මම මේක මෙතන post කලේ online Group class කරන ගුරුවරයෙක් සම්බන්ධ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඒ දරුවාට උදවුවක් ලැබෙයි කියල හිතාගෙන ....
බණ්ඩාරවෙල වගෙ දුර පලාතක, තාත්තත් නැතුව දුශ්කර ජීවිතයක් ගෙවන දරුවෙක් සියලු සැප සම්පත් එක්ක හැදෙන දරුවො වගේ වෙන්නෙ නෑ .... අනෙක කෙනෙකුගෙ ලස්සන අවලස්සන මනින මිම්ම මොකක්ද ?
ඒ දරුවා පිච්චුන එක ඒ දරුවගෙ වරදින් ද වුනේ ?
ලස්සන අවලස්සන මොකක් වුනත් ඒ දරුවට ඉගෙනගන්න free online class එකක් සම්බන්ධ කරගන්න උදවුවක් කරන්න පුළුවන් කවුරුම හරි ඉන්නව නම් පත්තරය සම්බන්ධ කරගෙන කරන්න පුළුවන් වෙයි මම හිතන්නෙ..
Online class කරන කවුරුවත්ම මම හඳුණන්නෙ නෑනේ
Copied ......
“දරුවා මේ පාර සාමාන්‍ය පෙළ විභායට සූදානම් වෙමිනුයි හිටියේ. දුවගේ ප්‍රතිකාර කටයුතුත් එක්ක වෛද්‍යවරු කියනවා තව මාස හතර පහකටවත් එළියට බහින්න බැරි වෙයි කියලා. ඒ නිසා දුවට පාසල් යන්න බැහැ. ඒත් දරුවාගේ ජීවිතය තව වසරක් ආපස්සට යන නිසා මම උත්සාහ කරන්නේ online පන්ති කරවල හරි දරුවා මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩි කරවන්න. ඇත්තටම උපකාර පන්තියකටවත් දාන්න මට වත්කමක් නැහැ . මේ මාස ටිකේ ඔන්ලයින් හරහා හරි දරුවාට පාඩම් වැඩ උගන්නලා දෙන්න ගුරුවරයෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මහා පිනක්.
------ Post added on Jun 12, 2026 at 6:24 PM