අලූත් ව්‍යවස්ථාවෙන් සමලිංගික අයිතීන් පිලිගත යුතුයි.. අපත් දැන් සමලිංගික අයිතීන් පිලිගන්නවා.. – ජවිපෙ
යෝජිත නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට සමලිංගිකයින්ගේ අයිතිවාසිකම් රැකිය යුතුය යන ස්ථාවරයට ජනතා විමුක්ති පෙරමුණ පැමිණ ඇතැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ රාවය පුවත්පත හා පැවති සම්මුඛ සාකච්වාකදීය.
‘අපි පක්ෂයක් විදිහට ලිංගික අනන්‍යතාවයන්ගේ අයිතිවාසිකම් තිබිය යුතු යයි කියන ස්ථාවරයට පැමිණ තිබෙනවා. අලූත් ව්‍යවස්ථාව උපකමිටු තුලින් මූලික අයිතිවාසිකම් ගැන තවම සාකච්ඡාවට ගෙන නෑ. ලෝකයේ මේ ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් පිළිගන්නවා. එනිසා අපත් නව ව්‍යවස්ථාව යටතේ එය පිළිගත යුතුයි’ යයිද ජවිපෙ මන්ත්‍රිවරයා එහිදී අදහස් දක්වා ඇත.

