බැරිද? සමහර වෙලාවට දුක යනවා සැප එන අවස්ථාත් තියෙනවා නේද? මට පිළිකාවක් තිබුනා නම්, පසුව ඒක සනීප වුනා නම් , දුක ගියා සැප ආවා. මම ඉතා ආර්ථික හිඟ කමින් ඉඳලා පසුව ලොතරැයියක් ඇදුනා නම් , එතකොට දුක ගියා සැප ආවා. එතකොට හැම දෙයක් ම කැමති සේ නෑ කිව්වම හරිද?

    හ්ම් ඔයා කියන එකත් හරි තමයිනේ. මෙහෙම කිව්වම ඉතින් උත්තරය නෑ තමයි. යාළුවා ඔයා හරි.