ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
oyalage kathawa lassanai. :love::love::D:D ithuru tika kiyawanna asawen balan innawa. :yes::yes::yes:

ඔයාගේ කමෙන්ට් එකට ගොඩක් ස්තුති.. කතාවේ පටන් ගැන්ම හරි සුන්දරයි... ඒත් ඉදිරියට හරිම භයානකයි.. :eek::eek:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
බොල මල් කඩපිය ෆෝන් එකෙන් :lol::lol::lol:...කතාව දාන්න මචන් ඉතුරු ටික....:yes::yes::yes:

:lol::lol::lol: හරි හරි ඩෝන්ට් බී කලබල.. අද රෑ 11 ට කලින් තව කොටසක් දාන්න උපරිමයෙන් උත්සහ කරනවා..:):)
 
  • Like
Reactions: nadeendra

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
5 කොටස

ටික දවසක් යනකල් මට මිස්කෝල් මැසේජ් එවුවට කවුද කියල පවිත්‍රා මට කිවේ නෑ.. මට 100% ෂුවර් නැතුව ඔය පවිත්‍රා නේද කියල අහන්න බෑනේ.. පස්සේ එයා කිව එයා පවිත්‍රා තමා කියල.. මේ වෙනකොට මට තේරුනා පවිත්‍රා මාව අල්ලන්න දැලක් තමයි මේ අටවන්නේ කියල.. මොකද ඒ කාලේ ඉඳලම පවිත්‍රා බාලිකා ඉස්කෝලෙකට ගියාට කොල්ලෝ එක්ක ආශ්‍රය වැඩියි.. මං එහෙම අයට කැමති නෑ.. කොටින්ම කියනවා නම් අපි කියනවා වගේ බඩු ටයිප්.. එහෙම කෙල්ලෙක් එක්ක මට යාලු වෙන්න බෑ..

ආදරේ කියන දේ දැනෙන්න ගත්ත කාලේ ඉඳල මං හිතන් හිටිය දෙයක් තමා ජීවිතේටම ආදරේ කරන්නේ එක පාරයි කියල.. ඒ නිසා මං හොයාගන්න කෙනා වෙන්න පවිත්රට කිසිම සුදුසුකමක් තිබුනේ නෑ..මං එයාට කිව මට ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න බෑ කියල ඒත් මට ගැලවිල්ලක් තිබ්බේ නෑ.. අන්තිමට එයා කිව එහෙනම් මගේ යාලුවෙක් වෙලාවත් ඉන්න දෙන්න කියල.. එහෙමවත් බේරෙන්න පුළුවන් එක ලොකු දෙයක් නිසා මාත් කැමති වුනා..

ඒත් ටික දවසක් යද්දී තේරුණා මෙයා මගේ අගේ ඉඳං කන කන්න හදන්නේ කියල.. ඒ කියන්නේ යාලුවෙක් වගේ ඉඳගන හෙමීට මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල අනිත් අයට අඟවන්න.. මගේ 4න් එකට හැමවෙලේම මැසේජ් එවනවා.. මට ක්ලාස් ඇරෙන වෙලාවල් වලට ක්ලාස් ලගට ඇවිත් කතා කරනවා.. මට ගැලවෙන්න විදියක් තිබ්බෙම නෑ..

2007 පෙබරවාරි ඉස්කෝලේ බිග් මැච් කාලේ.. මෙයා කිව මැච් එක බලන්න එක්කන් යන්න කියල.. එහෙම එක්කන් ගියොත් මෙය මගේ ගර්ල් කියල අනිවා රෙජිස්ටර් වෙනවා.. මං කිව මට බෑ කියල.. එයා කිව එය පිට්ටනියට එන්නම් මටත් එන්න කියල.. අන්තිමට මං කලේ මැච් එක බලන්න නොයා ගෙදර හිටපු එක..

මේ වෙනකොට මං මෙයාගෙන් ගැලවෙන්නේ කොහොමද කියල කල්පනා කරමින් හිටියේ,..
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
6 කොටස

මං ඔය අතරේ පවිත්‍රගෙන් ගැලවෙන්න මං රසායන විද්‍යා පන්තිය මාරු කලා. අලුත් පන්තියට ගියාම ඒකෙ හංසිකා හිටියා.. සුපුරුදු ලෙන්ගතුකමින්ම එයා හැමදාම මාත් එක්ක කතා කලා. මේ වෙනකොට පවිත්‍රා එයාගේ උත්සාහය 50% ම අතහැරලා තිබුනේ.. ඒක මගේ ඉගෙනීම් කටයුතු වලට ලොකු සහනයක් වුන.. මේ වෙනකොට 2007 මැයි මාසෙත් වෙලා.

ඔහොම යන අතර තුර 2007 ජුනි 1 හවස 3 ට විතර මං ගියා යාලුවෙක්ගෙ ගෙදර මොටර්සයිකලේ. ඒකාලේ මට ලයිසන් නෑ. එහෙ ගිහින් එනකොට හවස 4.30 ට විතර ඇති, අපේ ගෙවල් ලග ඉන්න කාලකන්නි (හරිහමන් රස්සාවක් නැතුව ගංජා ගහගන, අරක්කු බීගෙන මහපාරේ රස්තියාදු ගහන සෙට් එකක්) ටිකක් බිලා පාරේ පිස්සු නටනවා මට යන්න පාරේ ඉඩ ඕන නිසා මං හෝන් ඒක ගහල එතනින් ගියා ඒ යනකොට එකෙක් හූ කිව මට තිබ්බ තරහට බයික් ඒක ස්ලෝ කරලා පිටිපස්ස හැරිලා උන්දිහා ගේමට වගේ බලල ගියා

අපේ ගෙදරට අඩි 20 විතර දුරින් තුන්මං හන්දියක් තියනවා එතනදී මගේ යාලුවෝ දෙන්නෙක් හම්බෙලා මං උන් එක්ක කතා කර කර හිටිය විනාඩි 15 ක් විතර එතකොට බට්ටා වෑන් එකක අරුන් 4 දෙනෙක් එනවා උන් වෙන කාටද ගහන්න යන්න තමයි ඒ ඇවිත් තියෙන්නේ අපි ඉන්න තැන පහු කරගන ගිහින් මං ඉන්නවා දැකල වෑන් ඒක නවත්තල මට හූ කියපු ඒක කුණුහරප කියාගන මට ගහන්න ආවා මාත් බයික් ඒකෙන බැහැල හෙල්මට් එක ගලවල ගත්තා. ඌ මට ගහන්න අත උස්ස්නකොටම මං ගැහුවා හෙල්මට් ඒකෙන උගේ මුණට..:eek::eek:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
7 කොටස

ඌ හිතුවේ නෑ මගෙන් ඒ වගේ පාරක් වදියි කියල උගේ වෑන් ඒකෙ හිටපු අනිත් එවුනුත් මුගේ පස්සෙන් චන්ඩි වගේ ආවට මු කාපු පාර දැකල උන් ඉස්සරහට ආවේ නෑ මගෙන් පාර කාපු එකා විසිවෙලා ගිහින් එතන තිබ්බ තාප්පේ වැදුනා මටත් මගේ අතින් හෙල්මට් එක ඇත අරුනා.. ඒ වෙලේ තමා මං දැක්කේ අරුගෙන ඇහැ උඩ නළල ලොකුවට පැලිලා ලේ ගලනවා.

ඌ මට වඩා කොට එකෙක් මු ආයි නැගිටලා ආවා මාත් ඕන දේකට ලෑස්ති වෙලා හිටියේ ඒත් මට පාරක් ගහනවා වෙනුවට මු කලේ මගේ ඇගට පැන්නා.. මං උ‍ත් එක්කම වැටුනා. අපි දෙන්නම පාර දිගේ පෙරලිගන පොරබදනවා ඔහොම රෝල් වෙලා ගිහින් මු මගේ ඇග උඩට ආවා ඒත් මං උගේ අත් 2 අල්ලන් හිටපු නිසා උට මට ගහන්න විදියක් නෑ.. ඒත් එක්කම උ කලේ මගේ වම් කන ලග මුණ පැත්තෙන් හපාගත්ත තදටම.. ටිකක් වෙලා යනකොට මට දැනුන මු හපාගත්ත එක අතඅරින් නැතුව උඩට අදිනවා එතොට මටත් දැනුන ඒ හරියේ මගේ මුනේ හම ඉරෙනවා මගේ ලේ රස්නෙට මගේ කම්මුල දිගේ බේරෙනවා..

ඒක දකිනකොට උගේ සෙට් එක ඇවිත් උව ඇදල ගත්තා.. අපේ අම්මත් සද්දේ ඇහිලා එතනට දුවගන එනකොට අරු වෑන් ඒකෙ තිබ්බ හිස් බෝතලයක් කඩල අරගන අම්මට දික් කළා මං ආයි උට ගහන්න යනකොට මගේ යාලුවෝ මාව අල්ලගන අරුගේ යාලුවෝ අරුව අල්ලගත්ත. මගේ තුවාලේ දැකල එතනට ආපු දෙතුන් දෙනෙක්ටම කලන්තේ වගේ.. මගෙත් ලේ යන එක නතර උනේ නෑ. ඊට පස්සේ කට්ටිය මාව අරන් ඉස්පිරිතාලේ ගියා.

එතකොටම අරුවත් ඉස්පිරිතාලෙට ගෙනාව හදිසි අනතුරු වාට්ටුවේ උව දැම්මේ මගේ එහා පැත්තේ ඇදට. ඩොක්ටර් එන්න කලින් නර්ස්ල ලගට ඇවිත් උන දේවල් අහනවා හැබැයි නර්ස්ල දන්නේ නෑ අපි 2 වලිය දාගත්තේ කියල. ඉස්සල්ලම අරුගෙන් ඇහුව මොකද උනේ කියල ඌ කිව පොඩි ප්‍රශ්නයක් උන කියල.. ඊට පස්සේ නර්ස්ල මගෙන් ඇහුව මල්ලි මොකද උනේ කියල මං කිව එක්කෙනෙක් හපා කෑවා කියල උන්ට ඒකට හිනා ගියා.. ඇහුව බල්ලෙක්ද මිනිහෙක්ද කියල මං කිව මිනිහෙක් කියල උන් කියනවා එකා පිස්සෙකද කවුද ඒ ඇදුරන් නැති කෙනෙක්ද කියල, මං කිව අර එහා පැත්තේ ඇඳේ ඉන්න කෙනා තමා හැපුවේ කියල..:shocked::shocked::lol::lol::lol:

නර්ස්ල හිනා වේවි ගියා..

පස්සේ ජුනි 3 දවල් මගේ ටිකට් කැපුවා ඩොක්ටර් කිව තුවාලේ ලොකු වදියි මහන්න බෑ ඔහොම්මම වේලෙන්න දෙන්න කියල.. කොහොමත් ඒ තුවාලේ හොද වෙන්න මාස 3 ක් විතර ගියා මට දන ගන්න ලැබුන අරුටත් මැහුම් 6 ක් දැම්ම කියල.. ඒක මට නම් ලොකු ජයග්‍රහණයක්‌.. :lol::lol::rolleyes::rolleyes:;);)

8 කොටස 4 පිටුවේ
 
Last edited:

bubu

Active member
  • May 23, 2008
    444
    52
    28
    UAE
    ko ethuru tika... mata mage akath liyanna hithenawa meka dakkama aka liyanna tikak amarui akat janappriya niliyak anawane madata a kotasata mama asa neha
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මුලින්ම කියන්න ඕන සැබෑ ආදරවන්තයෝ තමුන්ගේ ආදරය වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි.. ජීවිතය පුජා කරන්න වුනත්.. හැබැයි ඒ කැක්කුම පපුවට දැනෙන්නේ ඇත්තටම ආදරය කරන අයට විතරයි.. මගේ කතාව දිගටම කියෙවුවොත් හැමෝටම තේරෙයි අපි සැබෑ ජීවිතයේදී සිදු නොවෙන පොත් වල විතරක් සිදු වෙනවා කියල හිතාගන ඉන්න කටුක සිද්ධි ගොඩකට මායි Mrs Geniusයි ඇත්තටම මුණ දීල තියනවා..


    අපි මේ කතාව පටන් ගන්නේ 2003 න් එතකොට මං 9 වසරේ.
    :yes::yes:
    අම්මො මෙයා පොඩි කාලෙම වැඩ පටන් අරන් නෙ :P කොහොම උනත් අහුවාමයි 9 වසරෙ කොල්ලෙක්ගෙන් මෙ වගෙ සැබැ අදරයක් :D එල එල දෙන්නාටම මන් සුබපතනවා :D එ වගෙම මෙක දිගටම ලියන්න :D මගෙන් සම්පුර්ණ සහය දෙනවා :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මට අද හුඟක්‌ සතුටුයි.ඔයා හරිම ලස්‌සනට අපේ කතාව ලියල තියෙනවා.මටත් ආසයි කියවන්න:love::love::love::love::love::love::love::love:;););););););)
    :shocked::shocked: මෙන්න මෙයාත් එලකිරි එකෙ :shocked: දැනුයි දැක්කෙ :D ඔව් ඔයගෙ :love: එක නම් ලස්නට ලියලා තියෙනවා :D :yes::yes: හොදයි හොදයි අක්කිටයි,අයියාටයි දෙනනාටම සුබ පතනවා මන් :D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :shocked::shocked: මෙන්න මෙයාත් එලකිරි එකෙ :shocked: දැනුයි දැක්කෙ :D ඔව් ඔයගෙ :love: එක නම් ලස්නට ලියලා තියෙනවා :D :yes::yes: හොදයි හොදයි අක්කිටයි,අයියාටයි දෙනනාටම සුබ පතනවා මන් :D

    thnx macho..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    8 කොටස

    ජුනි 3 දවල් 2 විතර වෙනකොට අපි ගෙදර ආවා. 2.30 වෙනකොට අපේ ගෙදර බෙල් එක ගහනවා ඇහිලා අම්ම දොර ඇරියා, හන්සියි එයාගේ අම්මයි ඇවිල්ලා.. එයාලනම් ආවේ මාව බලන්න නෙමෙයි මගෙන් පොතක් ඉල්ලන් යන්න.. :baffled::baffled::baffled: එත් මට වුන දේ ගම පුරාම මහා ප්‍රචාරයක් ගිහින් තිබ්බ අර මදාවියට පොඩි කොල්ලෙක් ගහල කියල :P:P:P හැබැයි ඉතින් පස්සේ කලෙක මට දැනගන්න ලැබුනේ අරගොල්ලෝ ඇත්තටම ඇවිත් තියෙන්නේ පොත ගෙනියන්න නෙමෙයි මාව බලන්න, එත් කියන්න හේතුවක් නැති නිසා තමයි අර විදියට කියල තියෙන්නේ.. :rofl::rofl:

    එයාල කතා කරලා ගියා ඒ යනකොට හංසි කියල ගියා පරිස්සමෙන් ඉන්න කියල..:rolleyes::rolleyes::rolleyes:

    එදා හවස මගේ ෆෝන් එකට මිස්කෝල් එකක් ඇවිත් තිබ්බ ටිගෝ නම්බර් එකකින්.. මං ආයි ඒ නම්බර් එකට කෝල් කරන්න ගියෙත් නෑ.. එත් ඒ නම්බර් ඒකෙන මැසේජ් ආවා මට හෙට ක්ලාස් එනවද? ඉස්කෝලේ එනවද කියල, මං මැසේජ් කළා ඔය කවුද? මං දන්නේ නෑ කියල. රිප්ලයි එනවා කෙල්ලෙක්ගෙ නමක් කියල එයා නෙමේද කියලා.. මං කිව නෑ කියල කොහොම හරි ඔය මැසේජ් කෙටිල්ල ඔතනින් නතර වුනේ නෑ.. එත් මට සැකයක් තිබ්බ කවුරු හරි මාව බයිට් එකට ගන්නවද? නැත්නම් අරු ෆෝන් එක මාර්ගෙන් ආයි මොකක් හරි ගේමකට සෙට් වෙන්න එනවද කියල..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    9 කොටස

    මට තිබුන සැකේ නිසා මට දැනගන්න ඕන වුනා මේ කතා කරන්නේ ඇත්තටම කෙල්ලෙක්ද? නැත්නම් අරුගේ වැඩක්ද? නැත්නම් පවිත්රාගේ අලුත් පියවරක්ද කියල...

    මං මැසේජ් කළා මට ඔය එක්ක කතා කරන්න ඕන ෆෝන් එක ගන්න නැත්නම් මං මේ සිම් එක අයින් කරනවා කියල. එට පස්සේ මං කෝල් කලාම ආන්සර් කළා මං කතා කලාම ලස්සන ගෑනු කටහඬක් ඇහුනා, මට දැන් තියන්නත් ලෝබයි.. කොහොම හරි විනාඩි 2 ක විතර කතා කරලා තිබ්බා.. කතා කලාට අපි දෙන්නම හිටියේ ගොළු වෙලා..

    ටික දවසක් යනකොට අපි මාර විදියට ලං වුනා, මං කිව මං ඔයාව හම්බෙන්න එන්නම් කියල එත් ඒකට එයාගේ කැමැත්තක් තිබුනේ නෑ. කොහොම හරි ඔහොම සති 3 ක විතර ගියා එයාගේ ගතිගුණ හොඳයි කියල මට හිතුනා මට ගොඩක් ආදරෙත් හිතුනා.. දවසක් අපි රෑ 12 විතර වෙනකල් මැසේජ් කළා ඔය අතර මං මගේ අදහස හෙමිට දැනෙන විදියට මැසේජ් කළා ඒවාට ආව පිලිතුරුත් සතුටුදායක ඒවා.. :D:D ඊට පස්සේ මං එයාගෙන් ඇහුව මට ආදරෙයිද කියලා..

    කට්ටියටම හිතෙනවා ඇති මාර බොලදයිනේ මු. දැකලවත් නැති කටහඬ විතරක් අහපු කෙල්ලෙක්ට ආදරේ කරනවා කියල.. මටත් හිතෙනවා ඒක මහා බොළඳ වැඩක කියල.. එත් ඉතින්.............
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    10 කොටස

    මට රිප්ලයි මැසේජ් එක ආවා.. ඒකෙ තිබුනේ "මාත් ඔයාට ගොඩාක් ආදරෙයි මගේ රත්තරන් කියල.." මට දැනුන සතුට කියල නිම කරන්න බැරි වුනා.. මටත් ඒ වෙලාවේ මතක් වුනේ ටයිටැනික් ෆිල්ම් ඒකෙ ජැක් නැව ඉස්සරහට ගිහින් කෑගහන්නේ "I am the King in the world" කියල.. මටත් එහෙම තමා දැනුනේ..

    ඔහොම තව ටික දවසක් ගියා ඔය අතරේ තමා අපේ ඉස්කෝලේ විද්‍යා අංශයේ වරයිටි ෂෝ එක තිබ්බේ මායි තව යාළුවෙකුයි ඒකට භාතිය සන්තුෂ්ගේ "උන්මාදනී හැඟුනා" කියන සින්දුව ප්‍රැක්ටිස් කලා. එදා හවසත් අපි ප්‍රැක්ටිස් කරලා අපේ වෑන් එකෙන් මං යාළුවව ගෙදරින් බස්සල එන ගමන් හිටියේ එතකොට මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ඔයා මාව අමතක කරන්න කියල.. මට ඒ වෙලාවේ මොනවා උනාද දන්නේ නෑ..:sorry::sorry::sorry: මට පිස්සු හදුනා වගේ මං එයට කෝල් කළා එත් ගත්තේ නෑ.. මං හේතුව අහල මැසේජ් එකක් යැවුවම කිවේ එයාල වෙන රටක පදිංචියට යනවා කියල, මං කිව කමක් නෑ මං කවද හරි වෙනකල් ඔය වෙනුවෙන් බලන් ඉන්නම් කියල.. එත් එයා එකට කැමති උනේම නෑ.. එයාට ඕන උනේ මගෙන් වෙන් වෙන්න..

    මට පිස්සු හැදුන වගේ.. මුළු ජීවිතේටම එක කෙල්ලෙකුට විතරක් ආදරය කරන්න හිටපු මට මොකද මේ වුනේ.. මං එයාට කිව මාව දාල යන්න එපා මං මේ වෑන් එක කොහේ හරි හප්පගන මැරෙනවා එතකොට ඔයා යන්න කලින් ඇවිත් මගේ මිනිය බලල යන්න කියල..