Mona rajaye ayathanenda meka ahanna one kiyala uba aduma kiyapanko mata
මෙහෙමයි. රු: 20000 ට වැඩි නම් විකුනන එකේ වටිනාකම.
ඔය භාන්ඩය හෝ සේවාව ගන්න කෙනා ඉල්ලුවොත් ගෙව්ව ගාන දාල receipt එකක් දෙන්න කියල,
ඒක අනිවා දෙන්න ඕනෙ ඔයාගෙ නම ගම ඇඩ්‍රස් හැදුනුම් පත් අන්ක, විස්තර දාල (බිස්නස් රෙජිස්ටර් කරල නැති නිසා)
ඒකට හේතුව තමයි ලන්කාවෙ 20000 ට වැඩිය කරන ගනුදෙනු taxable (through stamp duty).
stamp duty ගෙව්වෙ නැතත් ඕක අදාලයි.
එහෙම උනාම අනිවා ඕකෙ බලාත්මක නීතිමය පැත්ත අයිති වෙන්නෙ inland revenue එකට (receipt නිකුත් කිරීම කලයුතු වන්නේ කුමන පාර්ශවද යන්න සහ tax brackets regulate කරන නිසා) සහ consumer affairs එකටත් සම්බන්දයි මොකද පැමිනිලි යන්නෙ ඒකට නිසා.
හොදම වැඩේ consumer affairs එකට කතා කරල අහන එක.
ඊට පස්සෙ ඒකෙන් හරියටම උත්තරයක් ආවෙ නැත්තන් inland revenue එකට කෝල් කරල අහන්න.
එයාලට කියන්න මට නීත්‍යානුකූලව ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනෙ.
බදු ෆයිල් එකට evidence දාන්න බලාගෙන තමන්ගෙ නමින් බිලක් ඉශූ කරාම හරි නේද වගේ.
ඒ එක්කම අහල බලන්න එහෙම බාන්ඩයක් විකුනනකොට receipt එකක් දෙන්නම ඕනෙද වෙන evidence පෙන්නන්න පුලුවන් නම් කියල (එහෙම ඇහුවම ඒක අනිවාර්යය ද කියල හොයන්න පුලුවන්). තව හරියටම බ්‍රැකට් පටන් ගන්නෙ මොන ගානෙන් ද කියල.
කොහොම කලත්, ඉස්සෙල්ලම consumer affairs එකට කතා කරල අහන්න උන් එක්ක කතා කරන්න ලේසි වෙයි අර inland revenue එකේ ඉන්න ඩයල් වලට වඩා.
උබ හරියටම ප්‍රශ්නෙ කිව්ව නම් තව පොඩ්ඩක් හොයල බලන්න තිබ්බ.
උබේ රියල් එක නැතුව වෙන ලගින් යන ඇත්තටම වෙච්ච දේට ලගින් යන ආදේශකයක් කියපන් බලන්න.
කස්ටමර් ගේම ඉල්ලනවද උබ අනිවා දෙන්න ඕනෙ වගේ?
නැත්තන් ආපු ඉන්කම් එක හන්ගන්න ක්‍රමයක් ද ඕනෙ?
