පලමු ආදරය වෙනුවෙන්.....
මේක ටිකක් පරණ ඒ වගේ ම ඇත්ත සිද්ධියක් ඇසුරෙන් ලියපු එකක්.හරියට හරි. මට වෙච්ච දෙයක් තමයි.පොතක ලියල තිබිල මට අද තමයි හම්බුනේ.මට මේකට දාන්න heading එකක් මතක් උනේ නැති නිසා මම heading එකක් නැතිවම මේක දානවා.ඔයගොල්ලොත් කියවල බලන්නකෝ එහෙනම්.කියවල බලල හොඳ නරක කියන්නත් අමතක කරන්න එපා හොදේ..

සඳ පායා ඇති සොඳුරු සැඳෑවක
සඳ රැස් දහරින් මා සැනසෙන විට
සඳ වතුරින් මා සිත නැහැවෙන කල
සුරඟන විලසින් මා දුටුවා ඔබ
ඔබ මා දෙනෙතින් දොඩමළු වූ සඳ
නුරා බැලුම් ඔබ මවෙත හෙලන කල
ඔබෙ මුව නැගෙනා පිවිතුරු සිනහව
අමතක කල නොහැකිය මට කිසි දින
ඔබ මා වෙත හෙලනා ඔය බැල්මට
නිතැතින් මා හසු වී ඇත ඔබ හට
ඔබේ ආදරය මවෙත පුදන විට
මගේ ජීවිතය පුදනෙමි ඔබ හට
ඔබගේ රුව මා සිත මැවෙනා විට
ඔබගේ සිනහව මට ඇසෙනා විට
ඔබගේ ආදර සුවඳ දැනෙන විට
වෙන කිසිවක් ගැන නොසිතෙයි මා හට
රෑ නිදි යහනේ මා තනි වන විට
හැම මොහොතෙම මට සිතුනේ ඔබ ගැන
ඔබෙ රුව මා සිත ඇඳී තිබෙන කල
නිදි දෙව්දුව ඇයි තව නැහැ මා ලඟ
© 2011 d_lucifer, All rights reserved.