ඇය මට පැවසුවේ ඇය මගෙ පළවෙනියා
මා ඇට පැවසුවේ ඈ මගෙ පළවෙනියා
මා මෙන් අනිත් උන්ටත් ඈ පළවෙනියා
අන්තිමෙ බලනකොට මම පහළොස්වෙනියා
ඈ ළග අපේ හදවත් වල collection
තව තිබුනලු තව එක එක collection
කෙසේ නමුත් first ලව් එක නිසාවෙන්
මම මෙමරිය අරිනවා recycle-bin
මුල් කාලේ නම් ඈ ප්රින්සස් ඩයනා
උන්ටත් මුලින් ඈ සූකිරි මැඩෝනා
පහුවෙනකොට මගෙ රන්කද හෙලේනා
මා හට මෙන්ම උන්ටත් මූසල නෝනා
(ඉන්ජිනේරු තාක්ෂණ පීඨය ශ්රි. විවෘත. වි. අම්බලන්ගොඩ)