ඒ මනුස්සය කරපු වැඩේ සාධාරනීකරනය කරන්න හදන්න එපා. බීල වාහනයක් එලවන එක අනුමත කරන්න පුලුවන් ක්රියාවක් නෙමෙය්. ඔය අනතුරෙන් පාරෙ ගිය තව අහින්සක මිනිස්සු කී දෙනෙක් මැරෙන්න පුලුවන් කම තිබ්බද. තරුනයෙක් හැටියට ඔයිට වඩා වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනෙ. ඒක නිසා මේකෙන් මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නව මිසක් සාධාරනීකරනය කරන්න හදන එක වැරදී. ජීවිතයක් නැති උනා තමය්, එහෙම උන එක පව් තමය්, ඒ උනාට පිලිගන්න වෙනව කරල තියෙන්නෙ නීතිය පැත්තෙන් ගත්තත්, සදාචාරය පැත්තෙන් ගත්තත් වැරදි වැඩක් කියල. මේක බැනීමක් හෝ අපහස කිරීමක් නෙමෙය්, ඇත්ත තත්වය පැහැදිලි කිරීමක්.