මගේ ලීස් එකක් තිබුන CDB එකේ.
බැංකු ලෝන් එකකින් ගත්තෙ නැත්තෙ ඇයි කියල මම මටම ටොකු ඇණගෙන තියෙනවා ඕකුන් එක්ක වැඩ කරද්දි.
1. බලෙන් අවුරුද්දකට පාරක් ගාණක් කපාගන්නවා customer review කියල. මම ඇහුව තොපි මාව review කරන්න මගෙන්ම ගාණ කපන්නෙ ඇයි කියල. හැම අවුරුද්දෙම උන්ට බැනල බැනල රිෆන්ඩ් කරගන්නවා.
2. බලෙන් insurance එකක් දාල ගාණ කපනවා. ඒකටත් අවුරුද්දකට පාරක් ලේ රත් කරගෙන බනින්න ඕන.
3. මම ගෙව්වෙ උන්ගේම savings account එකක් හදල ඒකෙන් standing order එකක් දාල ගෙවන්න නියමිත දිනයට කලින් දවසෙ. උන්මයි කිව්වෙ කලින් දවසට දැම්මම ඇති කියල. හැබැයි savings එකෙන් අඩුවුණාට කවදාවත් උන්ගෙ ලීසිං එකවුන්ට් එක හරි විදිහට update වුනේ නෑ. දවස් කීපයකට පස්සෙ update වෙන්නෙ. උන් උන්ගේ මේ ප්‍රමාදය ක්‍රිබ් එකට රිපෝට් කරනවා මගේ වරදක් විදිහට. උන්ට බැනල මේක හදාගන්න බැරිවුනා. මට standing order එකේ දවස වෙනස් කරගන්න තිබුන එත් කරේ නෑ.
4. කොවිඩ් කාලේ සල්ලි වැඩි නිසා කලින් ලීස් එක සෙට්ල් කරන්න බැලුව. උන් කිව්ව දැන් ගෙවන වාරිකය x ඉතිරි වාරික ගණන ගෙවන්න කියල. ඒක අහගන්නත් සෑහෙන කට්ටක් කන්න වුනා. බ්‍රාන්ච් එකෙන් ඇහුවම හෙඩ් ඔෆිස් කතා කරන්න කියනවා, හෙඩ් ඔෆිස් එකෙන් ඇහුවම බ්‍රාන්ච් එකෙන් අහන්න කියනවා.
5. ලීස් එක ගන්නකොට වාරික 2ක් මුලින් ගෙවන්න කිව්වා. අන්තිමට අඩු කරනවා කියල. අන්තිමට මාස තුනක් තියල මම කෝල් කරලා ඇහුව මේ මාසෙ ගෙව්වම ඉවරයි නේද කියල. මුන් කිව්වනෙ තව මාස දෙකක් ගෙවන්න තියෙනවා කියල. ඒකටත් බනින්නම වුනා හදාගන්න.
ලීස් කරන්නම ඕන නම් බැංකුවකින් කරන ලීස් එකක් ට්‍රයි කරන්න. (NDB Leasing, Nations Leasing, Peoples Leasing...)
මුන් එක්ක ලීස් එකක් කරගන්න එක හොද දෙයක්ද? මෝඩ කමක්ද?
එහෙමනම් අඩුවට වැඩේ කරගන්න පුළුවන් වෙන තැනක් නැද්ද?