Initial Public Offer
මූලික / ප්‍රාථමික කොටස් නිකුතුව
mokadda eken karanne ban
Initial Public Offer
මූලික / ප්‍රාථමික කොටස් නිකුතුව
mokadda eken karanne ban
I'm in machan
Count me in !! Thanks
ඒ කියන්නෙ සමාගමක් ඉස්සෙල්ලම කොටස් වෙළඳපොළට කොටස් නිකුත් කරන එකට කියන නම.
උදා: xyz සමාගම රු10/- නාමික අගයකින් යුත් කොටස් මිලියනයක් නිකුත් කිරීම


කොටස් වෙළෙඳාමේ නියමයන් ලිහිල් වේ
ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ නියාමනය කරන ආයතනය සුරැකුම්පත් හා විනිමය කොමිසමයි. මේ කොමිසම විසින් කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ නීතීරීති සහ විධිවිධාන පැනවීම ඒවා ක්‍රිsයාත්මක කිරීම සහ ඒවා කඩකරන්නන්ට එරෙහිව විවිධ ක්‍රියා මාර්ග ද ගනු ලබයි. මේ අනුව පසුගිය වසරේදී සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් අලුතින් මිල පරාස නියමයන් හඳුන්වා දෙන ලද අතර ඒ අවස්ථාවේ දී, ඒ පිළිබඳ කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් තුළ නොසන්සුන් තත්ත්වයක්ද ඇති විය. ඒ සමගම කොටස් වෙළෙඳපොළේ පසු බෑමක් ද වාර්තා විය. මේ අතර ඉකුත් පෙබරවාරි 24 දින සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කැඳවා තිබු ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ එතෙක් ක්‍රියාත්මක වූ මිල පරාස නියමයන් ලබන මාර්තු 01 වෙනිදා සිට ලිහිල් කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව මේ ලිපියෙන් අපගේ අවධානය යොමුවන්නේ එම මිල පරාස නියමයන් ලිහිල් කිරීම පිළිබඳවයි.
පසුගිය වසරේදී සුරැකුම්පත් හා විනිමය කොමිසමට නිරීක්ෂණය වූ පරිදි ඇතැම් ආයෝජකයන් එකතු වී සමාගම්වල කොටස් මිල ගණන් කෘතීම ලෙස, ඉහළ නැංවීමේ අහිතකර තත්ත්වයක් වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වී තිබේ. මේ තත්ත්වය නොදැන මෙවැනි සමාගම්වල කොටස් මිලදී ගන්නා ආයෝජකයන්ට එම කොටස් මිල ගණන් අඩු වීමත් සමග විශාල අලාභයන්ට මුහුණ දීමට ද සිදුව තිබිණි. මේ අහිතකර තත්ත්වයෙන් ආයෝජකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් ගිය වසරේ (2010) අගෝස්තු මාසයේදී ඉහත සඳහන් කළ පරිදි සමාගම්වල කොටස් මිල ගණන් සම්බන්ධයෙන් මිල පරාස සීමාවක් හඳුන්වා දීමට පියවර ගත්තේය. ඒ අවස්ථාවේදී එම නව තීරණය සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසමට බොහෝ චෝදනාවන්ට මුහුණ දීමටද සිදු විය. මෙවැනි අලුත් තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන විට ඒ පිළිබඳ ආයෝජකයන්ව ප්‍රමාණවත් ලෙස දැනුවත් කළ යුතු බව අපේ අදහසයි. එහෙත් සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් ආයෝජකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අවස්ථාවේ දී ගත්තේ හොඳ තීරණයක් වුවත් පැවැති අඩුපාඩුව වූයේ ඒ පිළිබඳ ආයෝජකයන්ව නිසි පරිදි දැනුවත් කිරීමට පියවර නොගැනීමයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඉංග්‍රීසි පත්තරයක දෙකක ලිපි පළ වූ බව ඇත්තය. එහෙත් එය කිසි සේත්ම ප්‍රමාණවත් නොවීය. තාවකාලිකව හෝ ආයෝජකයන් කලබලයට පත් වී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඒ අවස්ථාවේදී පසුබෑමට ලක් වූයේ මේ නිසාය. මෙවැනි පසුබිමක් තුළ ඉදිරියේදී හෝ සුළු පරිමාණ ආයෝජකයන් ගැනද සිතාබලා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන්ද තම ආයෝජකයන් හා ජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුතුය.
මිල පරාස නීතිය පැනවීමෙන් සිදු කළේ කුමක්ද? එහිදී කොටස් වෙළෙඳපොළේ සමාගම්වල කොටස් ගනුදෙනු දින 5 ක කාලයක් නිරීක්ෂණය කිරීමෙන් පසු ඉතා අධික ලෙස මිල උච්චාවචනය වන (ඉහළ සහ පහළ යන) සමාගම් හඳුනාගෙන, එම සමාගම් සඳහා ගනුදෙනු දින 15 ක් සඳහා එක් දිනක් තුළ කොටස් මිල ගණන් ඉහළ සහ පහළ යා හැකි උපරිම සීමාව සියයට 10 ක් බව නියම කරන ලදී. උදාහරණයක් ලෙස කොටසක පවතින මිල රු. 100 නම් මේ මිල උපරිම ලෙස ඉහළ යා හැකි වන්නේ රු. 110 දක්වා පමණක් වන අතර උපරිම වශයෙන් එකී කොටසේ මිල පහළ වැටිය හැක්කේ රු. 90 දක්වා පමණය. නව තීරණය අනුව මාර්තු 01 වෙනිදා සිට මෙම මිල පරාසයට අහුවන දින ගණන දින 15 සිට 10 දක්වා අඩු කර තිබේ.
මේ අතරම කොමිසම ගත් අනිත් තීරණය නම් මිල පරාස සීමාවට හසුවන සමාගම්වල කොටස් මිලදී ගන්නා ආයෝජකයන් විසින් එම සමාගම්වල කොටස් මිලට ගැනීමට පෙර සියයට 50 ක අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු බවට පැවැති නියමය ඉවත් කිරීමයි. එය මාර්තු 01 වෙනිදා සිට බලපැවැත්වේ. මේ නිසා මාර්තු 01 වැනිදායින් පසු යම් සමාගමක් මිල පරාස සීමාවට යටත් වුවද එම සමාගම්වල කොටස් මිලට ගැනීමට පෙර අත්තිකාරම් මුදල් ගෙවීමට අවශ්‍ය නොවනු ඇත.
ලබන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් නව නියමයක්ද සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් පනවනු ලැබ තිබේ. 2011 අප්‍රේල් 01 දිනට පසු ලැයිස්තුගත වන සමාගම්වල ආයෝජකයන් පෞද්ගලික කොටස් නිකුතුවකදී මිලදී ගත් කොටස් (මහජන කොටස් නිකුතුවකදී නොවේ) අලෙවි කිරීම වසරක් දක්වා අත්හිටුවීම එම නියමයයි. මෙම රීතිය බල පැවැත් වෙනුයේ 2011 පෙබරවාරි 07 වන දිනට පසුව ආයෝජකයන්ට නිකුත් කළ කොටස් වලට පමණක් බවද කොමිසමේ සභාපති ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය පවසන්නීය.
මෙයද තරමක් පැහැදිලි කළ යුතු කරුණකි. එනම් ඇතැම් සමාගම් මහජන කොටස් නිකුතුවක් සිදු කිරීමට පෙර පෞද්ගලිකව කොටස් නිකුත් කරනු ලබයි. ඉන් පසු මහජනයාට කොටස් නිකුත් කර (මහජන කොටස් නිකුතුවක් සිදුකර) කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වේ. මහජනයාට සමාගමක කොටස් මිලට ගත හැක්කේ මෙවැනි මහජන කොටස් නිකුතුවකදීය. පෞද්ගලික කොටස් නිකුතුවකදී මහජනයාට කොටස් මිලට ගත නොහැක. ඒ නිසා සමාගම් බොහෝ විට කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කිරීමට පෙර පෞද්ගලික කොටස් නිකුතුවක් සිදු කර තම හිතවත් අයට සාපේක්ෂව අඩු මුදලට කොටස් අලෙවි කරනු ලබයි. ඉන් පසු සමාගම කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළ පසු ඉහළ මිලකට එම කොටස් ප්‍රමාණය අලෙවි කර අධික ප්‍රාග්ධන ලාභයක් ලබා ගන්නා තත්ත්වයක් තිබිණි. මෙය මහජන කොටස් නිකුතුවේ දී එම සමාගමේ නව ආයෝජකයන්ට අහිතකර ලෙස බලපානු ලබයි. ඒ නිසා එවැනි අසාධාරණයන් ආයෝජකයන්ට සිදුවීම වැලැක්වීම සඳහා මෙසේ පෞද්ගලික කොටස් නිකුතුවකදී මිලදී ගන්නා කොටස් විකිණීම වසරක් දක්වා අත්හිටුවීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම මේ නියමය පනවනු ලැබ ඇත.
source:http://www.divaina.com/2011/02/27/economic06.html
26th Memeber of SMICE.....Jai Ho!!!im in
මට නම් මේ ජනවාරි වල 18 ලැබුව විතරයි
දැන් ටිකකට කලින් තමා ස්ටොක් මාකට් එක ගැන හරියට දැන ගත්තෙ
මාත් වැඩෙට බහිනවා , 20K විතර යොදවන්න පුලුවන් ...
CDAZ එකත් ගත්තා , හැබැයි එකෙ security එක කොහොමද දන්නෙ නෑ නෙහ් ?
දැන් අර කිව්ව අයට කෝල් කරල බලන්න ඕනි
ඔන්න මාත් මේකට බැඳෙනවා
ela,jaya wewa ape 28th member ta!!!!!!ela ela apith enawa.....
my freind mata danaganna ona, mama CDS ginumak open karala tiyenawa ekata api deela tiyena address saha Bank eccont Number vage vistara balaganna puluwanda www.cse.lk web site eken.puluwannam e komada?
niyama wedak. mamath enawa.digatama karagena yanna.
patta keep it up![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()