මාර්ග වර්ගය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,237
    2,092
    113
    (273) මාර්ගයන් අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයින් අතුරෙන් දුක්ඛාය (සත්‍ය) පදයෝ සතර දෙන ශ්‍රේෂ්ඨයහ. ධර්මයන් අතුරෙන් නිර්වාණයයි කියන ලද නොඇල්ම ශ්‍රේෂ්ඨයි. දෙපාඇති සත්වයන්ට පසැස් ඇති තථාගතතෙම ශ්‍රේෂ්ඨයි.
    2.(274) (මාර්ගඵලයයි කියන ලද) දර්ශනයාගේ විශුද්ධිය පිණිස මේ මගය. අනික් මගෙක් නැති තෙපි මේ මාර්ගයෙහි පිළිපදුව මේ (ආර්ය අෂ්ටාංගික මාර්ගය) මාරයා මුළා කරන්නේය.

    - One needs to follow 8 fold path for ANY magga/pala, There is no other way
    3.(275) මෙහි (ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි) පිළිපන්නාවූ තෙපි සියලු (වෘත්ත) දුක්ඛය කෙළවර කරව්. (රාගාදි) උල් දුරු කරන්නාවූ මේ (ආර්ය) මාර්ගය (ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම) දැන මා විසින් කියන ලදී.
    4.(276) තොප විසින් සම්‍යක් ප්‍රධාන වීර්යය කටයුතුයි. සර්වඥවරයෝ (නිවණට පමුණුවන මග හුදෙක්) කියන්නාහුම වෙති. (කියන ලෙස) පිළිපන්නාවූ යෝගාවචරයෝ මාර බන්ධනයෙන් මිදෙන්නාහුයි.
    5.(277) සියලු සංස්කාරයෝ අනිත්‍යහයි (යම් කලෙක්හි විදර්ශනා ප්‍රඥාවෙන්) දකීද එකල්හි මේ ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙන්නේය. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයයි.

    anicca can only be seen by vidarshana nyaana - not by thinking/logics
    6.(278) සියලු සංස්කාරයෝ දුක්ඛයහයිද යම් කල්හි (විදර්ශනා ප්‍රඥාවෙන්) දකීද එකල්හි (මේ ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙයි. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයයි.
    7.(279) සියලු ධර්මයෝ අනාත්මයහයි යම් කලෙක්හි විදර්ශනා ප්‍රඥාවෙන් දකීද, එකල්හි මේ (ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙයි. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයකි.
    8.(280) (වීර්ය කරන්ට) සුදුසුකල්හි වීර්ය නොකරන්නේ තරුණ වූයේද, කායබල ඇත්තේද, ඉදින් අලසකමින් යුක්ත නම් අතිශයින්ම සිත් ඇතියේ කුසීතවූයේ කම්මැළිවූයේ ප්‍රඥාවෙන් දැක්ක යුතුවූ ආර්ය මාර්ගය නොලබන්නේය.
    9.(281) වචනින් රැකුනේ වේද, මනසින් සුසංවෘතද කයිනුත් අකුසල් නොකරන්නේවේද, මේ කර්ම පථයන් තුන්දෙන යමෙක් පිරිසිදු කෙරේනම් හෙතෙම (බුද්ධාදී) සෘෂීන් විසින් ප්‍රතිවේධ කරණ ලද ආර්ය මාර්ගය සිද්ධ කරන්නේය.

    10.(282) (අටතිස් අරමුණෙහි යෝනිසෝමනසිකාරයෙහි) භාවනය (සිත වැඩීම) හේතුකොටගෙණ ඒකාන්තයෙන් (ලොකොත්තර) ප්‍රඥාතොම උපදනීය. භාවනා (මනස්කාර) යෙහි නොයෙදීම හේතුකොටගෙණ ප්‍රඥාවගේ විනාශය වෙයි. වැඩ පිණිසද අවැඩ පිණිසද පවත්නාවූ මේ දෙමග දැන යම්සේ ප්‍රඥාව වැඬේද, එසේ තමා (යෝනිසෝමනසිකාරයෙහි) පිහිටු වන්නේය.

    @Blair Solari
    11.(283) මහණෙනි, කෙලෙස් නැමැති වනය කපව්. රුක් නොකපව්. (රාගාදී කෙලෙස්) වනයෙන් (ජාතිභයාදී) භය උපදවන්නේය. (මහත් කෙලෙස් නැමැති) වනයද වාසය (අර්හත් මාර්ග ඥාන නැමැති ශස්ත්‍රයෙන්) කපා කෙලෙස් වනරහිතවව්.
    12.(284) ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයාගේ ස්වල්පමාත්‍රවූ ද කෙලෙස් නැමැති වනය යම්තාක් කල් නොසිඳේද, ඒතාක් කල් ඒ පුරුෂ තෙම මව කෙරෙහි ප්‍රේමයෙන් ඇලුණු කිරිබොන වස්සෙකු මෙන් එක්ව බැඳුණු සිත් ඇත්තේම වේ.
    13.(285) සරත් කාලයෙහිවූ කුමුදු මලක් අතින් (උදුරා ගන්නාක්) මෙන් තමාගේ (තෘෂ්ණායයි කියන ලද) ස්නේහය අර්හත් මාර්ග ඥාන (නැමැති ශස්ත්‍ර) යෙන් සිඳපියව. අෂ්ටාංගික මාර්ගයම වඩව. නිර්වාණය තථාගතයන් විසින් දෙසන ලදද එහෙයිනි.
    14.(286) වැසි සාරමස මෙහිම වෙසෙමි. හිමත් සාරමසද ගිමන් සාරමසද මෙහිම වෙසෙන්නෙමි. මෙසේ අඥාන පුද්ගලතෙම සිතයි. (තමහට වන) ජීවිතාන්තරාය නොදකියි.
    15.(287) දරුවන් හා ගවමහීෂාදීන් කරණකොට ගෙණ වෙසෙසින් මත්වූ විශේෂයෙන් ලග්නවූ (ඇලුණු) සිත් ඇති ඒ මනුෂ්‍යයා නිදන්නාවූ ගම්වැසි ජනයා (මුහුදට ගෙණ යන්නාවූ) මහ වතුරක් මෙන් මරණ තෙම හැරගෙණ යන්නේය.
    16.(288) මරහු විසින් මඩනා ලද සත්වයාට ආරක්‍ෂාව පිණිස දරුවෝ නොවන්නාහ. පියෙක්ද නොවන්නේය. සෙසු නෑයෝද (ආරක්‍ෂාව පිණිස) නොවන්නාහ. නෑයන් කෙරෙහි පිහිට වියයුතු බවෙක් නැති.

    17.(289) මේ කාරණ දැන ශීලයෙන් සංවරණයවූ නුවණැත්තේ නිවන් යන මග වහාම පිරිසිදු කර ගන්නේය.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,310
    7,194
    113
    I’m genuinely curious about the intention behind a post like this. Do you think anyone in EK at the moment is capable of understanding any of this or willing to have a genuine discussion? Probably ten years ago we could have had a proper conversation, but don’t you think it’s a complete waste of time now?
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    anicca can only be seen by vidarshana nyaana - not by thinking/logics

    🙏🏻🙏🏻

    අනිවාරෙන්..

    අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන්නෙ නීවරණ සමථ ප්‍රතිපදාවක හික්මිලා, ගුණාංග වඩන්, මනාව ධර්ම ශ්‍රවණය, මනසිකාරය නේද?

    ඔබතුමා මෙතන ඉදන් හාමුදුරුවෝ දේශනා කරන දේවල් වලට එකඟද?

    (ටයිම්ස්ටෑම්ප් ටැග් වෙලා නැත්තම් 2:38:00 ඉදන් බලන්න)
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,237
    2,092
    113
    🙏🏻🙏🏻

    අනිවාරෙන්..

    අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන්නෙ නීවරණ සමථ ප්‍රතිපදාවක හික්මිලා, ගුණාංග වඩන්, මනාව ධර්ම ශ්‍රවණය, මනසිකාරය නේද?

    ඔබතුමා මෙතන ඉදන් හාමුදුරුවෝ දේශනා කරන දේවල් වලට එකඟද?

    (ටයිම්ස්ටෑම්ප් ටැග් වෙලා නැත්තම් 2:38:00 ඉදන් බලන්න)

    කොහොම එකග වෙන්න ද බන්...හාමුදුරුවො පටන්ගන්නකොටම බයිල කියනකොට

    හාමුදුරුවො: සතිපට්ටනය වඩන්න කියල ත්‍රිපිටකයෙ කොහෙවත් නැත.. 🤷‍♂️

    “මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    කොහොම එකග වෙන්න ද බන්...හාමුදුරුවො පටන්ගන්නකොටම බයිල කියනකොට

    හාමුදුරුවො: සතිපට්ටනය වඩන්න කියල ත්‍රිපිටකයෙ කොහෙවත් නැත.. 🤷‍♂️

    “මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.

    ප්‍රතිපදා පැත්තෙන් නෙමෙයි, "පජානාති" කියන දේ පෘථග්ජන පී.ඕ.වී. එකකින් වෙන්න පුලුවන්ද?

    පෘථග්ජනයා අරමුණ නිත්‍ය, සුඛ, ආත්ම සංඤාව තුල ඉදන් මොනවා වැඩුවත්, මඤ්ඤණාවට එහා විපස්සනාවක් එතන වැඩෙනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,237
    2,092
    113
    ප්‍රතිපදා පැත්තෙන් නෙමෙයි, "පජානාති" කියන දේ පෘථග්ජන පී.ඕ.වී. එකකින් වෙන්න පුලුවන්ද?

    පෘථග්ජනයා අරමුණ නිත්‍ය, සුඛ, ආත්ම සංඤාව තුල ඉදන් මොනවා වැඩුවත්, මඤ්ඤණාවට එහා විපස්සනාවක් එතන වැඩෙනවද?

    ත්‍රිප්‍රිටකයෙ නැ කියල කෙලින්ම කියනවනෙ බන්...

    විපස්සනා න්යාන වැඩෙන්නෙ සොවාන් මාර්ග/පල චිත්ත වීද්යට කලින් නම්... විපස්සනව වැඩිල තියෙන්නෙ පෘතක්යන බාවය තුල නෙවේ ද?

    I’m genuinely curious about the intention behind a post like this. Do you think anyone in EK at the moment is capable of understanding any of this or willing to have a genuine discussion? Probably ten years ago we could have had a proper conversation, but don’t you think it’s a complete waste of time now?

    better than a political discussion or some celebrity stuff.. ya?
    ------ Post added on Jul 5, 2026 at 8:12 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    විපස්සනව වැඩිල තියෙන්නෙ පෘතක්යන බාවය තුල නෙවේ ද?

    හරියට වැඩුනනම් එතනින් පෘථග්ජන බාවය ඉවරයි නේද?

    ඊයේ කතාවක් ඇහුවා වැද්දෙක්ගේ සීන් එකක්. එයාගේ වයිෆ් පොඩි කාලෙම සෝවාන්. වැද්දයි, ළමයි ටිකයි පස්සේ බුදුහාමුදුරුවොන්ගෙන් බන අහලා සෝවාන් වෙනවා..

    මේ කැලේ දඩයම් කර කර හිටපු අය.. දැහැන් වඩපු අය නෙමෙයි..

    හරියට ඇහුනානම්, විපස්සනාව වැඩුනනම්, එතනම සෝවාන් වෙන්න ඕනේ නේද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,237
    2,092
    113
    හරියට වැඩුනනම් එතනින් පෘථග්ජන බාවය ඉවරයි නේද?

    පෘතක්ජන භාවය ඉවර වෙන්නෙ මාර්ග සිතේ

    තිලක්ශනය දකින්නෙ..විපස්සනා න්යාන ඇති වෙන්නෙ මග්ග සිතට කලින්..පෘතක්යන භාවය තුලමයි

    ප්‍රජ්නාව අතිවෙන්නෙත් පෘතක්ජන භාවය තුලමයි...

    පජානති වෙන්නෙත් පෘතක්ජන භාවය තුලමයි...

    ඊයේ කතාවක් ඇහුවා වැද්දෙක්ගේ සීන් එකක්. එයාගේ වයිෆ් පොඩි කාලෙම සෝවාන්. වැද්දයි, ළමයි ටිකයි පස්සේ බුදුහාමුදුරුවොන්ගෙන් බන අහලා සෝවාන් වෙනවා..

    මේ කැලේ දඩයම් කර කර හිටපු අය.. දැහැන් වඩපු අය නෙමෙයි..

    හරියට ඇහුනානම්, විපස්සනාව වැඩුනනම්, එතනම සෝවාන් වෙන්න ඕනේ නේද?

    උබ දන්නවද එයාලගේ චයිතසික අටේ ස්වාභාවය පෙර භව වලින් පුරුදු කරගෙන ආපු ඒව?

    අනිත් එක..

    උග්ගටිතන්න කරපු දෙයක් නෙය්ය උන අපිට ඒ විදිහට කරන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න එක ගොඩක් උන් කරන මොඩ කමක්..

    පාඩම කියන කොට අගගෙන එක්සැම් එකට ගිහිල්ල 100 ගත්ත එකෙක් බලල...හැම එකාටම එහම කරන්න පුලුවන් කියල නැ..

    වෙන කෙනෙකුට..පාඩමත් අහගෙන...එක රෙකෝඩ කරගෙන..ගෙඩර ගිහිල්ල අයෙත් අහල...පාස් පේපසුත් කරල තමයි එක්සැම් එක ගොඩ දාගන්න වෙන්නෙ..

    එක සුත්‍රයක තියෙනව....හාමුදුරු කෙනෙක්...නිවන් සදහා පලෙවෙනි ද්යානයට යනව..එක පිරිහෙනව..කොහොම හරි දෙවෙනි එකටත් යනව..එකත් පිරිහෙනව...කොහොම හරි 4ටත් හිගිල්ල ඒකත් පිරිහෙනව...අන්තිමට අල්ලල දාල සිය දිවි නසාගන්නව...

    බුද්ද කාලෙත් කියාක් හිටියද බන්...අවුරුදු ගනන් කරගන්න බැරි උන...උබ කියන විදිහට..වැද්ද එක සැරින් උනාම...අනිත් උන්ත් වෙන්න /එපෙයි..මොකො බුදු හාමුදුරුව්නගේ වැරදි දහමක් ඇහුනෙ නැ නෙ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    හාමුදුරු කෙනෙක්...නිවන් සදහා පලෙවෙනි ද්යානයට යනව..එක පිරිහෙනව..කොහොම හරි දෙවෙනි එකටත් යනව..එකත් පිරිහෙනව...කොහොම හරි 4ටත් හිගිල්ල ඒකත් පිරිහෙනව...අන්තිමට අල්ලල දාල සිය දිවි නසාගන්නව...

    වෙන්න පුලුවන්.
    imho, ධ්‍යාන/ නිවන දෙකක්. ඉතින් මාර්ගඵල නොලබා ධ්‍යාන විතරක් වැඩුවොත්, වඩපු ධ්‍යාන පිරිහෙන්න පුලුවන්..
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    354
    63
    Gampaha
    මෙන්න මේ හාමුදුරුවෝ බුදු දහමේ දේවල් විද්‍යාව ඇසුරින් විස්තර කරනවා.

    උදාහරණයක් විදිහට සිතුවිලි තරංග ආකාරයට ගමන් කරනවා. ද්වේෂ, වෛර, රාගවල තරංග කම්පන එකක් එකක් වෙනස්. මෙන්න මේ විදිහට බුදුන් වහන්සේගේ හැම ඉගැන්වීමක්ම විද්‍යාත්මක පදනමක් තියෙනවා කියන එක මේ හාමුදුරුවන්ගේ දේශනවල පැහැදිලි කරනවා.

    මේ ගැන ඔබගේ අදහස මොකක්ද?
    @Blair Solari @ek_rosh

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    පජානති වෙන්නෙත් පෘතක්ජන භාවය තුලමයි...

    තත්පරේකට අඩු කාලෙන් සේඛ වෙලානේ නවතින්නේ..

    x බන අහනවා. x හිතාගන්නවා, y ක්‍රියාකාරකම කාලයක් practice කරොත් නිවන් දකින්න පුලුවන් කියලා. එයා ආයෙත් බන නොහා නිවන් දකින්න බලාපොරොත්තුවෙන් y practice කරනවා..

    z බන අහනවා මනාව. ගෙදර ගිහින් අහපු බන මනාව වීමසනවා. නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මෙනවා..
    නැවත නැතව විවිධ පර්යාය වලින් දේශවා කරපු ධර්මය මනාව අහනවා, විමසනවා..

    යෝනිසෝ මනසිකාරය x ගේ උපදින්නද වැඩි චාන්ස් එකක් තියෙන්නේ, z ගේ උපදින්නද?

    උග්ගටිතන්න කරපු දෙයක් නෙය්ය උන අපිට ඒ විදිහට කරන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න එක ගොඩක් උන් කරන මොඩ කමක්..

    අපි නෙයිය වෙන්නේ ඇයි?

    බුද්ධ ශූන්‍ය කාලවලත් හතරපද ගාථාවෙන් රහත් වෙන්න පුලුවන් අය ඉන්නවා..

    මේ ගැන ඔබගේ අදහස මොකක්ද?
    @Blair Solari @ek_rosh

    මන් පවුද්ගලිකව කැමති නැහැ විද්‍යාත්මක අර්ථකථන බුධිසම් වලට දෙනවට..

    ඒත්, imho, ධර්ම දේශනයක අභිප්‍රාය වෙන්න ඕනේ කුසලය උපදීම, අකුසලය දුරු වීම..
    (ex: පෘථග්ජන කෙනෙක් අහනවනම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස (අකුසල්) දුරු වෙලා කුසලය (ප්‍රඥාව) උපදින්න ඕනේ..)

    imho, උඩ කියපු විදිහට වෙන්න විපසස්නාවට ගන්න පුලුවන් කමටහනක් විද්‍යාවේ තියෙන වචන අරගෙන දෙන්නත් පුලුවත් සේඛ, අසේඛ උතුමෙක්ට..

    imho, ඒත් ධර්මය විදිහට බුදු කෙනෙක් දේශනා කරන්නේ හොඳම, අවබෝධ කර ගන්න සරලම විදිහ..

    මන් පෞද්ගලිකව විපස්සනා කමටහනක් ඔය දේශනාවෙන් දකින්නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: Shehan333

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,151
    113
    Mother Earth
    ශ්‍රී ලංකාවේ සමස්ත මාර්ග පද්ධතිය කිලෝමීටර 108,000 කින් පමණ සමන්විත වන අතර, එයින් ප්‍රධාන ජාතික මාර්ග කිලෝමීටර 12,000 කට අධික ප්‍රමාණයක් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වේ. මෙම මාර්ග ප්‍රධාන පන්ති කිහිපයකට වර්ග කර ඇත: 🤷‍♂️
    • A ශ්‍රේණියේ මාර්ග (AA, AB, AC): අගනුවර සහ ප්‍රධාන නගර එකිනෙක සම්බන්ධ කරන ප්‍රධානතම මාර්ග
    • B ශ්‍රේණියේ මාර්ග: දිස්ත්‍රික්ක තුළ ප්‍රධාන නගර A ශ්‍රේණියේ මාර්ග පද්ධතියට සම්බන්ධ කරන මාර්ග
    • E ශ්‍රේණියේ මාර්ග (අධිවේගී මාර්ග): රටේ නගර රැසක් එකිනෙක ඉතා වේගයෙන් හා ආරක්ෂිතව සම්බන්ධ කරන අධිවේගී මාර්ග මාර්ග සංවර්ධන අධිකාරිය.
    • C සහ D ශ්‍රේණියේ මාර්ග: ප්‍රාදේශීය සහ ග්‍රාමීය මාර්ග පද්ධතිය
     
    • Haha
    Reactions: PK Amaris

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    බුද්ද කාලෙත් කියාක් හිටියද බන්...අවුරුදු ගනන් කරගන්න බැරි උන...උබ කියන විදිහට..වැද්ද එක සැරින් උනාම...අනිත් උන්ත් වෙන්න /එපෙයි..මොකො බුදු හාමුදුරුව්නගේ වැරදි දහමක් ඇහුනෙ නැ නෙ?

    මන් කියන්නැහැ නීවරණ සමථවෙන ප්‍රතිපදාවල හික්මෙන්න, භාවනා කරන්න එපා කියලා කොහෙවත්..
    මන් කියන්නේ ධර්ම ශ්‍රවණය එක්ක, අනිත් ප්රැක්ටිසස් කරන්න කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,994
    113
    මන් කියන්නැහැ නීවරණ සමථවෙන ප්‍රතිපදාවල හික්මෙන්න, භාවනා කරන්න එපා කියලා කොහෙවත්..
    මන් කියන්නේ ධර්ම ශ්‍රවණය එක්ක, අනිත් ප්රැක්ටිසස් කරන්න කියලා.
    Mona practice genada blair uba kiyanne?tawa tawath darma shrawanaya karanna one nan practice eka gena hariyata ahila nane.itin karanne mokadda practice eka kiyala
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    Mona practice genada blair uba kiyanne?tawa tawath darma shrawanaya karanna one nan practice eka gena hariyata ahila nane.itin karanne mokadda practice eka kiyala

    හරියට ඇහුනනම් සෝවාන් වෙන්න ඕනේ.

    හරියට ඇහිලා නැහැ = පෘථග්ජන
    so, තව තව අහන්න ඕනේ අනිවාර්යෙන්..

    ඉතින් සේඛ භූමියේ හිටියත් දිගටම අහන්න ඕනේ..
    මොකද සේඛද, පෘථග්ජනද කියලා හරියටම කියන්න පුලුවන් බුදුන් අද නැහැනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,994
    113
    හරියට ඇහුනනම් සෝවාන් වෙන්න ඕනේ.

    හරියට ඇහිලා නැහැ = පෘථග්ජන
    so, තව තව අහන්න ඕනේ අනිවාර්යෙන්..

    ඉතින් සේඛ භූමියේ හිටියත් දිගටම අහන්න ඕනේ..
    මොකද සේඛද, පෘථග්ජනද කියලා හරියටම කියන්න පුලුවන් බුදුන් අද නැහැනේ.
    Ubata amuthu deyak patalila tiyenne.oka man explain karanan tikakin.
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,237
    2,092
    113
    තත්පරේකට අඩු කාලෙන් සේඛ වෙලානේ නවතින්නේ..

    වෙනස තප්පරයකට අඩු නිසා...පෘත්ක්ජනයට විපස්සනාව වැඩෙන්නෙ නැ කිව්වම හරි වෙනවද?...ත්‍රිපිටකයෙ සතිපට්ටනය වඩන්න කියල කියල තියෙඩ්දේ...ත්‍රිප්‍රිටකයෙ එහෙම නැති වෙනවද?

    x බන අහනවා. x හිතාගන්නවා, y ක්‍රියාකාරකම කාලයක් practice කරොත් නිවන් දකින්න පුලුවන් කියලා. එයා ආයෙත් බන නොහා නිවන් දකින්න බලාපොරොත්තුවෙන් y practice කරනවා..

    x හිතාගෙන ඉන්න ක්‍රියාකාරකම හරි නම්...චාන්ස් එකක් තියෙනව

    z බන අහනවා මනාව. ගෙදර ගිහින් අහපු බන මනාව වීමසනවා. නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මෙනවා..
    නැවත නැතව විවිධ පර්යාය වලින් දේශවා කරපු ධර්මය මනාව අහනවා, විමසනවා..

    යෝනිසෝ මනසිකාරය x ගේ උපදින්නද වැඩි චාන්ස් එකක් තියෙන්නේ, z ගේ උපදින්නද?

    0 චාන්ස්..කොච්චර බන ඇහුවත් වෙන්නෙ අයෝනිසෝ නිසා...යෝනිසෝවලට යන ප්‍රැක්ටිස් නැති නිසා..

    @Emios
    ගේ ඇප්‍රෝච් එක හරි....ඇප්‍රොච් එකෙන් කරන්න යන ප්‍රැක්ටිස් එක හරි ද දන්නෙ නැ..එක නිසා ප්‍රතිපලේ හරියාන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්...

    උබෙ ඇප්‍රොච් එකම වැරදි...හරි යන්න විදිහක්ම නැ ප්‍රතිපලෙ ඒක නිසා..

    අපි නෙයිය වෙන්නේ ඇයි?

    බුද්ධ ශූන්‍ය කාලවලත් හතරපද ගාථාවෙන් රහත් වෙන්න පුලුවන් අය ඉන්නවා..

    බන දැන් කොච්චර අහල තියෙනවද? බුදුන්ගෙ කාලෙ හිටියෙ කිසිම කෙනෙක් මෙච්චර බන අහල නැතිව ඇති නේ...ඒ කෙනෙක් පරියාය එකක් දෙකක් අහල ඇති ඕනෙ නම්...පරියායන් කීයක් අහල ඇති ද දැන්?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    බන දැන් කොච්චර අහල තියෙනවද? බුදුන්ගෙ කාලෙ හිටියෙ කිසිම කෙනෙක් මෙච්චර බන අහල නැතිව ඇති නේ...ඒ කෙනෙක් පරියාය එකක් දෙකක් අහල ඇති ඕනෙ නම්...පරියායන් කීයක් අහල ඇති ද දැන්?

    ගොඩක් අහලා තියෙනවා..

    අනාත පිණ්ඩික සිටුතුමා, විශාඛාව එක පාරක් විතරද බන අහන්න ඇත්තේ?