☸ ප්‍රායෝගික විදසුන් කමටහන් ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,343
    1
    6,165
    113

    නිවන් මාර්ගය දැන සිටියත් එය ප්‍රායෝගිකව මාර්ගය වඩන ආකාරය බොහෝ කල් මා සොය සොයා ඉදියත් ; සම්මුඛ උනේම නෑ ; සම්මුඛ වුවත් එහි " නිරවද්‍යතාව සහ ප්‍රායෝගික ස්වභාවය " පිළිබදව තිබූ කුකුස නිසා එක්වර ම විචිකිච්චාව බැහැර කිරීමට හැකි දේශනා මාලාවක් හමුවුණේම නෑ

    නමුත් මීට කීප දොහකට ඉහතදී ; හදිසියේ මා සවන් වැටුණ මෙම දේශනාව නිසා එය වෙනස් වුණා ;

    මුන්වහන්සේ නමින් " අති පූජනීය ඉලුකේගම අත්තදස්සී ස්වාමීන් වහන්සේ " දශක දෙකකුත් අටවසකුත් ගිහි ජීවිතයේ කම් සැප විඳ භද්‍ර යෞවන වියේම අමා මහ නිවන සොයාගෙන තම සංසාර චක්‍රය නැවතීමේ චාරිකාව ආරම්භ කළ උතුම් යතිවරයාණන් වහන්සේ නමක්

    මෙම දේශනාව තුළ ; උන්වහන්සේගේ විදසුන් භාවනාව වැඩීමේ අත්දැකීම් ; ලග්ගල වනයේදී අත්දැකීමට සිදුවූ බියකරු අමනුෂ්‍ය බාධාවන් ; විදසුන් කමටහන් උපදෙස් ; සතර මහා භූත විදසුන් කිරීම මගින් නිවන සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය පිළිබඳ උන්වහන්සේ ලද ප්‍රායෝගික අත්දැකීම් විස්තර කිරීමක් අන්තර්ගතවේ !

    පින් ඇත්තෝ අසත්වා 🙏

    වැඩිදුර පරිශීලනයට : https://youtube.com/@ven-ilukegamaatthadassithero.?si=WUzRFbEndw_7mx-c

    https://tipitaka.lk/cloud/2466
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,619
    4,841
    113
    රහත්වෙන්න හරි සෝවාන් වෙන්න හරි blueprint එකක් නැද්ද බං. එක එකා එක එක මගුල් නෙ කියවන්නෙ. දැන් කියන්න එපා පාරවල් ගොඩයි අනං මනං. ගොඩක් තිබ්බට කමක් නෑ එකක් හරියට පෙන්නපන් කො.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,343
    1
    6,165
    113
    රහත්වෙන්න හරි සෝවාන් වෙන්න හරි blueprint එකක් නැද්ද බං. එක එකා එක එක මගුල් නෙ කියවන්නෙ. දැන් කියන්න එපා පාරවල් ගොඩයි අනං මනං. ගොඩක් තිබ්බට කමක් නෑ එකක් හරියට පෙන්නපන් කො.
    සරලව
    රහත් වෙන්න මොකද්ද කරන ඕනි
    සංයෝජන ධර්ම 10 කඩන්න ඕනි ( කැඩෙන්න ඕනි )
    ඒකට මොකද්ද කරන්න ඕනි
    සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනි

    පළවෙනි සංයෝජන ධර්මය - සක්කාය දිට්ඨිය දුරු කිරීම
    නාම රූප 2 ට තිබෙන සත්ව පුද්ගල දිට්ඨිය දුරු කිරීම
    ඒකට මොකද්ද කරන්න ඕනි - දිට්ඨි විශුද්ධිය ඇති කරගන්න ඕනි
    ඒකට තමා විදර්ශනා භාවනාව ඕනි

    ඔව් ; පාරවල් ගොඩක් තියනව නිවනට
    කෙනා කෙනාගේ capacity එක අනුව

    කෙනෙක් දම්සක් පැවතුම් සූත්‍රය අහද්දීම රහත් වෙන්න පුළුවන් - චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් සහ යෝනිසෝ මනසිකාරයෙන් ඇතිවීමෙන්

    තව කෙනෙක් මල් පහන් පූජා කරද්දී හදුන්කුර කමටහන වීමෙන් රහත් වෙන්න පුළුවන්
    ( මේ හඳුන්කූරු වගේ ම ප්‍රඥා ආලෝකයෙන් අවිද්‍යාව පිළිස්සී ගොස් අවසානයේ දැල්වීම ක් නොමැති ව මාද මෙසේ නිවී යත්වා )

    තව කෙනෙක් සේරම අතෑරලා අවුරුදු 10 න් වනගත වී සමථ විදර්ශනා වඩා මිය යාමට මොහොතකට පෙර මාර්ග සිත පහළ වී රහත් වෙන්න පුළුවන්

    කෙනා කෙනාට සාපේක්ෂයි
    පෙර සසරේ වැඩිම + කුසලය වගේ ගොඩක් සාධක බලපානවා

    අපිට ආයාසයෙන් නිවන් දකින්න බෑ
    ඒකට ඕනි දේවල් කරන්න ඕනි ; මාර්ගය වඩන්නා ඕනි ( කුසල් වැඩීම + කල්‍යාණ මිත්‍ර ආශ්‍රය + සද්ධර්ම ශ්‍රවණය + ධම්මානුධම්ම ප්‍රතිපදාව )

    ඔය උඩ පියවර 4 තමා කරන්න ඕනි සරලවම
    එතකොට නිවන "පෙනේවි"
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,820
    66,348
    113
    රහත්වෙන්න හරි සෝවාන් වෙන්න හරි blueprint එකක් නැද්ද බං. එක එකා එක එක මගුල් නෙ කියවන්නෙ. දැන් කියන්න එපා පාරවල් ගොඩයි අනං මනං. ගොඩක් තිබ්බට කමක් නෑ එකක් හරියට පෙන්නපන් කො.
    Bahiya daruchiriya sutra ekata wada Blueprint ekak tawa ne.dekka dekka witarai,ahuna ahuna witarai,hituna hituna witarai.oka bala bala giyama pina tiboth sowan wenawa
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    සරලව
    රහත් වෙන්න මොකද්ද කරන ඕනි
    සංයෝජන ධර්ම 10 කඩන්න ඕනි ( කැඩෙන්න ඕනි )
    ඒකට මොකද්ද කරන්න ඕනි
    සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනි

    පළවෙනි සංයෝජන ධර්මය - සක්කාය දිට්ඨිය දුරු කිරීම
    නාම රූප 2 ට තිබෙන සත්ව පුද්ගල දිට්ඨිය දුරු කිරීම
    ඒකට මොකද්ද කරන්න ඕනි - දිට්ඨි විශුද්ධිය ඇති කරගන්න ඕනි
    ඒකට තමා විදර්ශනා භාවනාව ඕනි

    ඔව් ; පාරවල් ගොඩක් තියනව නිවනට
    කෙනා කෙනාගේ capacity එක අනුව

    කෙනෙක් දම්සක් පැවතුම් සූත්‍රය අහද්දීම රහත් වෙන්න පුළුවන් - චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් සහ යෝනිසෝ මනසිකාරයෙන් ඇතිවීමෙන්

    තව කෙනෙක් මල් පහන් පූජා කරද්දී හදුන්කුර කමටහන වීමෙන් රහත් වෙන්න පුළුවන්
    ( මේ හඳුන්කූරු වගේ ම ප්‍රඥා ආලෝකයෙන් අවිද්‍යාව පිළිස්සී ගොස් අවසානයේ දැල්වීම ක් නොමැති ව මාද මෙසේ නිවී යත්වා )

    තව කෙනෙක් සේරම අතෑරලා අවුරුදු 10 න් වනගත වී සමථ විදර්ශනා වඩා මිය යාමට මොහොතකට පෙර මාර්ග සිත පහළ වී රහත් වෙන්න පුළුවන්

    කෙනා කෙනාට සාපේක්ෂයි
    පෙර සසරේ වැඩිම + කුසලය වගේ ගොඩක් සාධක බලපානවා

    අපිට ආයාසයෙන් නිවන් දකින්න බෑ
    ඒකට ඕනි දේවල් කරන්න ඕනි ; මාර්ගය වඩන්නා ඕනි ( කුසල් වැඩීම + කල්‍යාණ මිත්‍ර ආශ්‍රය + සද්ධර්ම ශ්‍රවණය + ධම්මානුධම්ම ප්‍රතිපදාව )

    ඔය උඩ පියවර 4 තමා කරන්න ඕනි සරලවම
    එතකොට නිවන "පෙනේවි"
    සාධු ..... සාධු ..... සාධු ..... 🙏 🙏 🙏
     
    • Like
    Reactions: Yeezus

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    penima ivara wela ahima enawa,ahima ivara wela aye hithima enawa,ita passe sparshaya enawa onna oya danim 6 athiwima nethima balana ekatai sihiya kivve budhamduruwo.kalayak giyama samma ditti dekkma enawa sathek pudagalyek kiyala methana ganna deyak nethi bawa dakinawa.
    example eakin kiynnako.mehema kiuwata teren na bro
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,820
    66,348
    113
    example eakin kiynnako.mehema kiuwata teren na bro
    Onna uba kellek dakinawa,ita passe kella lassanai kiyala hitenawa.kella lassanai kiyala hitenne hithimen.kella dekapu rupei rupe dekapu ubai ivarai.aye aluthen tamai ubai hithimai hataganne.

    Buduhamruwo kivve dekkoth dekka witarai.mulu lokema etanin ivarai.ita passe aye aluth ekak ahena eka. Api purudu wela inne rupetama sadde getagahanna.buduhamdruwo kivve methana sathek pudgalayek kiyala ganna deyak ne.danim 6k witarai kiyala.ekata pack wela ena hinda sathek kiyala terenawa kiyala.eka illusion ekak.

    Onna kella dekka,eka ivarai ita passe lassani kiyala hitenawa eka rupeta aythi ne.ita passe suwadak enawa.eka ara dekatama aythi ne.ohoma ohoma denim haye athiwima nethiwima
    Balan yaddi samma dittiyata enawa.
     
    • Like
    Reactions: Bad News and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,820
    66,348
    113
    බාහිය දාරුචීරිය සූත්‍රය යනු බුදුදහමේ එන ඉතාමත් ගැඹුරු මෙන්ම සුවිශේෂී සූත්‍රයකි. මෙහි ඇති වැදගත්ම දේ වන්නේ ලොව කෙටිම කාලයකින් රහත් භාවයට පත්වූ පුද්ගලයා ලෙස සැලකෙන බාහිය දාරුචීරිය තුමාට බුදුන් වහන්සේ දේශනා කළ කෙටි උපදේශයයි.
    පහතින් එහි සරල සිංහල පැහැදිලි කිරීම බලන්න:

    1. බාහියගේ පසුබිම​

    බාහිය යනු වෙළඳාමේ ගිය වෙළෙන්දෙකි. නැව පෙරළී අසරණ වූ ඔහු, ලී පටිවලින් ඇඟ වසාගෙන (දාරුචීරිය) සිටි අතර, මිනිසුන් ඔහු මහා රහතන් වහන්සේ නමකැයි රැවටී වැඳුම් පිදුම් කළහ. පසුව තමන් රහත් වී නැති බවත්, සැබෑ බුදු කෙනෙකු ලොව පහළ වී ඇති බවත් දිව්‍යමය මඟපෙන්වීමකින් දැනගත් ඔහු, සැවැත් නුවරට දිව ගොස් පිඬු සිඟා වඩින බුදුන් වහන්සේ මුණගැසුණි.

    2. බුදුන් වහන්සේ දුන් කෙටි අවවාදය​

    බාහිය ඉතාමත් කලබලයෙන් සහ දැඩි උනන්දුවකින් මඟ පෙන්වීමක් ඉල්ලා සිටි නිසා, බුදුන් වහන්සේ ඔහුට මෙම මහා සාරවත් උපදේශය ලබා දුන්හ:
    "තස්මාතිහ තේ බාහිය ඒවං සික්ඛිතබ්බං:"
    1. දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති (දකින දෙය දැකීමක් පමණක්ම වේවා)
    2. සුතේ සුතමත්තං භවිස්සති (ඇසෙන දෙය ඇසීමක් පමණක්ම වේවා)
    3. මුතේ මුතමත්තං භවිස්සති (දැනෙන/ඝ්‍රාණය වන දෙය දැනීමක් පමණක්ම වේවා)
    4. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති (සිතෙන දෙය සිතීමක් පමණක්ම වේවා)
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,343
    1
    6,165
    113
    සෝවාන් උන දවසක කියපන් කෝ 🤭
    මම සෝවාන් උන දවසක කොහොමද ඔප්පු කරන්න ඕනි සෝවාන් උනා කියලා ?