අනිච්ච දුක්ඛ අනත්ථ
මම හිතන විදිහට නම් අනිච්ච කියන එකට අනිත්‍ය කියන ඒක විතරක් අයිති වෙන්නේ නැහැ. අනිත්‍ය යනු එක aspect එකක් විතරයි. අනිච්ච කියන වචනෙට ගොඩාක් දේවල් අයිති වෙනවා. අනිච්ච කියන්නේ නිසි නෑ කියන එකට. අනිච්ච කියන ඒක ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විදිහට සහ ත්‍රිපිටකයේ අනිත් සූත්‍ර වලට අනුව, අනිච්ච , නැතිනම් අනිසි කියන්නේ මෙන්න මේවට.
1) කැමතිසේ නැති ස්වාභාවය,(හේතුවකින් හටගත් සියලු දේවල් කොච්චර අපි අපිට ඕන විදිහට පවත්වා ගන්න හැදුවත් ඒවා අපිට කැමති විදිහට පවතින්නේ නෑ. ඒක තමයි තිත්ත ඇත්ත. සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙමයි.
2) විපරිනාම වීමේ ස්වභාවය(අනිත්‍ය), ( සියලුම දේවල් වෙනස් වෙනවා, අද මම ජීවත් වුනාට හෙට මම මැරෙන්න පුලුවන්, කියන්න බෑ. ඕන කෙනෙක් එහෙමයි. අද ලස්සනට ගෙදර තිබ්බ, හෙට සුනාමි යක් ඇවිදින් විනාශ වෙන්න පුළුවන්.)
3)කොච්චර වින්දත් ආසාව ඉවර වෙන්නේ නෑ කියන ස්වාභාවය (ගිරිමානංද සූත්‍රයේ තියෙන්නේ බල්ලෙකුට මස් කට්ටක් ලැබුනාම ඌ ඒක ඇති තරම් ලෙව කනවා. ඇති වැඩකුත් නෑ, එත් මස් ගඳට ලෙව කාගෙන කාගෙන යනවා.එකටත් අනිච්ච ස්වාභාවය කියලා කියනවා), (ඉතින් ඇත්තනේ, කොච්චර ආසාවන් වින්දත් එපා වෙනවද? නෑනේ

දුක්ඛ
අනිච්ච දේවල් අනිච්ච දේවල් ලෙස නොදැන, ඒවා උපාදානය කරගත්තොත් ,දැඩිව අල්ලගත්තොත් ඒක දුකට හෙතුවෙනවා.
අනත්ථ
1) අනත්ථ කියන එකටත් ගිරිමානන්ද සූත්‍රයේ කියන්නේ අසාර බව.
(මිනිහෙක් කෙහෙල් ගහක් කපාගෙන කපාගෙන යනවා එකේ අරටුවක් හොයන්න, එත් ඔහුට කවදාවත් අරටුවක් හම්බවෙන්නේ නැහැ, හරයක් නැති එකටත් අනත්ථ කියා කියනවා.
2) තව අපිට කියන්න පුළුවන් මම මගේ කියා ගන්න බැහැ කියන අර්ථයෙනුත්.
EXAMPLES
1) දැන් ඔන්න හිතමු ධර්මය දන්නා ආර්ය පුද්ගලයෙකුගේ අම්මා හෝ තාත්තා නැතිවුණා කියලා. එතකොට ඒ උතුමාණන් ධර්මය දන්නා බැවින් ඔහු හිතන්නේ මෙසේයි." සියලු සංස්කාර ධර්මයන් අනිච්චයි," (මෙතන අනිච්චයි කියන්නේ , කැමති සේ නෑ, විපරිනාම යට ලක්වෙනවා කියන අර්ථයෙන්.) "එම නිසා මේ දේවල් වලට උපාදානය කරගත්තොත් දුකකි", "එම නිසා මේ දේවල් මම මාගේ කියා අල්ලගන්න හොඳ නැහැ."
2) දැන් ඔන්න අපි හිතමු ධර්මය දන්නා කෙනෙක් සිගරට්, මත්පැන්, Porn (ඇත්තම කතා කරමු
) ගැන කියන්නේ මොනාද කියා. " පින්වත, ඔය ජාති අනිච්චයි, (මෙතන අනිච්චයි කියන්නේ "කොච්චර වින්දත් ආසාව ඉවර වෙන්නේ නෑ කියන ස්වාභාවය" කියන ඒක)." , අන්තිමට ඔබට ඔය දේවල් දුකක් මයි ගෙන එන්නේ, එම නිසා ඔය දේවල් අසාරයි.
3) දැන් අපි හිතමු ඒ උතුමානන් ගේ තිබු සියලු ධනය නැතිවුනා කියලා, (සක්විති case ඒක වගේ ), එතකොට ඔහු හිතන්නේ, "මේවා අනිච්චයි, (මෙතන අනිච්චයි කිව්වේ විපරිනාම, වෙනස් වෙනවා කියන එකට,), අනිච්ච දේවල් වලට ඇලීම හොඳ නෑ, එම නිසා මේ දේවල් මම මගේ කියා ගන්න හොඳ නෑ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි, අප ජීවත් වෙන කාලේ අපිට ජීවත් වෙන්න සල්ලි හම්බකරාට, ගෙවල් ගත්තාට, යාන වාහන ගත්තාට කමක් නෑ, එකේ වැරද්දක් නෑ.හැබැයි අපට උවමනා පමණින්, හැබැයි ඒවා උනත් තදින් උපාදානය කරගත්තොත් ඉතින් sorry.com තමයි. අපි අවබෝද කරගන්න ඕනේ මේවා ත්රිලක්ෂණයට අයිතිවෙන දේවල්, මේවා අපි කවදා හෝ අප දාලා යනවා, මේවා වෙනස්වෙන දේවල්, කොයිවෙලාවේ අපිට මේවා නැතිවෙයිද දන්නේ නැහැ, කියලා.
බුද්ධ ධර්මය හොදින් දන්නා ඇය කරුණා කර මේකේ මොනා හරි වැරදි එහෙම තියෙනවානම් ඒවා හරිගස්සනා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
අනිච්ච
මම හිතන විදිහට නම් අනිච්ච කියන එකට අනිත්‍ය කියන ඒක විතරක් අයිති වෙන්නේ නැහැ. අනිත්‍ය යනු එක aspect එකක් විතරයි. අනිච්ච කියන වචනෙට ගොඩාක් දේවල් අයිති වෙනවා. අනිච්ච කියන්නේ නිසි නෑ කියන එකට. අනිච්ච කියන ඒක ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විදිහට සහ ත්‍රිපිටකයේ අනිත් සූත්‍ර වලට අනුව, අනිච්ච , නැතිනම් අනිසි කියන්නේ මෙන්න මේවට.
1) කැමතිසේ නැති ස්වාභාවය,(හේතුවකින් හටගත් සියලු දේවල් කොච්චර අපි අපිට ඕන විදිහට පවත්වා ගන්න හැදුවත් ඒවා අපිට කැමති විදිහට පවතින්නේ නෑ. ඒක තමයි තිත්ත ඇත්ත. සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙමයි.
2) විපරිනාම වීමේ ස්වභාවය(අනිත්‍ය), ( සියලුම දේවල් වෙනස් වෙනවා, අද මම ජීවත් වුනාට හෙට මම මැරෙන්න පුලුවන්, කියන්න බෑ. ඕන කෙනෙක් එහෙමයි. අද ලස්සනට ගෙදර තිබ්බ, හෙට සුනාමි යක් ඇවිදින් විනාශ වෙන්න පුළුවන්.)
3)කොච්චර වින්දත් ආසාව ඉවර වෙන්නේ නෑ කියන ස්වාභාවය (ගිරිමානංද සූත්‍රයේ තියෙන්නේ බල්ලෙකුට මස් කට්ටක් ලැබුනාම ඌ ඒක ඇති තරම් ලෙව කනවා. ඇති වැඩකුත් නෑ, එත් මස් ගඳට ලෙව කාගෙන කාගෙන යනවා.එකටත් අනිච්ච ස්වාභාවය කියලා කියනවා), (ඉතින් ඇත්තනේ, කොච්චර ආසාවන් වින්දත් එපා වෙනවද? නෑනේ

දුක්ඛ
අනිච්ච දේවල් අනිච්ච දේවල් ලෙස නොදැන, ඒවා උපාදානය කරගත්තොත් ,දැඩිව අල්ලගත්තොත් ඒක දුකට හෙතුවෙනවා.
අනත්ථ
1) අනත්ථ කියන එකටත් ගිරිමානන්ද සූත්‍රයේ කියන්නේ අසාර බව.
(මිනිහෙක් කෙහෙල් ගහක් කපාගෙන කපාගෙන යනවා එකේ අරටුවක් හොයන්න, එත් ඔහුට කවදාවත් අරටුවක් හම්බවෙන්නේ නැහැ, හරයක් නැති එකටත් අනත්ථ කියා කියනවා.
2) තව අපිට කියන්න පුළුවන් මම මගේ කියා ගන්න බැහැ කියන අර්ථයෙනුත්.
EXAMPLES
1) දැන් ඔන්න හිතමු ධර්මය දන්නා ආර්ය පුද්ගලයෙකුගේ අම්මා හෝ තාත්තා නැතිවුණා කියලා. එතකොට ඒ උතුමාණන් ධර්මය දන්නා බැවින් ඔහු හිතන්නේ මෙසේයි." සියලු සංස්කාර ධර්මයන් අනිච්චයි," (මෙතන අනිච්චයි කියන්නේ , කැමති සේ නෑ, විපරිනාම යට ලක්වෙනවා කියන අර්ථයෙන්.) "එම නිසා මේ දේවල් වලට උපාදානය කරගත්තොත් දුකකි", "එම නිසා මේ දේවල් මම මාගේ කියා අල්ලගන්න හොඳ නැහැ."
2) දැන් ඔන්න අපි හිතමු ධර්මය දන්නා කෙනෙක් සිගරට්, මත්පැන්, Porn (ඇත්තම කතා කරමු

) ගැන කියන්නේ මොනාද කියා. " පින්වත, ඔය ජාති අනිච්චයි, (මෙතන අනිච්චයි කියන්නේ "කොච්චර වින්දත් ආසාව ඉවර වෙන්නේ නෑ කියන ස්වාභාවය" කියන ඒක)." , අන්තිමට ඔබට ඔය දේවල් දුකක් මයි ගෙන එන්නේ, එම නිසා ඔය දේවල් අසාරයි. 3) දැන් අපි හිතමු ඒ උතුමානන් ගේ තිබු සියලු ධනය නැතිවුනා කියලා, (සක්විති case ඒක වගේ ), එතකොට ඔහු හිතන්නේ, "මේවා අනිච්චයි, (මෙතන අනිච්චයි කිව්වේ විපරිනාම, වෙනස් වෙනවා කියන එකට,), අනිච්ච දේවල් වලට ඇලීම හොඳ නෑ, එම නිසා මේ දේවල් මම මගේ කියා ගන්න හොඳ නෑ.

)