5 කොටස
ටික දවසක් යනකල් මට මිස්කෝල් මැසේජ් එවුවට කවුද කියල පවිත්රා මට කිවේ නෑ.. මට 100% ෂුවර් නැතුව ඔය පවිත්රා නේද කියල අහන්න බෑනේ.. පස්සේ එයා කිව එයා පවිත්රා තමා කියල.. මේ වෙනකොට මට තේරුනා පවිත්රා මාව අල්ලන්න දැලක් තමයි මේ අටවන්නේ කියල.. මොකද ඒ කාලේ ඉඳලම පවිත්රා බාලිකා ඉස්කෝලෙකට ගියාට කොල්ලෝ එක්ක ආශ්රය වැඩියි.. මං එහෙම අයට කැමති නෑ.. කොටින්ම කියනවා නම් අපි කියනවා වගේ බඩු ටයිප්.. එහෙම කෙල්ලෙක් එක්ක මට යාලු වෙන්න බෑ..
ආදරේ කියන දේ දැනෙන්න ගත්ත කාලේ ඉඳල මං හිතන් හිටිය දෙයක් තමා ජීවිතේටම ආදරේ කරන්නේ එක පාරයි කියල.. ඒ නිසා මං හොයාගන්න කෙනා වෙන්න පවිත්රට කිසිම සුදුසුකමක් තිබුනේ නෑ..මං එයාට කිව මට ඔයා මගේ ගර්ල් ෆ්රෙන්ඩ් කරගන්න බෑ කියල ඒත් මට ගැලවිල්ලක් තිබ්බේ නෑ.. අන්තිමට එයා කිව එහෙනම් මගේ යාලුවෙක් වෙලාවත් ඉන්න දෙන්න කියල.. එහෙමවත් බේරෙන්න පුළුවන් එක ලොකු දෙයක් නිසා මාත් කැමති වුනා..
ඒත් ටික දවසක් යද්දී තේරුණා මෙයා මගේ අගේ ඉඳං කන කන්න හදන්නේ කියල.. ඒ කියන්නේ යාලුවෙක් වගේ ඉඳගන හෙමීට මගේ ගර්ල් ෆ්රෙන්ඩ් කියල අනිත් අයට අඟවන්න.. මගේ 4න් එකට හැමවෙලේම මැසේජ් එවනවා.. මට ක්ලාස් ඇරෙන වෙලාවල් වලට ක්ලාස් ලගට ඇවිත් කතා කරනවා.. මට ගැලවෙන්න විදියක් තිබ්බෙම නෑ..
2007 පෙබරවාරි ඉස්කෝලේ බිග් මැච් කාලේ.. මෙයා කිව මැච් එක බලන්න එක්කන් යන්න කියල.. එහෙම එක්කන් ගියොත් මෙය මගේ ගර්ල් කියල අනිවා රෙජිස්ටර් වෙනවා.. මං කිව මට බෑ කියල.. එයා කිව එය පිට්ටනියට එන්නම් මටත් එන්න කියල.. අන්තිමට මං කලේ මැච් එක බලන්න නොයා ගෙදර හිටපු එක..
මේ වෙනකොට මං මෙයාගෙන් ගැලවෙන්නේ කොහොමද කියල කල්පනා කරමින් හිටියේ,..