ඔබගේ තර්‍කයට මම එකගයි වගෙම විරුද්‍ධ ස්‍ථාන කිහිපයක්‍ම තියනවා...
මෙහි ප්‍රධාන ප්‍රශ්‍නය ඇත්‍තේ, දැක්‍මෙහිය.. අප රටේ බොහෝ දෙනා පුරුදු වී සිටින්‍නේ අනුන් සිතන පරිදි ජීවත් වීමටය.. අනුන් කරන දෙය කිරීමටය... යමක් කරද්‍දී අන් අය කුමක් සිතයිද යන හැගීමෙන් කිරීමය. එසේ වීමට හේතුව වනුයේ අනුන් ගේ ඕපා දූප කෙරෙහි ඇති ඇල්‍මය.. මෙය මම අප ලාංකිකයන් තුල (මමද ඇතුලත්) දකින ප්‍රධානතම දුර්‍වල තාවයක්.
නමුත්...
මම ඔබ Night club යන පන්‍තියේ කෙනෙකු හැටියට දකින නිසා, යමක් ඇසීමට කැමැත්‍තෙමි... ඔබට දැනෙන විදිහට Night Club තුල අනග රැගුම් පාන තරුන තරුනියන් පැමිනෙන්‍නේ තම සුපෙම්‍වතා සමගමද..? කෙල්‍ලන් බීමත්‍ව තම විලි වසා ගැනීමට අපොහොසත් අවස්‍ථා දැක නැද්‍ද? තම යහලු යෙහෙලියන් සමග ප්‍රසිද්‍ධියේ කෙරෙනා වූ ආලිංගන දැක නැද්‍ද..? මෙය වූකලී වේසකම නොවෙයි... තම හැගීම් පාලන කිරීමට නොහැකි වීමයි.. තම හැගීම් මත්‍වූපසු ප්‍රසිද්‍ධියේ වුව එලියට දැමීමයි..
මෙය කථාකරන මා ද සුදු චරිතයක් නොවෙමි.. හැගීම් දැනීම් ඇති පෲතක්‍ජනයෙක්‍මි.. ගැහනියකගේ සිරුර ඇසට ප්‍රිය දසුනකි, ස්‍පර්‍ශය ගත කිලිපොළා යන චමත්‍කාරයකි.. නමුත් මාගේ පෙම්‍වතිය වෙනකෙකු සමග අනග රැගුම් පානු මට දැකිය නොහැක.. කිසිවෙකු ඇය ස්‍පර්‍ශ කරනු ඉවසිය නොහැක.. මාද ඇය සමග Night Club ගොස් ඇත.. විනෝද වී ඇත.. මා එහි සිටියෙ මහා උජාරුවකිනි, කිමද මාගේ පෙම්‍වතිය සැමවිටම මාගෙ සුරතේ එල්‍ලීසිටි නිසාවෙනි..
නමුත් තම පෙම්‍වතාට සීමාවූ කෙල්‍ලන් මෙන්‍ම ඉතා උසස් යැයි සැලකෙන පවුල්‍වල දැරිවියන් අතින් අතට යමින්, සුරාවෙන් මත්‍ව නටනා සැටි කිසි විටෙකින් අඩුවක් නොවෙයි. මොවුන් ඩැහැගන්‍නට මාන බලනවුන් ගෙන්‍ද එහි අඩුවක් නොමැත්‍තෙය. ප්‍රෂ්‍නය ඇත්‍තේ මෙන්‍න මේ කොටසේය.. රාත්‍රී සමාජ ශාලාවක කා බී විනෝද වීමෙහි නොවෙයි...
පොඩ්‍ඩක් හිතන්‍න... මෙ කෙල්‍ල උබේනම්....???? මගේ නම්....?? උබ කැමතිද..? මම කැමතිද..?
යන්‍න.. නෙත් යොමා බලන්‍න...