සුන්දර ගීයක ඇරබුම,..

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93



    රතු රෝස මලක් (සමුගැනීමේ නවාතැන ටෙලිවෘතාන්තය, 1986)

    මෙහි කතාතේමාව හදවත් රෝගයකට ගොදුරු වූ ගිටාර් වාදකයකු හා ඔහු මුහුණ දෙන සිදුවීම් වටා ගොඩනැගී තිබෙන අතර ජීවිතය තණ පතක් අග රැඳි පිනි බින්දුවක් මෙන් අස්ථාවර බවත්, අප කවදා හෝ සියල්ල හැරදා සමුගෙන යා යුතු බවත්, අපට පසක් කරනවා.

    මෙය මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව රූගත කර ඇති අතර වරක් නුවර වැව ආශ්‍රිත දර්ශනයක් යෙදී තිබෙනවා. බෝට්ටුවකින් ගොස් එම දර්ශනය රූගත කරමින් සිටින අතරතුර හදිසියේම වැස්සක් කඩාපාත්වී තිබෙනවා. එවිට වැස්සෙන් බේරීමට නලුනිලි කණ්ඩායම වැව මැද තිබෙන දූපතට ගොඩබැස තිබෙනවා. පසුව එම දර්ශනය අවසන් කර editing room එකට ගිය පසු දුටු දේ නම් සේයාපටයේ පෙර දර්ශනයේ බෝට්ටුවේ ඉදිරිපස කුඩයක් නැති නමුත් පසු දර්ශනයේ කුඩයක් අඩංගු බවයි. එවිට ඔවුන් කර තිබෙන්නේ එම දර්ශනය random පුද්ගලයින් දහපහළොස් දෙනෙකුට නැරබීමට සැලැස්වීමයි. නමුත් ඔවුන් කිසිවෙකු එම කුඩය නිරීක්ෂණය කොට නැති නිසා එම දර්ශනය එලෙසින්ම විකාශනය කොට තිබෙනවා.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    864e44899f6f19830033e497defeded1.jpg
     

    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    ෙම්ව රස විදින්න, දැනෙන්න පෙර පිනක් තියෙන්න ඔ්න. ඒ්කියන්නේ කලා රසය හැඟිම් පෙර කර්මයන් සමග තමා. ඒ් නිසා තමයි කමෙන්ට් අඩු. ඒ් පින්වත් පිරිසයට ඔබ , මම . අපි ඒකතුවෙනවා. ඒ් ගැන සතුටු විය යුතුයි. තව දාන්න ස්තුතියි.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    Kiritaya වෙච්ච දෙයක්. මේ වගේ thread කුණු කුඩේට ගිහින්, දේශපාලන රෙද්දවල් වැහි වැහැල. :-(
     
    • Like
    • Sad
    Reactions: hrm and sandaru1rox

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Kiritaya වෙච්ච දෙයක්. මේ වගේ thread කුණු කුඩේට ගිහින්, දේශපාලන රෙද්දවල් වැහි වැහැල. :-(
    අඩෝ සිරාවටම. කාලකන්නි බල්ලො ටිකක් බැහැල දේශපාලනේ ගාවගෙන මේ තියෙන සිරා ත්‍රෙඩ් යට ගැහුවා දේශපාලු ත්‍රෙඩ් දදා... :cry:
     

    Inked98

    Active member
  • Oct 18, 2019
    134
    42
    28
    Earth 1
    මාලනී බුලත්සිංහල "සෙනෙහස ඉල්ලා ලියතම්බරා ලග" සිංදුවේ අර්ථය රසවත්ව පහදා දිය හැකිද?
     
    • Like
    Reactions: Yastysan

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    184
    167
    43
    ඔය කඩචෝරු ගීත ගැනනම් මම අහල නැති නිසා දන්නෙ නෑ... ගොඩක් අය කරපු පර්යේශණ වලට අනුව සම්භාව්‍ය සිංහල සංගීතයේ තියෙන පිරිමියෙකු සම්පූර්ණයෙන්ම වර්ණනාකරන එකම ගීතය මේක.... හන්සය කුමාරිකාවට රජ කුමාරයගෙ ලස්සන තමා ඔය කියන්නෙ... කතාව පසුව කියන්නම්...

    දැන් අපේ කොල්ලො ටික පාඩම් කරගනියවු මේක... මොකද අපිට කියල තියෙන්නෙ මේ ගීතය විතරළු... මේක කිව්වෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහානාම කියන මහාචාර්යතුමා...

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ...

    සඳැල්ලේ මිණි තලාවේ
    තාරකා පිපි වෙලාවේ
    ලදැළියන්ගේ හීන අතරේ
    මැවෙයි ඒ රූපේ...

    ඈත කඳුකර..

    රනින් කල වන් පුළුල් උරයෙන්
    හසුන් ළමැදේ මුස කරන්නේ
    හදේ මෝරන ආදරේ...
    සඳේ සොමි ගුණ යා කෙරේ
    සරා ගී නිල් නුවන් බඳුනින්
    නුරා ඉතිරෙන්නේ...

    ඈත කඳුකර...

    ගායනය - පණ්ඩිත් අමරදේව
    පද රචනය - මහගමසේකරයන්
    සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම
    හදවිල කළඹන පෙම් ජල රේඛා
    ඒ විල මැද සීතල සඳ රේඛා ....//
    දෑසෙහි තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා ...
    වරලස අක් බඹරුන් බැඳි රේඛා
    දෙනෙතෙහි නිලුපුල් මල් පෙති රේඛා ..//
    දෙතොලෙහි ආදර හසරැලි රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා ..
    හද විල කලඹන.....
    නීල පලිඟුකැට නෙත් මිණි රේඛා
    බාල චන්දනී නලළත රේඛා ...//
    ආල නුරාවෙන් බැඳි රන් රේඛා
    ඔබරුව සිහිනෙන් හද ඇඳි රේඛා .
    හද විල කළඹන.......
    දෑල ලමැද රන් ගෝමර රේඛා
    ඈතදි පෙන්වන කෝමල රේඛා ...//
    මෑතදි බැලුවිට ආදර රේඛා ....
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා ..
    හද විල කලඹන........
    ගායනය......විශාරද නන්දා මාලනී
    පද රචනය ...ධර්මසිරි ගමගේ
    ස්වර ...... රෝහිත විජේසුරිය.

    i heard this also appreciates the beauty of a man, but i guess it could be either way. considering it's sung by a female and the phrase ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා most probably it's a man.
     
    Last edited: