මුන්ට තේරුම කියලා හිටපන්
“Algorithm” කියන වචනයට සිංහලෙන් සාමාන්‍යයෙන් කියන්නේ:
“ක්‍රමලේඛය”
හෝ
“ගැටලුවක් විසඳීමට පියවරෙන් පියවර ක්‍රමයක්”
උදාහරණයක්:
කම්පියුටර් වැඩසටහන් වලදී algorithm එකක් කියන්නේ, යම් කාර්යයක් කිරීම සඳහා අනුගමනය කරන නියමිත පියවර මාලාවක්.
සරල උදාහරණයක්: තේ හදන algorithm එක:
1. වතුර උණු කරන්න
2. තේපැන් දාන්න
3. සීනි දාන්න
4. කිරි දාන්න
5. කලවම් කරන්න
මේ වගේ step-by-step ක්‍රමයක් තමයි algorithm එකක් කියන්නේ.
ඔය තේ හදන example එක algorithm කියන එකේ මූලිකම අදහස තේරුම් ගන්න හොදයි.
හැබැයි YouTube algo එක කියන්නේ ඔය තේ හදනවා වගේ සරල හැමදාම එකම විදිහට වෙන steps 5ක වැඩක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් complex.
තේ හදනකොට ඔයා සීනි හැඳි දෙකක් දැම්මොත් ඒක හැමදාම පැණි රසයි. ඒක වෙනස් වෙන්නේ නැ. හැබැයි YouTube එකේදී වෙන්නේ ඔයාට ඕන මොන වගේ තේ එකක්ද කියලා YouTube එක හැම තත්පරේම අනුමාන කරන එක.
තේ හදන algorithm එකට අලුතෙන් හිතන්න බැහැ. හැබැයි YouTube algorithm එක බලනවා ඔයා අද බැලුවේ ක්‍රිකට් video එකක්ද එහෙනම් හෙට ඔයාට ක්‍රිකට් වීඩියෝ වැඩිපුර පෙන්නන්න ඕනේ කියලා ඒක තීරණය කරනවා. ඒක හැමදාම ඉගෙන ගන්නවා machine learning කියන්නේ එකට.
තේ හදන්න steps 5යි නම් YouTube එක ඔයාට වීඩියෝ එකක් suggest කරන්න කලින් කරුණු දාහක් විතර බලනවා.
ඔයා වීඩියෝ එකක් කොච්චර වෙලාව බලනවද, ඔයා like comment කරනවද, ඔයා වගේම වෙන අය බලන්නේ මොනවාද ඒ වගේ දේවල්.
තේ හදන විදිහ ලෝකෙටම එකක් වුණාට YouTube lago එක මට එකක් ඔයාට තව එකක්. ඒක personalized එකක්.
සරලවම කිව්වොත් වෙනස මේකයි
තේ හදන example එක static. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැ. YouTube algorithm එක dynamic හැමවෙලේම වෙනස් වෙනවා. තේ හදන එකේ කලින් තීරණය කරපු steps ටික විතරයි කරන්නේ. YouTube algorithm එක ඔයාගේ හැසිරීම අනුව තනියම තීරණ ගන්නවා. තේ හදන algo එකේ target එක වෙන්නේ තේ එකක් හදන එක විතරයි. YouTube algorithm එකේ target එක වෙන්නේ ඔයාව පුළුවන් තරම් වෙලා YouTube එකේ තියාගන්න එක.
ඒ නිසා algorithm එකේ තේ හදන example එක algorithm එකක base එක වගේ. හැබැයි YouTube algorithm එක කියන්නේ ඒ base එක උඩ ගහපු තට්ටු 100ක විතර ලොකු බිල්ඩින් එකක්.
ඒක හරියට නිකන් හිත කියවන්න පුළුවන් රොබෝ වේටර් කෙනෙක් වගේ. ඔයාට බඩගිනි වෙනකොටම ඔයා ආසම කෑම එක මේසෙට ගෙනත් තියනවා වගේ වැඩක් තමයි YouTube එක කරන්නේ. ඒක නිකන්ම නිකන් steps ටිකක් set එකක් දීපු command prompt එකක් නෙමේ. AI use කරලා ගහන ලොකු ගේම් එකක්.