නිවන් මාර්ගය දැන සිටියත් එය ප්‍රායෝගිකව මාර්ගය වඩන ආකාරය බොහෝ කල් මා සොය සොයා ඉදියත් ; සම්මුඛ උනේම නෑ ; සම්මුඛ වුවත් එහි " නිරවද්‍යතාව සහ ප්‍රායෝගික ස්වභාවය " පිළිබදව තිබූ කුකුස නිසා එක්වර ම විචිකිච්චාව බැහැර කිරීමට හැකි දේශනා මාලාවක් හමුවුණේම නෑ
නමුත් මීට කීප දොහකට ඉහතදී ; හදිසියේ මා සවන් වැටුණ මෙම දේශනාව නිසා එය වෙනස් වුණා ;
මුන්වහන්සේ නමින් " අති පූජනීය ඉලුකේගම අත්තදස්සී ස්වාමීන් වහන්සේ " දශක දෙකකුත් අටවසකුත් ගිහි ජීවිතයේ කම් සැප විඳ භද්‍ර යෞවන වියේම අමා මහ නිවන සොයාගෙන තම සංසාර චක්‍රය නැවතීමේ චාරිකාව ආරම්භ කළ උතුම් යතිවරයාණන් වහන්සේ නමක්
මෙම දේශනාව තුළ ; උන්වහන්සේගේ විදසුන් භාවනාව වැඩීමේ අත්දැකීම් ; ලග්ගල වනයේදී අත්දැකීමට සිදුවූ බියකරු අමනුෂ්‍ය බාධාවන් ; විදසුන් කමටහන් උපදෙස් ; සතර මහා භූත විදසුන් කිරීම මගින් නිවන සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය පිළිබඳ උන්වහන්සේ ලද ප්‍රායෝගික අත්දැකීම් විස්තර කිරීමක් අන්තර්ගතවේ !
පින් ඇත්තෝ අසත්වා
වැඩිදුර පරිශීලනයට : https://youtube.com/@ven-ilukegamaatthadassithero.?si=WUzRFbEndw_7mx-c
https://tipitaka.lk/cloud/2466