ම එලකිරි එකට අලුත් කෙනෙක්. ඒ උනාට කාලෙක ඉඳන් මෙතන පෝස්ට් කියවනවා. මාව එළකිරි එකට හදුන්වලා දුන්නේ Yasiru2k කියන එළකිරි සාමාජිකයා තමයි.. ඒ කාලේ ආපු දවස් වල මේකේ තිබෙච්ච ප්‍රසිද්ධ නමක් තමයි Ridila™ ඒක නිසා මේ නම දාගත්තා.. ඒත් නම දාගෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දාන්න ගියොත් හරි එහෙමත් නැත්නම් දන්නෙ නැති දෙයක් ඇහුවොත් හරි මේකේ ඉන්න උන් එලව එලවා ඔරිජිනල් එකෙන් ලොග් වෙයන්, උඹ ෆේක් කිය කියා බැන බැන රෙප් කැපුවා. දැන් කියන්න එපා මම රෙප් ගැන දන්නේ කොහොමද කියලා.එකකට වගේ මේකේම සහෝදරයෙක් මෙහෙම කතාවක් කියනවා. නම මම කපලා දාන්නම්.