ලිබියාවට-එල්ල-කළ-ගුවන්-ප‍්‍රහාර-සාර්ථකයි
බි‍්‍රතාන්‍ය, ඇමෙරිකානු හා ප‍්‍රංශ හමුදා විසින් ලිබියාවේ ටි‍්‍රපොලි, මිස්රටා හා බෙන්ගාසි නගරවලට එල්ල කළ ගුවන් ප‍්‍රහාර සාර්ථක වූ බව ඇමෙරිකානු හමුදා ප‍්‍රධානී අද්මිරාල් මයික් මුලන් පවසයි.
ලිබියාවේ ගුවන් තහනම් කලාපයක් දැන් සාර්ථකව කි‍්‍රයාත්මක වන බව ද ඔහු කියා සිටී.
එම නගරවල පිහිටි ගුවන් ආරක්‍ෂිත පද්ධතීන් වෙත එල්ල කළ එම ප‍්‍රහාරයන් සඳහා මිසයිල 110කට අධික සංඛ්‍යාවක් භාවිතා කොට තිබේ.
එම ගුවන් ප‍්‍රහාරවලින් පසුව ලිබියානු නායක මුවම්මර් ගඩාෆි පැවසූයේ තමන් දීර්ඝ සටනකට සූදානම් බවයි.
එරට රූපවාහිනිය පවසන අන්දමට, එම ප‍්‍රහාරවලින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබේ.
(එළ)