මුදලාලි

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දවසක් ගමේ ගොඩේ මුදලාලි කෙනෙක් ජීවිතේ පලවෙනි පාරට කොළඹ ගියාලු . කොළඹ දැක්ක මිනිහට මේක ෆුල් මැජික් ලු . ඔන්න ඉතින් පොර උස බිල්ඩිමක් ළඟ නැවතිලා ඒකෙ තට්ටු ගනිනවලු. මේක බලන් හිටියලු ඔරිජිනල් කොළඹ කාක්කෙක්. පොර හිමීට මුදලාලිට කිට්ටු කරලා පොඩි සද්දයක් දැම්මලු.
    "ඒයි, කාගෙන් අහලද ඩෝ මගේ බිල්ඩිමේ තට්ටු ගනින්නේ??? ගනින් ගනින් සල්ලි , තට්ටු කීයක් ගණන් කරාද ???"
    අර අහිංසක මුදලාලියා වෙව්ල වෙව්ල කියනවලු ,
    "තට්ටු 20 ය් මහත්තයෝ "
    ඔන්න එතකොට අර කොළඹ පොර ආයෙත් සද්දේ,
    "එහෙම කොහොමද නිකන් තට්ටු ගනින්නේ? දෙනවා දෙනවා 1 කට රුපියල් 20 ගානේ, ඔක්කොටම 400 ය් "
    මුදලාලිත් පොරට රුපියල් 400 ක් දුන්නලු. උදේ පාන්දරම දතක් ගලවගත්ත කොළඹ පොර යන්න ගියාලු.
    ඌ යනකල් ඉඳලා මුදලාලි කියනවලු,
    "කොළඹ ඉන්නේ නියම ගොන්නු, හොඳට අන්දන්න පුළුවන්. මං තට්ටු 50 ක් ගණන් කරා, හැබැය් සල්ලි දුන්නේ 20 ට විතරයි "
    :lol::lol::lol::lol:

    උපුටා ගත්තේ ටික්කගෙ අඩවියෙන්
     
    • Like
    Reactions: milroy319