හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

thanujaka

Well-known member
  • හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

    හිර ගෙදර ඇතුලේ ඇවිදලා කරලා ඉවර කරපු අපි අද කතා කරන්න යන්නේ මේ කතාවේ හොදම හරිය. හිරගෙදර කියන්නේ ලංකාවේ අදුරුම පැත්තේ තියෙන හැමදේම සිද්ධවෙන තැනක්.


    සමහරුන් අතර මතයක් තියෙනවා හිරේ ගියාම ගහනවා, බලෙන්ම සමලිංගික ක්‍රියාකාරකම් වලට අල්ලගන්නවා කියල. ඒවා නං සහමුලින්ම බොරු. හැබැයි කියන්න ඕනේ හිරගෙවල් ඇතුලේ සෑහෙන්න සමලිංගික ක්‍රියාකාරකම් තියෙනවා. එකත් මේ හැංගි හොරා නෙමේ. රෑට එහෙම ෂෙල් ඇතුලේ හරියට ඔය වැඩේ සිද්ධවෙනවා. සමහරු ඔය වැඩේ කරනවා හිරේ ඉන්න තදයෝ ෆිට් කරගන්න. සාමාන්‍යයෙන් හිරගේ ඇතුලේ යමක් කමක් කරගන්න පුළුවන්, සමලිංගික ක්‍රියාකාරකම් වලට කැමති කෙනෙක් ඉන්නවනං සමහර පොරවල් ගිහිං ඌට දෙනවා. අළුතෙන් ආපු එකෙක් ඔය වැඩේ එකෙක්ට කරාම ඉතිං අනිත් අයගෙන් එයාට ගැලවීමක් නෑ. සේරටම දෙන්න වෙනවා. අනිත් අය බලාගෙන ඉදිද්දී ෂෙල් එක ඇතුලේ 4 5 දෙනා වටවෙලා එක්කෙනෙක්ට ඔය වැඩේ කරන වෙලාවල් තියෙනවා. ඒ පොරට ඉතිං අර කට්ටියගෙන් මාර සැලකිලි. කසාද ගෑණිට වගේ සලකන්නේ. තව පිරිසක් ඉන්නවා ඔය වැඩේ කරන්න එක්කෙනෙක් එක්ක විතරයි. හැමදාම රෑට එයා එක්කමයි නිදියන්නේ. සාමාන්‍යයෙන් අඹු-සැමි සබදතාවයක වගේ සම්බන්ධයක් තමයි ඒ වගේ අය අතර පවතින්නේ. අළුතෙන්ම ඕවට කැමති p dial එකක් වගේ හිරේට ආවොත් වැලිකඩ වාට්ටුවේ ඌට සෙට් එකක්ම වටවෙලා කරනවා සේරම බලාගෙන ඉදිද්දී. ඒක නං මහ අප්පිරියම සීන් එකක් අනිත් අයටත් නිදාගන්න නෑ මොකද සමහර අය ඉන්නවා කෙලින්ම පෝර්න් ස්ටාර් කෙනෙක්ගේ චරිතය රඟ දක්වන. හිතාගන්න පුළුවන්නේ එතකොට කොහොම ඇතිද කියල? නමුත් බලෙන් කාටවත්ම හිරේදී මේවා සිද්ධවෙන්නේ නෑ කැමැත්තෙන් ඇරෙන්න.


    සාමාන්‍යයෙන් හිරගේ ඇතුලේ මුදල් ලෙස පාවිච්චි වෙන ප්‍රධාන හුවමාරු මාධ්‍ය තමයි බීඩි. බීඩි මිටියක මිල රුපියල් 500ක් වෙනවා. බීඩි දෙකක් දුන්නම සතියකම ඇදුම් හොදවගන්න පුළුවන් කාටහරි කියල. මම කලින් නූල්වල කිව්වනේ ෂෙල් කාමර වල ලොක්කෙක් ඉන්නවා කියල. මෙයාල හැමෝම වගේ වැඩකාරයෙක් විදිහට හිරකාරයෙක්ව නැත්තන් දෙන්නෙක්ව පාවිච්චි කරනවා. දවසකට බීඩි 7 - 8 ක් දුන්නම ෂෙල් කාමරේ අතුපතු ගාල, රෙදි ටික හෝදලා, නාන්න වතුර රත්කරල, නිදාගන්න වෙලාවට පැදුරු එලල, ඒවාට උඩින් රෙදි දාල කොට්ට තියල සේරම ලෑස්තිකරලා දෙනවා.


    නාන්න වතුර රත් කරන්නේ කොහොමද දන්නවද? ඔය ෂෙල් වල තැන තැන වයර් යනවනේ. ඒවලින් හොරාට කරන්ට් එක අරගෙන තහඩු කෑල්ලක් සෙට් කරලා ඒගොල්ලෝම හදාගත්තු, හිර ගෙදෙට්ටම ආවේණික හීටර් වගයක් තියෙනවා. පොඩි අගල් 4 විතර පැතලි තහඩුවක් තමා මේකට පාවිච්චි කරන්නේ. ෂෙල් කාමරේ ලොක්ක නාන්නේ 12 ටනං ලොකු බැරල් එකකට වතුර පුරවලා ඒකට හීටරේ දානවා 11ට විතර. එතකොට නාන වෙලාවට උණු වතුර ලෑස්තී. මිනිහා නාන්න එතනට ගියහම අර වැඩට ඉන්න මනුස්සය පොරව නාවනවත් එක්ක. කෝප්පෙකින් වතුර වක් කරනවා සබන් ගානවා, පිට අතුල්ලනවා සේරම කරනවා. නාල ආවම අගේ ක්‍රීම් ඉදල ගානවා. නමුත් මෙහෙම අය මුළු මැගසින් එකටම ඉන්නේ 10 - 12 වගේ. මේ අයට වේල් තුනටම කන්න කෑම පිටින් එනවා විසිට් හරහා. ඔය සේරම වැඩ ටික කරනවට වැඩට ඉන්න මනුස්සයට හම්බවෙන්නේ බීඩියි, අර පිටිං ගේන කෑමයි විතරයි. හිරේ මෙලෝ රහක් නැති කෑම කාල ඉන්නවට වඩා පිටින් රසට එන කෑම ටිකක් කාලා බීඩි 7-8ක් බොන්න තමා ඔය සේරම දේවල් කරන්නේ. සාමාන්‍ය ලෝකේ වගේ හිරේ ඇතුලෙත් ලක්සරි ලයිෆ් එකක් ගෙවන පිරිසක් ඔන්න ඔය විදිහට ඉන්නවා. ඒ බොහොම දෙනෙක් හිරේ ඉදගෙනම දුරකථන මාර්ගයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන අය. හිරගෙදර මේ පිරිස ෆෑන් එකක් පාවිච්චි කරන බව දන්නවද? මුලින්ම මෙන්න මේක බලල ඉන්නකෝ.




    2qbg2zd.jpg



    ඕක කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම කොසු මිටක් ගන්නවා. ඊට පස්සේ ඒකෙ දෙකෙළරින් ලණු පොටවල් දෙකක් ගැටගහල, ඒ ලණු පොට දෙක එකට එකතු කරලා ගැටයක් ගහල එක එල්ලනවා. ඊට පස්සේ කොසු මිටට අපි වැලේ රෙදි වනන විදිහට රෙදි 5 - 6ක් වනනවා. රෙදි ගොඩක් වන්න්නේ බර වෙන්න. ඊට පස්සේ එක්කෙනෙක් වාඩිවෙලා ඉදගෙන එලිවෙනකන්ම ඕක පද්දවනවා එහාටයි මෙහාටයි. එතකොට යට නිදාගෙන ඉන්න අයට හුළං වදිනවා. ඕක තමයි ෆෑන් එක. කතාවේදී කියන්නේ ෆෑන් ගහනවා කියල. විශ්වාස කරපං ඕක ගහන පොර එළිවෙනකන් නැගිටලා ඕක පද්දවනවා. ඕක නවත්තපු ගමන් දාඩිය දානවා, මදුරුවෝ කන්න ගන්නවා. එතකොට ඉතිං යට නිදාගෙන ඉන්න අයට ඇහරෙනවනේ. ඒ හින්ද බොරු කරන්න බෑ. මුළු රෑම නැගිටගෙන ඕක පද්දනවා. දවල් දවසේ වැඩ කරන කෙනා නෙමෙයි ෆෑන් ගහන්නේ. ඒකට වෙනම කෙනෙක් ඉන්නව. එයාගේ රාජකාරිය එච්චරයි. එළිවෙනකන් ෆෑන් ගහනවට බීඩි මිටියක් ලැබෙනවා. ඒක අරගෙන මිනිහ උදේට නිදාගන්නවා දවල් වෙනකං. දවල්ට අනිත් එක්කෙනා වැඩ.

    සාමාන්‍ය සමාජයෙන් වෙනස් වෙලා හිර ගේ ඇතුලේ වෙන එකම දේ තමයි “ලෝකල් ” භාවිතය. මේකෙදි කරන්නේ පත්තර පිටු කෑල්ලක පොඩි දුම්කොළ කෑල්ලක් ඔතල බොන එක. දුම්කොලයක් ගත්තම ඒකෙන් සෑහෙන්න වතාවක් බොන්න පුළුවන්. සාමාන්‍ය පත්තර පිටුවක් හිරේ ඇතුලේ අළෙවි වෙන්නේ රුපියල් 200ක් වගේ මිලකට. ජේලර්ලට ලේසියෙන්ම සල්ලි හම්බකරන්න පුළුවන් විදිහක් තමා මේක. පත්තර පිටුවක් 200කට විකුණගන්න පුලුවන් කිව්වම ඉතිං සෙල්ලං ද නේ. ඒ වගේම තමා දුම්කොලයක මිල රු 300ක් විතර වෙනවා. සමහර වෙලාවට 500ට විකිණෙන වෙලාවලුත් තියෙනවා. පත්තර කෑල්ලක ඔතපු දුම්කොළ කෑල්ලක් එහෙමත් නැත්තං ලෝකල් එකක් කියන්නේ හිරේ බහුලව දකින්න ලැබෙන දෙයක්.


    හිරගේ ඇතුලේ සිගරටුත් තියෙනවා. සිගරට් පෙට්ටියක මිල නං රුපියල් 2500ක් විතරවෙනවා. ලූස් ගන්නවා නං ගන්න ප්‍රමාණය අනුව සිගරට්ටුවක් රු 150 - 200 අතර මිලකට විකිණෙනවා. ලූස් නං කට්ටිය හොරෙනුත් ගේනවා. නමුත් කඩපු නැති පෙට්ටි නං කෙලින්ම එන්නේ ජේලර්ල හරහා. නමුත් හුගක් අය මේ වැඩේ නං කරන්න බයයි. කලක් ඉදල පුරුද්ද තියෙන ජේලර්ලා ස්වල්පයක් විතරයි මේ වැඩේ කරන්නේ.


    පිටටත් වඩා ඕන තරම් මත්කුඩු නං ඇතුලේ තියෙනවා. හේතුව අතින් ඒවාට වඩා මේක රැගෙන ඒම පහසු වීම සහ ඇතුලෙම ඉන්න ඩීලර්ස් ලගෙන් කෙලින්ම මිලට ගන්න පුළුවන් වීම. සල්ලි දෙනවනං ඕන වෙලාවක එයාලගෙන් කුඩු ගන්න පුළුවන්. මේ ජාවාරම්කරුවෝ තමන් ලග වැඩට ඉන්න අයට සතියකට සැරයක් විතර කුඩු පොඩ්ඩක් නොමිලෙත් දෙනවා. එහෙම කරාම ඉතිං උන්ගේ බොසා උන්ට දෙයියන්ට සමානයි. මාර සැලකිල්ලක් දක්වන්නේ.


    මත්කුඩු, සිගරට් , බීඩි, ලෝකල්, සමලිංගිකත්වය ගැන සේරම දේවල් කතා කරලා ඉවර එකේ දැන් අපි ජේලර්ල අතින් සිද්ධවෙන දූෂණය ගැනත් කතා කරමු. ඇත්ත මුකුත් වසං කරන්න මම කොහොමත් බලාපොරොත්තු වෙන්නේ නෑ.

    ජේලර්ලා කිව්වම පිරිසක් ඉන්නවා දූෂණ විමානයක්. නමුත් ඒ අතර හොද මිනිස්සුත් ඉන්නවා.
    ජේලර්ලා කරන ජාරාම වැඩේ තමා හිරේ ඉන්න විසිට් එකට තමන්ගේ ස්වාමියව බලන්න එන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීම. වැරදිලා හරි කාන්තාවක් බෑ කිව්වොත් අර මිනිහට පොඩි වදයක් නෙමේ හිරේදී දෙන්නේ. පහරදීම් කරන්නේ නෑ නමුත් ඉන්න බැරිවෙන තැනට වැඩ සෙට් කරනවා. කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් දුන්නට පස්සේ හිරේ ඉන්න මනුස්සයට හොද සැලකිල්ලක් ඒ ජේලර්ගෙන් ලැබෙනවා. හොද ෂෙල් එකකට දාල දෙනවා, සල්ලි කීයක් හරි මනුස්සයට දෙන්න දෙනවා ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. පහලම ඉදල ඉහටම යනකං නිලතල වල ජේලර්වරුන් මේ වැඩේ කරනවා. ඒ වගේම තමයි ගොඩක් දෙනා මේක කරනවා තමන්ගේ සැමියාව පුද්ගලිකව වෙනම තැනක හම්බවෙන්න අවස්ථාවක් ගන්න. සාමාන්‍යයෙන් විසිට් එකකට ගියාම හිරේ ඉන්න තමන්ගේ සැමියත් එක්ක කතා කරන්න වෙන්නේ සෙනග ගොඩේ හැමෝටම ඇහෙන්න නේ. නමුත් තමන්ට තමන්ගේ සැමියාට පුද්ගලිකව කතාකරන්න ඕනෙනං ඒ සදහා අවස්ථාවක් ගන්න ගොඩක් දෙනා ලිංගික අල්ලස් දෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් කවුරුහරි නිලධාරියෙක්ගේ කාර්යාලයේ හිරකාරයෙක්ව හම්බවෙන්න අවස්ථාවක් ගන්න රු 15000ක් වගේ මුදලක් වැයවෙනවා. නමුත් හැමෝටම මේ හැකියාව නැති හින්ද ගොඩක් දෙනා කරන්නේ ලිංගික අල්ලස් දීල මේ අවස්ථාව ගන්න එක. එතකොට ඒ අදාළ නිලධාරියාගේ කාර්යාල කාමරයේ දෙන්නට පුද්ගලිකව කතාබහ කරන්න පුළුවන්. නමුත් මේක පහලම නිළදාරීන්ට කරන්න බෑ. මොකද එයාලට වෙනමම කාර්යාල නැති හින්ද. කාර්යාල තියන අයනම් සේරම වගේ මේ වැඩේ කරනවා. පහල නිලදාරීන් ලිංගික අල්ලස් ගන්නේ මම අර මුලින් සදහන් කරපු හිරකරුවන්ට පහසුකම් සැපයීම මගින්. ඒ ඇරුණම සිගරට් විකුණලා, දුම්කොළ විකුණලා, පත්තර පිටු විකුණලා ජේලර්ලා හොද ගානක් හොයනවා.


    ජේලර්ලා මාර්ගයෙන් විතරමද එතකොට මේ තහනම් ද්‍රව්‍ය හිරගෙදර ඇතුලට එන්නේ? නෑ. ඒ ක්‍රමේට තමයි “බංකර්” ගහනවා කියන්නේ.
    ඇත්තටම මෙතනදි කරන්නේ විවිධ භාණ්ඩ ගුද මාර්ගයේ සගවාගෙන හිරගේ ඇතුලට එන එක. උසාවි දවස් වලට එලියට යන බොහෝ දෙනෙක් ආපහු ඇතුලට එනකොට විවිධ දේවල් මෙහෙම ගුද මාර්ගයේ සගවාගෙන එනවා. සාමාන්‍යයෙන් කවුරුත් දන්නවනේ සිගරට් එකක් එහෙම අරගෙන උඩ සාක්කුවේ දාගෙන ගෙදර ආවත් ඒ එන ටිකටත් ඒක පොඩ්ඩක් හරි පොඩි වෙන බව. නමුත් බංකර් ගහපු සිගරට්ටුවක් මම අතටම අරන් බලල තියෙනවා ඒවා පොඩ්ඩක්වත් පොඩිවෙලා නෑ. ගුද මාර්ගයේ ගහගෙන ආවත් ඒවා නිකං මේ දැන් පැකට් එක කඩලා අතට ගත්ත ඒවා වගේ තියෙනවා. සමහර අය මේක බිස්නස් එකට කරනවා. සමහර අය මේක තමන්ගේ පරිභෝජනයට විතරක් කරනවා. සිගරට් දෙක තුනක් අරගෙන පොඩි සිලින්ඩරාකාර ටියුබ් එකකට දාල එක ගුද මාර්ගයෙන් ඇතුළු කරනවා. බිස්නස් එකට කරන සමහරු නං කෙලින්ම පොලිතින් බෑග් දෙක තුනක සිගරට් ටික දාල ඒක ගුද මාර්ගයෙන් ඇතුළු කරනවා. හැබැයි මේක නං හැමෝටම කරන්න බෑ. හේතුව කලක් ගුද මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරලා ගුද මාර්ගයේ හොදට ඉඩකඩ හැදුනට පස්සේ තමයි මේක කරන්න පුළුවන්. මෙහෙම භාණ්ඩ ප්‍රවාහනය කරන අය හැමතිස්සෙම ගුද මාර්ගයේ පාංකඩ ඔබාගෙන තමා ඉන්නේ. ඒ ඇයි කියල ඉතිං කට්ටියටම තේරෙනවා ඇතිනේ. එක පාරක් මැගසින් එකේ අහු උනා ෆෝන් දෙකකුයි, චාජර් එකකුයි එකපාර ගුදමාර්ගයේ සගවාගෙන ඇතුලට ඇවිල්ල. හිතාගන්න පුළුවන් නේ එතකොට කොහොම ඇතිද කියල. එහෙම ගේන්න ගුදමාර්ගයේ ඉඩකඩ තියෙන අයට සිගරට් ගෙනව එක මහලොකු දෙයක් නෙමේ කියලා තේරෙනවා ඇතිනේ. ඔහොම ගුද මාර්ගයේ ෆෝන් එකක් ගහන් ආව කියන්නේ ගොඩේ ගොඩ. මොකද නොකියා 1100 එකක් හිරගෙදර ඇතුලෙදි රු 25000කට එහා මුදලකට තමා අනිවාර්යයෙන්ම විකිණෙන්නේ. නමුත් සල්ලි තිබ්බට හැමෝටම ෆෝන් එකක් පාවිච්චි කරන්න බෑ. මොකද ඒක චාර්ජ් කරගන්න පහසුකම් සපයගන්න පුළුවන් අය ඉන්නේ බොහොම සුළු පිරිසයි.


    තව පොඩි අමතර දෙයක් කියන්නං. මැගසින් එක ඇතුලේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න ජීවිතේට වාහනයක්, තාර පාරක් අඩුම ගානේ ගෑණු කෙනෙක්වත් දැකල නෑ. මොකද උන් දෙන්නත් උපන් දවසේ ඉදලම ඉන්නේ හිරේ. දැන් උන් දෙන්නට අවුරුදු 7ක් විතර වෙනවා කියල තමා හිරේ ඉන්න පරණම හිරකාරයෙක් මට කිව්වේ.

    !
    !
    !
    !
    !
    !

    ඔන්න එහෙමනං මේ ලිපියත් සමගම හිරගෙදරට අපි ආපු චාරිකාවත් මෙතකින් මේ ලෙස අහවර වී යනවා.
    මේ ලිපි මාලාවත් එක්ක රැදිලා හිටපු ඕගොල්ලෝ හැමෝටම හුගක් ස්තූතියි.

     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අඩේ මාරයි අයියා..
    ෆට්ට ඇහ්..
    මමත් ඉඳලා හිටලා ඇතුලට යනවා එනවා.
    ඉස්සරහට මේ දේවල් ගැන හොයලා බලනවා..
    ඔයා සුපිරි ආරම්භයක් දුන්නේ...​
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අන්තිම කොටසත් දාලා නේ. ස්තුති වේවා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔක්කොම හොදයි අරන් බන්කර් ගහපු සිගර්ට් එක අල්ලපු එකනම් අනුමත කරන්න බෑ :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජේලර්ලා කරන ජාරාම වැඩේ තමා හිරේ ඉන්න විසිට් එකට තමන්ගේ ස්වාමියව බලන්න එන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීම.

    කුජීත සීන් එකක් නේහ් බං..:growl: හැම බන්ධනාගාරයෙම ඔය සීන් එක තියෙනවද..?:shocked:

    තෑන්ක්ස් මචං ත්‍රේඩ් එක ඉක්මනට දැම්මට.. රෙප් දෙන්න බෑලු..:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇති යන්තන් දාල ඉඳපන් කියවල එන්නම් :)
     

    thanujaka

    Well-known member
  • ඔක්කොම හොදයි අරන් බන්කර් ගහපු සිගර්ට් එක අල්ලපු එකනම් අනුමත කරන්න බෑ :(

    ඒක එහෙම දැක්කොත් උඹට කිසි වෙනසක් හොයන්න බෑ..
    ගද අනංමනං මුකුත් නෑ..
    කොච්චර උනත් මාත් අතට ගත්තේ නං ඉතිං හිරිකිතෙන්...:sorry: