ϠϠϠ කුරුලු සැරිසරුවෝ ϠϠϠ
මව් රට හැරදා -දුරු රට ඉගිලෙන කුරුලු සැරිසරුවෝ
මිනිසුන් ඇතුලු සියලුම සත්තු ගමන් කරති එනම් සරීමේ (Movement) හෙවත් චරණයෙ යෙදෙති වඩා යහපත් වූ පරිසරයක දිවි ගෙවීම සදහා එක් පෙදෙසක් හැරදා තවත් පෙදෙසකට යාමද යම් අයුරක සැරිමකි.මැවනි සැරීමක් තැන් දෙකක් අතර ,එකම මගක් ඔස්සෙ දෙදිසාවටම සිදු උවහොත් එය නිහැරිම (Migration) යනුවෙන් හැදින්වෙ
මෙකී නිහැරීමට පරස්පර කටයුත්ත වන්නේ නිවැසිම (Reside)ය යම් පෙදෙසක දිගටම වාසය කිරිම නිවැසීම ලෙස සැලකේ.
සතුන්ගෙ සැරීමට හෙතු රැසකි සමහරු ආහාර සොයා සරති දිය සහ ආහාර උදෙසා අප්‍රිකා ඇතා සිය මහද්වීපයේ එක් කෙලවරක සිට අනෙක් කෙලවරට සැරීම මීට නිදසුනකි ශ්‍රි ලංකාවේ අලි ඇතුන්ද
මෙසේ සැරිමෙ යෙදෙති එහෙත් මෙකි සැරීම් ස්තිර ලෙසින් එකම ගමන් මගක් ඔස්සේවත් සිරිතක් ලෙසින් නිශ්චිත් කාලයකට වරක්වත් සිදු නොවෙ යම් වසරක වැසි
හටගෙන ආහාර ආදිය සුලභ උවහොත් අලි ඇතින් එසේ සරන්නෙ නැත එබැවින් මෙවැනි සැරීමක් නිහැරීමක් ලෙස නොසැලකෙ
සියලු නිහැරීම් අතරින් කුරුල්ලන්ගෙ නිහැරිම ලොව පතලය යම් රටල (පෙදෙසක) සිට වඩා සුදුසු පරිසරයක් සොයා යාම පිනිස සිරිත් පරිදි මුල් පෙදෙස හැර දමා ස්තිර මගක් ඔස්සේ වෙනත්
නිශ්චිත් පෙදෙසක් කරා ගොස් නිශ්චිත කලකට පසුව නැවත එ ගමන් මග ඔස්සේම ආපසු එම කුරුල්ලන්ගෙ නිහැරීම ලෙස අර්ත දක්වනු ලබයි.නිහැරීමේදි වඩා සුදුසු පරිසරය යන්නෙහි ස්වරුප කිහිපයක් තිබිය හැක එනම් වඩා සුදුසු ආහාර හෝ සුදුසු උනුසුම විය හැක පෙදෙසක් හැර යන මෙ ගමන නිතැතින්ම සිදුවන්නකි නිහැරීම අරබන පෙදෙසේදීම නිහැරි කුරුල්ලන්ට මිනිසා විසින් ආහාර පාන ස උණුසුම ලබාදෙනු විට පවා නිහැරීම අත් නොහරිති කුඩුවක දැමුවහොත් එහෙ දැල් වල ගැටී හෝ තම සිරුරට බරපතල හානි පමුනුවා ගනී
කුරුල්ලන්ගෙ නිහැරිම පිලිබදව සියලු තතු විද්‍යාවට තවම අනාවරනය වී නොමැත ඔවුන් සිය ගමන් මග නිවැරදිව සොයා ගන්නෙ කෙසේද යන්න තවමත් ගැටලුවකි ඔවුන් ඉර ,හඳ,තරු යනාදියද ගද,සුවද,පොලවෙ චුම්බක බලයද සිය ගමන් මග සොයා ගැනීමට පාවිච්චි කරන බව ඔප්පු වේ තිබේ එහෙත් මේ ගැන මුලුමනින්ම කරුනු තවමත් හෙලිවී නොමැත
ලොව කුරුල්ලන් බොහෝවිට නිහරින්නෙ උතුරේ සීත රටවල සිට දකුනෙ උණුසුම් රටවල් දක්වාය උතුරේ සීත සමය උදාවත්ම වඩ සුදුසු පරිසරයක් වෙත නිහැරීමට කුරුල්ලෝ පෙලභෙති සිත සමයේදී උතුරේ රටවල දිවා කාලය කෙටි විමත්,කුරුලු සිරුරුවල මෙද ප්‍රමානය ඉහල යැමත් නිහැරි ගමන උදෙසා කෙරෙන්නක් බව ඔප්පු වී ඇත මේද ප්‍රමානය මගින් දිගු ගමනකට අවශය ශක්තිය සිරුරේ ගබඩාකර ගනී මෙසේ උතුරේ සිට නිහරින කුරුල්ලෝ දකුනේ උනුසුම් රටවල විත් කලක් වාසය කරති
අනතුරුව ඔවුන් නැවත උතුරට නිහරින්නේ වඩා සුදුසු පරිසරයක් පතමින්ද? එවන් පරිසරයක් උතුරේ බිහිවි ඇති බව ඔවුනට දැනෙන්නෙ කෙසේද?
මෙකී පැනවලට පිලිතුරු සැපයිය හැක්කෙ පහත පදනම යටතේය දකුනට නිහැරියන් පැමිනෙත්ම ගනනින් ඔවුන් ඉහල යති එවිට ආහාර සදහා තරගයක් නැවත හටගනී ඉදිරියට බිජුලේමේ සමයද එලැබෙමින් තිබේ බිහිවන පැටවු ගිල ගැනීම සදහා තැත් කරන සතුරොද උනුසුම් රටවල වැඩියෙන් සිටිති.එනිසා ඔවුනට පැටවු හදාවඩා ගැනීම අසීරු වේ දකුනෙ රටවල දිවා කාලයේ ඉතා සුලු අඩු වැඩිවීමකට පවා සංවේදි වන කුරුල්ලො උතුරේ රටවල දැන් දිගු දිවා කාලයක් හටගන ඇතැයි සිතති
උතුරේ රටවල දිවා කාලයෙදී පැටවුන් හදාවඩා ගැනිම පහසුය එහෙයින් වඩා හොද පරිසරයක් පතා කුරුල්ලෝ නැවත උතුරට නිහරිති.ලොවේ සියලු කුරුල්ලන් උතුර-දකුන අතර වූ මෙකී සරල නිහැරීමේ යෙදෙන්නෙ නැත. සමහරෙක් බටහිර -නැගෙනහිර වැනි වෙනත් දිශා වලට යොමු වූ මාර්ගද තවත් සමහරෙක් වටකුරු මාරගද පාවිච්චි කරති.සමහරු නිහරින්නේ පැහදිලි රාටාවකින් තොරවය අවුරුදු පතා ද, දෙවසරකට වරක්ද සමහරවිට අට වසරකට වරක්ද නිහරින කුරුල්ලෝ සිටිති තවත් කුරුල්ලන් නිහරින්නෙ මුහුදු මට්ටමේ සිට උස වෙනස් තැන් අතරය.
ශ්‍රි ලංකාවේ නිහරින කුරුල්ලන් දෙස බැලුවහොත් ඔවුන්ගෙන් බොහොමයක් උතුරු-දකුනු නිහැරිමේ යෙදෙති. ඉන්දියා උප මහද්විපයේ ශ්‍රි ලංකාව පිහිටි තැන අනුව එය ඉන්දියාවෙන් දකුනු දෙසට වන්නට අවසන් ගොඩබිම වෙයි.ඉන්දියාව දෙසින් දකුනට පැමිනෙන කුරුල්ලන් බොහොමයකගෙ ගමන් මග කෙලවර ශ්‍රි ලංකාව යැයි විශ්වාස කෙරේ
මෙරටට නිහරියන් එන්නාවූ ප්‍රදාන පියාසර ම්ං දෙකකි එනම් බටහිර පියාසර මග සහ නැගෙනහිර පියාසර මගයි.බටහිර මග යනු ලොවේ උතුරු දෙසින් සහ වයබ දෙසින් පැමින ඉන්දියාවේ බටහිර වෙරල ඔස්සෙ දකුනු දෙසට විත් ඉන්දියාවෙ වඩාත්ම දකුනෙ වූ කෙලවර එනම් කෝමරින් තුඩුව පෙදෙසේ වෙරල හරහා ඉන්දියාවෙන් නික්මී වැඩි කොටස මන්නාරමත් කලුතරත් අතර වෙරලින් ශ්‍රි ලංකාවට පිවිසිමයි යුරෝපයෙන් බටහිර සයිබීරීයාව ඇතුලු බටහිරා ආසියාවෙන්, කාශ්මිරය ඇතුලු හිමාලයට බටහිර පෙදෙස් වලින් මුල් කොටම නිහරින කුරුල්ලො මෙ මග ඔස්සේ පැමිනෙති.
නැගෙනහිර මග යනු ලොවෙ උතුරු දෙසින් සහ ඊසාන දෙසින් පැමින ඉන්දියාවෙ නැගෙනහිර වෙරල ඔස්සෙ දකුනු දෙසට විත් කැලමියර් තුඩුවත් ඉන් තවත් දකුනේ පිහිටි රාමෙශ්වරමත් අතර පෙදෙසේ වූ වෙරල හරහා ඉන්දියාවෙන් නික්මී ශ්‍රි ල්ංකාවට පිවිසීමයි මෙකී නැගෙනහිර මග ඔස්සේ මෙරටට ඇතුලු වන තැන් තුනකි කැලමියර් තුඩුවේ සිට මුහුද හරහා කෙලින්ම යාපනෙ පෙදුරු තුඩුව,කැලමියර් තුඩුවෙන් මදක් දකුනට විත් මුහුද හරහා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වෙරලබඩ පිහිටි යක් තුඩුව සහ කැලමියර් තුඩුවෙන් දකුනට වැඩිපුර ගොස් රාමේශ්වරමට පැමින ආදමේගෙ පාලම හරහා මන්නාරම යන මේ පිවිසෙන තැන් තුනය නැගෙනහිර සයිබිරියාව සහ මොංගෝලියාව ඇතුලු නැගෙනහිර ආසියාවෙන්ද ටිබෙටය ඇතුලු හිමාලයෙ නැගෙනහිර පෙදෙස්වලින්ද මුල්ම කොටම නිහරින කුරුල්ලො මෙ මග ඔස්සේ පැමිනෙතිනෛහතකී මුල් පෙලෙ පියාසර මං දෙක හැරුනු විට ශ්‍රි ලංකාවට ඊසාන දෙසින් ඇත්තෙ අන්දමන් දූපත් පියසර මගයි.ඉන්දියන් සාගරයෙ අන්දමන් දූපත් හරහා වැටි ඇති ඒ මග හරහා ගිනිකොන දිග ආසියාවේ සහ ඇත පෙරදිග සිට නිහැරි කුරුල්ලන් පැමිනෙතයි විශ්වාස කෙරේ.මෙ මග හරහාඅ කුරුල්ලන් ශ්‍රි ලංකාවට ඇතුලු වන්නෙ මුලතිව් සහ කුකුලාව අතරෙනි.
සැප්තැම්බර් ඔක්තොම්බර් වන විට ශ්‍රි ලංකාවට ඇතුලු වන නිහැරි කුරුල්ලො බටහිර වෙරල ඔස්සේත් නැගෙනහිර වෙරල ඔස්සේත් දකුනු දෙසට විසිරි යති.සමහරු දිගටම වෙරල ඔස්සේ පැතිර යන අතර තවත් සමහරු වෙරල දිගෙ විත් වනපෙත් ගංගා ඔස්සේ රට මැද තෙක් විසිරෙති.නිහැරි සමය අවසන් වන අප්‍රෙල්-මැයි මාසය තුල කුරුල්ලන් මෙරට හැරයැමට යොදාගන්නේද ඔවුන් මෙහි පැමිනි මගමය.

Last edited: